ඔබේ මුඛයේ බැක්ටීරියා විනාශ කර සැහැල්ලුවෙන් හුස්ම ගැනීමට ක්‍රම 6 ක්

January 25, 2021
6,559
How to kill bad bacteria in your mouth
ඔබ මතුපිටෙන් හැඩ වෙලා ලස්සන වුණත් ඔයා කතා කරනකොට මුවින් දුර්ගන්ධය පිටවීමක් සිදු වුණොත් ඔබව මුලින් ප්‍රිය කළ පුද්ගලයින්ම තමයි ඔබව පළමුවෙන් ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් කිසි කෙනෙක් එවැනි තත්වයකට පත්වීමට කැමති නැහැ. එහෙනම් ඔබේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ද? සමීක්ෂණ වලට අනුව ලෝකයේ මිනිසුන්ගෙන් සියයට 35% ත් 45% ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ දිවා කාලයේ මුවින් දුගඳක් වහනය වීම නිසා පීඩා විඳිනවා. ඒ නිසා නිවැරදි මුඛ සෞඛ්‍ය නිෂ්පාදන භාවිතා කිරීම මෙන්ම ඔබේ දෛනික පුරුදු ගැන ද සැලකිලිමත් වීම ගොඩක් වැදගත්.

ඔබේ නිවසේ දැනටමත් ඔබ සතුව ඇති දේවල් භාවිතා කරමින් මුවින් දුගඳක් වහනය වීම සමඟ සටන් කිරීමට පහසු ක්‍රම 6ක් අද අපි ඔබ වෙතට ගෙන එන්න සුදානම්.

පළතුරු ලෙල්ලක් ගෙන හපන්න
ලෙමන් හෝ දොඩම් වැනි පැඟිරි පලතුරක ලෙල්ලක් ගෙන සෝදා හපන්න. මෙමගින් ඔබේ හුස්මට නැවුම් බවක් ලබා දෙනවා පමණක් නෙමෙයි, ඒවායේ තියන සිට්‍රික් අම්ලය ඔබේ ලවණ ග්‍රන්ථි වලට වැඩි ලවණ නිපදවීම දිරිගන්වනවා. මුවින් දුර්ගන්ධය පිටවීම සහ දත් දිරායාම් වලට එරෙහිව මුඛය ස්වාභාවිකවම ආරක්ෂා කරයි.

විදුරුමස් නිරෝගීව තබා ගන්න
බැක්ටීරියා දත් අස්සේ එකතු වුණාමයි ගඳක් ඇති කරන්නේ. ඒ නිසා ඔබේ විදුරුමස් වලින් හා මුවින් දුගඳක් වහනය වීමට ඒක හේතු වෙනවා. ඉතින් ඔබ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට, ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් තෝරා ගන්න. එසේම දුම්පානය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර විදුරුමස් ආශ්‍රිත ගැටළු වලට ඍජු සම්බන්ධතාවයක් ඇති බැවින් දුම්පානය නතර කරන්න. දුම් පානයෙන් ඔබේ විදුරුමස් වලට හානි වුණොත් සුව කිරිමටද අමාරුයි.

දිනකට දෙවරක් දත් මදින්න
මිනිත්තු 2 ක් දිනකට දෙවරක් දත් මදින්න. අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා කාන්තාවන්ගෙන් 55% කට වගේ සුළු ප්‍රමාණයක් දිනකට දෙවරක් දත් මදින බවත් එසේ කරන පිරිමින්ගේ ප්‍රතිශතය 49% ක් තරම් අඩු බවත්. දත් මැදීම නිසා මුඛයෙන් සිරවී ඇති ආහාර සහ ගන්ධය ඇති කරන බැක්ටීරියා ඉවත් කිරීමට බොහෝ උපකාරී වෙනවා.

ඔබේ දිව මදින්න
ඔබේ දිව ද ගන්ධයක් හමන බැක්ටීරියා බෝ වන ස්ථානයක්. ඔබ දත් මැදීමෙන් පස්සේ දත් බුරුසුවම භාවිතා කරමින් ඕනෑම බැක්ටීරියාවක්, බැක්ටීරියා වල අතුරු නිෂ්පාදන හා දත් වල මැලියම් ඉවත් කිරීමට දිව ද හොඳින් මදින්න.

කෑම ගැන අවධානයෙන් සිටින්න
සමහර ආහාර මුවින් දුගඳක් වහනය වීමට හේතු වනවා. ඔබේ මුඛයෙන් නැවුම් සුවඳක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ ආහාර වළක්වා ගැනීම වඩාත් සුදුසුයි. මුවින් දුගඳක් වහනය වීමේදී ලූණු සහ සුදුළූණු වඩාත් පොදු වැරදිකරුවන් වෙනවා. නමුත් ලූණු ආහාරයට ගැනීම නම් සම්පූර්ණයෙන්ම නතර කරන්න එපා.

ඔබට බඩගිනි නම් ඇපල් හෝ යෝගට් කන්න. ඇපල් වල ලවණ නිෂ්පාදනය උත්තේජනය කරන heteropolysaccharide pectin අඩංගු වන අතර යෝගට් හරහා මුඛයේ ක්‍රියාකාරී බැක්ටීරියා අඩු කිරීමට උපකාරී වෙනවා.

දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2 ක් වත් පානය කරන්න
ඔබ සජලීකරණයෙන් සිටීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන අතර මුවින් දුගඳක් වහනය වීම වළක්වා ගැනීමට ද ඒක උපකාරී වෙනවා. ලවණ බැක්ටීරියා වර්ධනය වළක්වන අතර ලවණ ග්‍රන්ථි කාර්යක්ෂමව වැඩ කිරීමට ජලය අවශ්‍ය වෙනවා. ඔබේ මුඛයේ තෙතමනය හා ලවණ ප්‍රමාණවත් නොවීම නිසා ඇති වන බැක්ටීරියා වර්ධනය හා දුගඳය වලක්වා ගැනීමේදී පානීය ජලය ඉතා වැදගත්. රාත්‍රි කාලයේදී පැණි රස ජූස් වර්ග පානය කිරීමෙන් වළකින්න. මොකද රාත්‍රියේදී මුඛ්‍ය තුළ බැක්ටීරියා සෑදීමට ඒවා උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1941 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:44 AM
Script:/article/1941/how-to-kill-bad-bacteria-in-your-mouth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:44 AM
Script:/article/1941/how-to-kill-bad-bacteria-in-your-mouth.html