අවහිර වූ ධමනි පිරිසිදු කරන සුපිරිම ආහාර

March 21, 2018
16,242
Super food to clean arteries
මේද කොටස් රුධිර නාල වල තැම්පත් වීම නිසා සිදු වන රුධිර නාල අවහිරවීම් හේතුවෙන් ලේ ගමනාගමනය හා ඔක්සිජන් සැපයුම අදාළ වෙනවා. ඒ වගේම හදවත් රෝග ආඝාතය ඇතුළු බෝ නොවන රෝග ඇති වීමේ අවදානමට බොහෝ පිරිසක් ගොදුරු වෙලා. තමන්ගේ ආහාර පාන පිළිබඳව දක්වන අඩු සැළකිල්ල හා වැරදි අහාර පුරුදු නිසා දැනටමත් කොලෙස්ටරෝල් වැනි රෝග වල අවදානමට ලක් වුනු අය වගේම අවදානම ඇති වෙන්න කලින් ආරක්ෂා වෙන්න ඕන කියලා හිතන අය අමතක නොකර මේ ආහාර වර්ග තමන්ගේ ආහාර අතරට එකතු කර ගන්න.

1. සුදුළූණු

අවහිර වුණු ධමනි පිරිසිදු කිරීමට මෙන්ම එහි සෞඛ්‍ය සම්පන්න බවට සුදුළූණු නැතුවම බැහැ. සුදුළූණු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර, හෘදයාබාධ වැළැක්වීම හා ධමනි අවහිර කිරීම සඳහා අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍යක්. දිනපතා ආහාර වේලට සුදුළූණු එකතු කර ගැනීමෙන් කිරීම ඔබගේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ වගේම එය රුධිර වාහිනී පුළුල් කරන්න, රුධිර සංසරණය වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා.

2. දෙළුම්

දෙළුම් කියන්නේ ඉතාමත් ගුණදායක පළතුරක්නේ. ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු දෙළුම් ධමනි වල තැන්පත් වී ඇති මේදය අඩු කර ගැනීමට උපකාර කරනවා. ඒ වගේම දෙළුම් ශරීරයේ නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම ද උත්තේජනය කරමින් ධමනි විවෘත කර රුධිරය ගලා යාම පහසු කරමින් ධමනි තුළ රුධිර කැටිති ඇති වීම වළක්වයි.

දිනපතා දෙළුම් ආහාරාට ගැනීම අසීරු නිසා අවම අවම වශයෙන් සතියකට වරක් වත් දෙළුම් ආහාරයට ගන්න. එහෙම එහෙම නැත්තන් දෙළුම් යුෂ පානය කරන්න. ධමනි පිරිසිදු කර ගන්න වගේම තවත් බොහෝ ලෙඩ රෝග වලින් ඔයාව ආරක්ෂා කරන්න දෙළුම් වලට පුළුවන්.

3. ග්‍රීන් ටී

රුධිර වාහිනී පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට උපකාර වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු ග්‍රීන් ටී විශේෂයෙන් හදවත් රෝග ඇති වීමද අවම කරනවා. ඒ වගේම කොලස්ටරෝල් අවදානමෙනුත් මිදෙන්න පුළුවන්. දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2 ක් පමණ පානය කිරීම ධමනි අවහිර වීම් වලක්වා ගන්න පුළුවන්.

4. නිවිති

පෝෂ්‍යදායි පලා වර්ගයක් තමයි නිවිති කියන්නේ. අපේ හදවත සුරකින ගමන්ම එහි ඇති නයිට්රික් ඔක්සයිඩ් රුධිර කැටිගැසීම් අවම කරමින් ආඝාතය හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මීට අමතරව, විටමින් A හා C හි අන්තර්ගතය වන නිවිති අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්තිවල තැම්පත් වීම වැළැක්වීමට උපකාරී කරනවා.

5. බ්‍රකෝලි

විටමින් K වලින් පොහොසත් බ්‍රකෝලි කැල්සියම් හා තන්තු වලින්ද සමන්විතයි. ඒ මඟින් රුධිර කැටි ගැසීම් අවම කරමින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතරම සහ අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරනවා.

මේ ආහාර වර්ග වලට අමතරව රුධිර වාහිනී පිරිසිදු කරන්න කහ, ඇපල්, අලිගැටපේර වැනි ආහාරත් එක වගේ වැදගත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,589
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,497
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,010
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,002
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed