අවහිර වූ ධමනි පිරිසිදු කරන සුපිරිම ආහාර

March 21, 2018
15,362
Super food to clean arteries
මේද කොටස් රුධිර නාල වල තැම්පත් වීම නිසා සිදු වන රුධිර නාල අවහිරවීම් හේතුවෙන් ලේ ගමනාගමනය හා ඔක්සිජන් සැපයුම අදාළ වෙනවා. ඒ වගේම හදවත් රෝග ආඝාතය ඇතුළු බෝ නොවන රෝග ඇති වීමේ අවදානමට බොහෝ පිරිසක් ගොදුරු වෙලා. තමන්ගේ ආහාර පාන පිළිබඳව දක්වන අඩු සැළකිල්ල හා වැරදි අහාර පුරුදු නිසා දැනටමත් කොලෙස්ටරෝල් වැනි රෝග වල අවදානමට ලක් වුනු අය වගේම අවදානම ඇති වෙන්න කලින් ආරක්ෂා වෙන්න ඕන කියලා හිතන අය අමතක නොකර මේ ආහාර වර්ග තමන්ගේ ආහාර අතරට එකතු කර ගන්න.

1. සුදුළූණු

අවහිර වුණු ධමනි පිරිසිදු කිරීමට මෙන්ම එහි සෞඛ්‍ය සම්පන්න බවට සුදුළූණු නැතුවම බැහැ. සුදුළූණු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර, හෘදයාබාධ වැළැක්වීම හා ධමනි අවහිර කිරීම සඳහා අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍යක්. දිනපතා ආහාර වේලට සුදුළූණු එකතු කර ගැනීමෙන් කිරීම ඔබගේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ වගේම එය රුධිර වාහිනී පුළුල් කරන්න, රුධිර සංසරණය වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා.

2. දෙළුම්

දෙළුම් කියන්නේ ඉතාමත් ගුණදායක පළතුරක්නේ. ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු දෙළුම් ධමනි වල තැන්පත් වී ඇති මේදය අඩු කර ගැනීමට උපකාර කරනවා. ඒ වගේම දෙළුම් ශරීරයේ නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම ද උත්තේජනය කරමින් ධමනි විවෘත කර රුධිරය ගලා යාම පහසු කරමින් ධමනි තුළ රුධිර කැටිති ඇති වීම වළක්වයි.

දිනපතා දෙළුම් ආහාරාට ගැනීම අසීරු නිසා අවම අවම වශයෙන් සතියකට වරක් වත් දෙළුම් ආහාරයට ගන්න. එහෙම එහෙම නැත්තන් දෙළුම් යුෂ පානය කරන්න. ධමනි පිරිසිදු කර ගන්න වගේම තවත් බොහෝ ලෙඩ රෝග වලින් ඔයාව ආරක්ෂා කරන්න දෙළුම් වලට පුළුවන්.

3. ග්‍රීන් ටී

රුධිර වාහිනී පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට උපකාර වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු ග්‍රීන් ටී විශේෂයෙන් හදවත් රෝග ඇති වීමද අවම කරනවා. ඒ වගේම කොලස්ටරෝල් අවදානමෙනුත් මිදෙන්න පුළුවන්. දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2 ක් පමණ පානය කිරීම ධමනි අවහිර වීම් වලක්වා ගන්න පුළුවන්.

4. නිවිති

පෝෂ්‍යදායි පලා වර්ගයක් තමයි නිවිති කියන්නේ. අපේ හදවත සුරකින ගමන්ම එහි ඇති නයිට්රික් ඔක්සයිඩ් රුධිර කැටිගැසීම් අවම කරමින් ආඝාතය හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මීට අමතරව, විටමින් A හා C හි අන්තර්ගතය වන නිවිති අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්තිවල තැම්පත් වීම වැළැක්වීමට උපකාරී කරනවා.

5. බ්‍රකෝලි

විටමින් K වලින් පොහොසත් බ්‍රකෝලි කැල්සියම් හා තන්තු වලින්ද සමන්විතයි. ඒ මඟින් රුධිර කැටි ගැසීම් අවම කරමින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතරම සහ අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරනවා.

මේ ආහාර වර්ග වලට අමතරව රුධිර වාහිනී පිරිසිදු කරන්න කහ, ඇපල්, අලිගැටපේර වැනි ආහාරත් එක වගේ වැදගත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 712 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:42:32 PM
Script:/article/712/super-food-to-clean-arteries.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:42:32 PM
Script:/article/712/super-food-to-clean-arteries.html