මේ අරුම පුදුම වාසී අත්කර ගන්න ඕන නම්, වැඩිපුර චොක්ලට් කන්න

August 30, 2018
8,530
Eat chocolate to get these benefits
පැණි රස කෑම කන්න කොයි කවුරුත් එක වගේ කැමතියි. චොක්ලට් කියන්නේ කොයි කවුරුත් අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක්. චොකලට්වලට සමහරු කොතරම් ඇබ්බැහිද කීවොතින් හැමදාම චොක්ලට් ආහාරයට ගන්න පුරුදු වුණූ අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. ඔයා මෙතෙක් කල් චොක්ලට් ආහාරයට ගත්තේ එහි ගුණ ගැන එහෙමත් නැතිනම් චොකල්ට්වලින් ඔයාගේ සිරුරට ලැබෙන පෝෂණය ගැන හරි හැටි නොදැනනේ. චොක්ලට් කියන්නේ පෝෂ්‍යය පාදාර්ථ රැසක් අන්තර්ගත ආහාරයක්. ඔයාට ශාරීරික සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න ඕන නම් දැන් ඔයාට කිසිම බයක් සැකයක් නැතුව චොක්ලට් ආහාරයට ගත හැකියි. මේ තරම් ගුණ චොක්ලට්වලින් ඔයාට ලැබෙන අරුම පුදුම වාසී ගැන ඔයා එක්ක කතා කරන්න අද Hadakari අපි තීරණය කළා. ඔයා මේ ලිපිය කියලවලාම බලන්නකෝ. එතකොට ඔයාටත් පුළුවන් ගුණ දැනගෙන චොක්ලට් කන්න.

චොක්ලට් නිෂ්පාදනය කරන්න භාවිත කරන්නේ කොකෝවා බීජ කියලා ඔයා දන්නවානේ. කොකෝවා බීජවල ප්‍රතිඔක්සිකාරක ගුණය යහමින් අන්තර්ගත වෙනවා. ඔයාගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරලා ඔයාව නිරෝගිව තියනවා විතරක් නෙමෙයි බොහෝ රෝගී තත්ත්වයන්ට ඔයා ගොදුරු වීම අවම කරනවා. ඔයාට කරන්න තියෙන්නේ දෛනිකව චොක්ලට් පෙති 03 ක් 04 ක් ආහාරයට ගැනීම පමණයි. එයින් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ වාසී රැසක් ලැබෙනවා.

චොක්ලට්වල පෝෂ්‍යපදාර්ථ රැසක් අන්තර්ගතයි

උසස් තත්ත්වයේ කොකෝවා භාවිත කිරීම මගින් නිෂ්පාදනය කරන් තද පැහැති(dark) චොක්ලට් ඔයාගේ සිරුරට වඩාත් ගුණදායකයි. චොක්ලට්වල ඔයා හිතන්නේවත් නැති පෝෂ්‍යය සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. කෙදි, යකඩ, මැග්නිසීයම්, තඹ, මැංගනීස්, පොටෑසියම් පොස්පරස්, සින්ක්, සෙලේනියම් ආදී පෝෂ්‍ය සංඝටක යහමින් චොක්ලට්වල අන්තර්ගතයි. මේ පෝෂ්‍යය පදාර්ථ සියල්ලම අඩු වැඩි වශයෙන් චොක්ලට්වල තියෙන නිසා ඔයා පමණට වඩා චොක්ලට් ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාට මේ පෝෂණය වඩාත් සාර්ථකව ලබා ගන්න ඕන නම් ඔයා තද දුඹුරු වර්ණයෙන් යුතු චොක්ලට් තමයි ආහාරයට ගන්න ඕන වෙන්නේ. මොකද dark චොක්ලට්වල මේද අම්ල බහුලව තියෙනවා. කැෆේන් සහ ටොබ්රොමිනෝ වැනි උත්තේජකයන් රැසක් චොක්ලට්වල අන්තර්ගතයි. කෝපීවල තරමටම කැෆේන් චොක්ලට්වල අඩංගු නැහැ. ඒ නිසා චොක්ලට් කෑවාට ශරීර සෞඛ්‍යට අයහපතක් නම් වෙන්නේ නෑ.

රුධිර ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර රුධිර පීඩනය අවම කරනවා

Dark චොක්ලට්වල ෆ්ලේවොලොල්ට් හා නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට හොඳින් සිදුවෙනවා. ඒ වගේම මොළයේ එක් එක් කලාපවලට ඉලක්කගත කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය රුධිර සංසරණය ෆ්ලැවනොල් මගින් ලැබෙනවා. බොහෝ පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා චොක්ලට්වලින් රුධිර පීඩනය අවම කරන බව. ඔයා දිනකට චොක්ලට් පෙති 03 ක් 04 ක් ආහාරයට ගැනීමෙන් ඔයාගේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත වැටෙනවා. ඔයා මෙහිදි අවබෝධ කර ගත යුතු වැදගත්ම දේ වෙන්නේ ඔයාට රුධිරගත කොලස්ටරෝල් මට්ටම අවම කර ගන්න නම් ඔයා දිනපතා ආහාරයට ලබා ගන්නා ආහාරවල මේදය අඩු කර ගන්න සිදු වෙනවා. මේ ගුණය ඔයාට ලැබෙන්නේ චොක්ලට්වල අඩංගු ශාක ස්ට්‍රරෝ, කොකෝවා ෆ්ලැවනොල් සතු විශ්මිත ගුණාංග නිසයි.

හිරු කිරණින් ඔයාගේ සමට සිදු වෙන හානීය අවම කර ගන්න

ඔයාගේ ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න වගේම හිරු කිරණින් ඔයාගේ සමට සිදුවන හානීදායක තත්ත්වයන් මගහරවා ගැනීමටත් චොක්ලට් ඔයාට උදව් උපකාරී වෙනවා. චොක්ලට්වල තියෙන ජෛව ක්‍රියාකාරී සංයෝග ඔයාගේ සමට ඉතාමත් ගුණදායකයි. චොක්ලට්වල තියෙන ෆ්ලේවොනොල් ඔයාගේ සමට හිරු කිරණින් හානී වීම වළක්වාලනවා. එවිට ඔයාගේ සමේ රුධිර ප්‍රවාහය හොඳින් සිදු වී ඔයාගේ සමේ ඝණත්වය වැඩි කරනවා. එවිට ඔයාගේ සමට හිරු කිරණින් අහිතකර බලපෑම් අති වෙන්නේ නෑ. ඉතිං ඔයාටත් ඔයාගේ සම නිරෝගීව තියා ගන්න ඕන නම් චොක්ලටට් දිනපතා ආහාරයට එකතු කර ගන්න.

මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් ගුණදායකයි

චොක්ලට් ආහාරයට ගැනීමෙන් ඔයාට ලැබෙන වාසීදායක තත්ත්වයන් අතරේ මේ කරුණත් ඉතාමත් වැදගත්. ඔයා චොක්ලට් ආහාරයට ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන බව දැනගෙන හිටියේ නෑ නේද? මුලින් සඳහන් කළ වගේ කොකෝවා වල ෆ්ලේවානෝල් අන්තර්ගත නිසා මොළයට රුධිර ප්‍රවාහනය හොඳින් සිදු කරනවා. මානසික ආබාධ සහිත අයට චොක්ලට් ඉතාමත් ගුණදායකයි. කැෆේන්, ටොබ්රෝමීන් වැනි උත්තේජක ද්‍රව්‍යය අඩංගු වන නිසා මොළයේ උත්තේජන ක්‍රියාවලියටත් චොක්ලට් ඉතාමත් ගුණදායකයි.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න

අද අවිධිමත් ආහාර රටාව නිසා ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි සිරුරේ කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වෙනවා කියන එක. ඉතිං ඔයත් මෙවැනි ගැටළුවකින් පීඩා විදිනවා නම් එය අවම කර ගත හැකියි චොක්ලට් ආහාරයට එකතු කර ගැනීම මගින්. චොක්ලට්වල තියෙන ෆ්ලේවොනොයිඩ් ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරනවා. ෆ්ලෝවොනොයිඩ්වල අසාමාන්‍ය ආකාරයේ සංතෘප්ත මේදය 50 % ක් පමණ අන්තර්ගතයි. කොකෝවා බටර්වල සිට්රික් අම්ලය මගින් ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු නම් එය තරමක් ඉහළ නංවන අතර ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් අහිතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.

ඔයාට ප්‍රබෝධමත්ව හා සතුටින් ඉන්න ඕන නම් චොක්ලට් ආහාරට ගන්න

ආදරවන්තයින් අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක්නේ චොක්ලට් කියන්නේ. චොක්ලට් ඔයා ආහාරයට ගත්තොත් ඔයාට දවස පුරාම ප්‍රබෝධමත්ව වගේම සතුටින් ඉන්න පුළුවන්. මොකද චොක්ලට් ආහාරයට ගැනිමෙන් ඔයාගේ මොළයේ හැගීම් උත්තේජනය හොඳින් සිදු වෙනවා. මේයට දායක වෙන්නේ චොක්ලට්වල තියෙන සෙරොත්තොනීන් කියන සංඝටකය. මේ මගින් තමයි ඔයාගේ මොළයේ උත්තේජනය හොඳින් සිදු වෙන්නේ. ඒ වගේම මොළයේ උත්තේජනය සඳහා අවශ්‍ය ඇමයිනෝ අම්ලය චොක්ලට්වලින් ලැබෙනවා. ඉතිං ඔයාටතේ දවස පුරාම ප්‍රබෝධමත්ව ඉන්න ඕන නම් චොක්ලට් ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,891
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,658
   50

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,093
   25

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed