කෙල්ලන්ට කොල්ලෝ එපා වෙන්නේ මෙන්න මේ දේවල් නිසාලු

August 3, 2020
4,282
These will make the girl fed up with boys
කාලයක් කෙනෙක්ට ලං වෙලා ඉඳලා, ආදරේ කරලා ඒත් වෙන් වෙලා යන්න වුණු ගෑණු ළමයෙක්ට අයෙමත් පාරක් තව කෙනෙක්ට ලං වෙන්න හිතෙන්නේ නැති පිරිමි ළමයි කරන වැරදි එකක් දෙකක් නෙවෙයි ගොඩාක් තියෙනවා. එක්කෙනෙක් ළඟ තියෙන වැරදි නිසා මුළු පිරිමි සංහතියම එපා වෙන්න ඉඩ තියෙනවා. 

ඔයාගේ පෙම්වතා ළඟත් මේ කියන ගති ලක්ෂණ තියෙනවා නම් දැන්ම ඒ දේවල් හදා ගන්න ඔහුට උදවු වෙන්න. එහෙම නොවුනොත් ඒ සම්බන්ධය විතරක් නෙවෙයි පිරිමි ඔක්කොම එපා වෙලා යාවි. ඒ දේවල් වලට ඔයාගේ ජිවිතේ කණපිට පෙරලන්න ඉඩ දෙන්න එපා.

1. ගෑණු ළමයව පාවිච්චි කිරීම. ඔහුගේ අවශ්‍යතා වලට, උවමනා එපා කම් වලට තමන්ගේ ගෑණු ළමයව පාවිච්චි කරලා ඔහුට ඕන දේවල් ඉටු කර ගන්නවා. 

2. ලිංගික කාරණා වලට පෙම්වතිය පාවිච්චි කිරීම. මේක නම් අනිවාර්යෙන් ගෑණු ළමයි සැලකිලිමත් වෙන්න ඕන කාරනාවක්. ලිංගික කාරාණාවන් සඳහා පාවිච්චි කරලා ඔබව වෙන් කරන්න සැරසෙන අයගෙන් ඉතාමත් පරිස්සම් විය යුතුයි.

3. අනවශ්‍ය නීති රීති වලින් ඔයාව පෙලන පෙම්වතෙක්ගෙන් කවදාවත් ඔයාගේ නිදහස හා සතුට බලාපොරොත්තු වෙන්න එපා. මේ වගේ හැසිරෙන කෙනෙක් එක්ක ඔයාගේ අයිතීන් ගැන කෙලින්ම කතා කරන්න.

4. වටේම ඉන්න ගනු ළමයින්ට බැල්ම දාන එකත් සමහර පිරිමි ළමයින් ළඟ තියෙන හරිම නරක පුරුද්දක්. තමන්ගේ පෙම්වතා වෙන ගෑණු ළමයි දිහා බලනවා තියා වෙන ගෑණු ළමයෙක්ගේ හුළඟක් වත් වදිනවට ගෑණු ළමයි කැමති නැහැ. 

5. වද දෙන එකේ කෙළවරක් නැති අය නිසා ඔයාට පිරිමි ළමයි විතරක් නෙවෙයි කාලයක් යද්දී මුළු ජීවිතේම එපා වෙනවා. 

6. ඔයාගේ ආත්ම ගරුත්වය ගැන සතයකට මායිම් කරන්නේ නැති කෙනෙක් ඔයාව හැම තැනකදීම අපහසුතාවයට පත් කරනවා. එහෙම වෙද්දී ඇති වෙන ලැජ්ජාව, දුක, කලකිරීම එක්ක වෙන කෙනෙක් ගැන හිතන්න වත් නොහිතෙන තරමට ඔයාට එපා වෙනවා.

7. ආදරණිය බවක් නැති හැම වෙලාවකම හැඩි දැඩි තීරණ, හැසිරීම් ඇති කෙනෙක් එක්ක ජිවත් වෙන එකත් හරිම අපහසු දෙයක්. 

පෙම්වතා ළඟත් මේ කියන ගති ලක්ෂණ තියෙනවා නම් ඔහුව වෙනස් කර ගන්න උත්සාහ කරන්න. මොකද ආදරය සතුට නැති සම්බන්ධතාවයකින් අපිට වැඩක් නැති නිසා. ඔහු ඒත් වෙනස් වෙන්නේ නැති කෙනෙක් නම් එහෙම කෙනෙක්ගෙන් ඈත් වෙන එක තමයි හොඳම දේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1744 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:07 PM
Script:/article/1744/these-will-make-the-girl-fed-up-with-boys.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:08 PM
Script:/article/1744/these-will-make-the-girl-fed-up-with-boys.html