සතුට හොයන ඔබ මේ දේවල් අදම අත්හරින්න

April 28, 2017
25,644
10 Things You Should Drop From Your Life Starting Now
අපි ජීවිතය කොයි විදිහට ගත කලත් අපේ හිතට සතුට හොයාගන්න අමාරු වෙලා තියෙනවා. හිතෙන්නේ නැද්ද මොන දේ කලත් ඇයි හැම වෙලේම හිතේ පසුතැවීමක් දුකක් ඉතිරි වෙන්නේ කියලා? ජිවිතයේ සතුට සැනසීම හොයන්න අදම මේ දේවල් අත්හරින්න.

01. ඔබට තරහා, වෛරය වගේ හැඟීම් ඇති කරන දේවල්, පුද්ගලයන් පිලිබඳ මතකය අත්හරින්න. ජීවිතයේ ඔබ ආදරය කරන දේවල්, පුද්ගලයෝ ගැන විතරක් මතක තියා ගන්න.

02. අතීතය ඔබට වෙනස් කරන්න බෑනේ. අතීතයේ වුනු යම් සිදුවීම් පෙළක් එක්ක ජිවිතයේ වර්තමානය සහ ඉදිරිය දුකින් නම් ගත කරන්නේ ඔබ ඔබටම ලොකු අපරාධයක් කර ගන්නේ. එක නිසා, අතීතය අමතක කරන්න. හැබැයි, එයින් ඔබ ඉගෙන ගත්ත පාඩම හැමදාටම මතක තියා ගන්න.

03. අපි කොහොම උත්සහ කලත්, හැම අතින්ම සර්ව සම්පුර්ණ වෙන්න අපිට බෑ. ඉතින් සර්වසම්පුර්ණ වෙන්න ඕනේ කියන අදහස අත්හරින්න.

04. හැමෝවම සතුටු කරන පුද්ගලයෙක් වෙන එක අත්හරින්න. හැමදාම ඕක කරන්න බැරි වැඩක් නේ. ඒකෙන් වෙන්නේ, ඔබට ඔබව නැති වෙන එක.

05. මට බෑ, මේක හරියන්නේ නෑ කියලා ඔබම ඔබේ ගැන ඍනාත්මකව හිතන හැඟීම් අත්හරින්න.

06. අනිත් අයගේ ඕපාදුප, එක එක්කෙනා ගැන තමන් විනිශ්චයකට එන එක අත්හරින්න. අනිත් අයගේ ජිවිත වලින් ඔබට ඇත්තටම වැඩක් නෑනේ.

07. ඔබව පහත් කරලා සලකන, ඔබට නිසි තැන, ගෞරවය දෙන්නේ නැති මිනිසුන්ව අත්හරින්න.

08. තරහ ගිහාම අපි කව්රුත් හැසිරෙන්නේ අමුතුම විදිහකට. අපිමද ඒ කියලත් වෙලාවකට හිතෙනවා නේද? ඉතින් කිසිම හොඳක් නැති ඒ තරහ ගන්න එක අත්හරින්න.

09. මේ ලෝකයේ ඔබ වගේ ඉන්නේ ඔබ විතරයි. ඔබට වෙන කෙනෙක් වගේ වෙන්න බෑ වගේම තමයි, වෙන කෙනෙක්ට ඔබ වගේ වෙන්න බෑ. අන්න ඒ කාරනාව තේරුම් අරගෙන, අනිත් අයත් එක්ක ඔබව සංසන්දනය කරන එක අදම අත්හරින්න.

10. වුන දේවල් වලට පසුතැවිලි වෙන එක නවත්වන්න. හැමදේම වෙන්නේ මොකක්ම හරි හේතුවක් ඇතිව. (ඔබේම මෝඩකම වෙන්නත් පුළුවන්) හැබැයි, දැන් ඒවා අතීතයට එකතු වෙලා ඉවරනේ. ඒක නිසා, පසුතැවිලි වීම අත්හරින්න.

මේ කාරනා ගැන ඔබ හොඳින් හිතලා බලන්න. ඇත්තටම මේ දේවල් අත්හරින්න ඔබ ඔබව පුරුදු පුහුණු කර ගන්නවානම්, කොච්චර හොඳද? ජීවිතය බරක් නැතුව සැහැල්ලුවෙන් ඉදිරියට යන්න මේ කාරනා ඔබට ගොඩාක් වටිනවා.

ඇත්තටම මෙහි වටිනාකම ඔබට වැටහුනා නම්, තවත් කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 247 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:01 AM
Script:/article/247/10-things-you-should-drop-from-your-life-starting-now.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:02 AM
Script:/article/247/10-things-you-should-drop-from-your-life-starting-now.html