මහදුරු වල ගුණ 5ක්

April 26, 2022
13,939
5 benefits of mahaduru
මහදුරු ඇට කිව්වට මහදුරු කියන්නේ මහදුරු ශාකයේ ඵල යි. ලස්සන සුදු මල් පොකුරකින් ඇතිවෙන මහදුරු ගෙඩිය නැතිනම් ඵලය වේලලා තමයි අපි ආහාරයට ගන්නේ.

අපි අතීතයේ ඉඳලා මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගන්නවා. ඒත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ. අද හඩකාරි කතා කරන්න හිතුවේ මහදුරු වලින් අපට ලැබෙන ප්‍රයෝජන 5ක් ගැන.

පොදුවේ කිව්වොත් මදුරු ඉතාම පෝෂණීය ආහාරයක්, තන්තු වලින් ඉහලයි, ප්‍රතිඔක්සිකාරකයක්, විටමින් සහ ලවන වලින් පොහොසත්. ආයුර්වේදයේ බෙහෙවින් පාවිච්චි කරන අමුද්‍රව්‍යයක්.

1.බැක්ටීරියා සහ දිලීර වලට එරෙහිව සටන් කරනවා
මහදුරු වල බැක්ටීරියා සහ දිලීර වලට සටන් කළ හැකි සංඝටක තියෙනවා. ඒ 'thymol' සහ 'carvacrol' යි.

2.කොලෙස්ට්‍රෝල් පාලනය කරනවා
අධි කොලෙස්ට්‍රෝල් පාලනයට සහ ට්‍රයිග්ලිසරයිඩ් පාලනයට මහදුරු හොඳ ඖෂධයක්.

3.අධි රුධිර පීඩනය පාලනය
අධික රුධිර පීඩනය සහ අධි ආතතිය හදවත් රෝග සහ ආඝාතය ඇති වීමට ප්‍රධාන හේතු යි. පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ මහදුරු වල අඩංගු thymol වලින් හදවතේ නාල අවහිර වීම වලකන බවයි.

4.උදරයේ තුවාල සහ අජීරණ තත්ත්ව වලකනවා
ඇතැම් ඖෂධ නිසා උදර්යේ ඇතිවන තුවාල සුව කරන්න මහදුරු වලට හැකි බව සොයාගෙන තියෙනවා. ඒ වගේම බඩේ අජීරණ තත්ත්ව ද වලකන බව සොයාගෙන තියෙනවා.

5.පෙනහලු වලට
මහදුරු ආහාරයට ගැනීමෙන් පෙණහලුවලට වාතය ගලායාම වැඩි දියුණු කරන බව සොයාගෙන තියෙනවා.

එහෙත් ඝර්භණී මවුවරු අධික ලෙස මහදුරු ආහාරයට නොගත යුතු බවත් කියන්න ඕනේ. එයින් ඝර්භණී කාන්තවන්ට සංකූලතා ඇතිවිය හැකිබව සඳහන් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2153 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:19:18 PM
Script:/article/2153/5-benefits-of-mahaduru.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:19:18 PM
Script:/article/2153/5-benefits-of-mahaduru.html