නිය පොතු වල සුන්දරත්වය තබා ගැනීමට දැන ගත යුතු රහස් කිහිපයක්

January 3, 2019
16,144
How to keep nails beautiful
කාන්තාවන් කවුරුත් කැමතියි තමන්ගේ නිය ඉක්මනින් ශක්තිමත්ව වැවෙනවා නම්. නියපොතු හැදෙන්නේ කැරොටීන් කියන ප්‍රෝටීනයෙන්. ඉතින් නියපොතු වල ආරාක්ෂාවට සහ වැඩීමට කැරට්, බතල, වට්ටක්කා වගේ එළවලු ඉතා ගුණයි. කාන්තාවන් නිතර නිය අලෙපනයන් භාවිතා කරන නිසා ඒවායේ තියෙන රසායනික ද්‍රව්‍ය නිය පොතු වලට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයා නොදැනුවත්ම ඔයා ඔයාගේ නියපොතු වලට හානි කර ගන්නවා. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ නියපොතු වල සුන්දරත්වය හැමදාටම රැක ගන්න රහස් කිහිපයක් කියලා දෙනවා.

නිය ආලේපන අලේප කරද්දී

පළමුවෙනිම දේ තමයි නිය ආලේපන වල ප්‍රමිතිය. මොකද ප්‍රමිතියක් නැති නිය ආලේපන නිසා නියපොතු වලට වන හානිය හුගාක් වැඩියි. කාන්තාවන් නිතරම නිය ආලේපන ගල්වන නිසා ඔබ අනිවාර්යයෙන් බේස් කෝට් (Base Coat) එකක් නිය ආලේපනය ගල්වන්න කලින් නියපොතු වල ගාන්න ඔනේ. එමගින් නිය පොතු වලට වන හානිය වළක්වා ගන්න හැකියි. නිය ආලේපනය වේලෙන්නට හැර ඒ මත ටොප් කෝට් (top coat) එක අලේප කරන්න. ඔයා දන්නේ නැති දෙයක් තමයි නිතරම නිය ආලේපන ගානවිටදී නිය පොතු කහ පැහැති ස්වරුපයක් ගන්නවා. අනිවාර්යයෙන් නිවැරදි ආකාරයට nail polish remover එකකින් නිය ආලේපනය ඉවත් කරන්න.

කහ පැහැති නිය පොතු වලට ස්වභාවික සත්කාර

ලෙමන් සත්කාරය

ලෙමන් වලට ඔයාගේ නියපොතු වල කහ පැහැති ස්වභාවය ඉතා ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. කුඩා බදුනක් ගෙන වතුර ස්වල්පයක් සහ ලෙමන් යුෂ එක් කර විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් තුළ ඔයාගේ නියපොතු ගිල්වා තබමින් දත් බුරුසුවක් ආධාරයෙන් සෙමින් නියපොතු අතුල්ලන්න. පස්සේ ඇල් වතුරෙන් සෝදා ඉවත් කර හොඳින් තෙතමාත්තු කරන්න. තෙතමනය ආරක්ෂා වෙන්න මොයිෂ්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.

බේකින් සෝඩා සත්කාරය 

බේකින් සෝඩා තේ හැඳි එකකට ඔලිව් තෙල් මේස හැන්දක් එක් කර නියපොතු වල ආලේප කර හොඳින් නියපොතු සම්භාහනය කර දත් බුරුසුවක් ආධාරයෙන් සෙමින් අතුල්ලන්න. විනාඩි 10 කින් ඇල් වතුරෙන් සෝදා ඉවත් කර හොඳින් තෙතමාත්තු කරන්න. මෙම සත්කාරය සතියකට දවසක් දෙකක්වත් කර ප්‍රතිඵල ලබා ගන්න.

ඔයා නොදැනුවත්ම ඔයාගේ අතින් වෙන වැරදි

01. ඔයා යමක් ගැන කල්පනා කර කර ඉන්න විටදී එක පාරටම ඔයාට නොදැනුවත්ම නියපොත්ත කටට යනවා. ඒ පුරුද්ද ඇත්තටම නරක පුරුද්දක්. ඉතින් ඔයාටත් ඒ නරක පුරුද්ද තියෙනවා නම් ඒ පුරුද්ද මග හැර ගන්න. මොකද නියපොතු කෑමක් නෙවෙයි නේ.

02. එදිනෙදා කුස්සියේ වැඩ කරන විටදී නියපොතු වලට හානි සිදු වෙනවා. මේ දේ මගහරව ගන්න පුලුවන් එක දෙයක් තමයි අත් වැස්මක් භාවිතා කිරීම. Kitchen Gloves කියලා ඔයාට වෙළඳසැලෙන් ගන්න පුලුවන් රබර් ග්ලවුස් තියෙනවා. මුල් දවස දෙක ටිකක් අමුතුවට දැනුනත් ඉක්මනින්ම ඒ ගතිය මග හැරිලා ඔයා ග්ලවුස් එකට පුරුදු වෙනවා. වලන් පිඟන් හෝදනකොට ඔක්කොම එකතු කරලා එක විට සෝදන්න. එලවළු කපනකොටත් ග්ලවුස් එක පළඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,891
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,658
   50

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
5 skin care tips for your neck
   47,415
   25

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed