පළමු ආදරය එපා වුණාද ? එහෙම නම් දෙවැනි ආදරය ජය ගන්නේ මෙහෙමයි

July 10, 2018
13,597
How to start your second love
ඔයාගේ ජීවීතය වැදගත් වෙන්නේ අන් කාටවත් වඩා ඔබට. ඒ නිසා ජීවිතය ගැනි හරි තීරණයක් ගන්න දෙවතාවක් හිතන්න එපා. කුමන බාධක, කම්කටොලූ, අභියෝග ඔයාගේ ජීවිතයට ආවත් ජීවිතය අත්හරින්න නම් කිසිම අවස්ථාවක සුදානම් වෙන්න එපා. ඒ වගේම තමයි ආදර සම්බන්ධතාවකදීත්. ආදර සම්බන්ධතාවක් කියන්නේ ඔයාගේ ජීවීතයේ තවත් එක් පැතිකඩක් පමණයි. අන්‍යෝන්‍ය‍ වශයෙන් සම්බන්ධතාවක් වගේම ආදරණීය බැදීමක් අහිමි වීම ඔයාගේ ජීවිතයේ අවසානය නම් නෙමෙයි. අනවශ්‍ය සම්බන්ධතාවක් බිදී යාම ඔයාගේ ජීවිතයට වටිනා පාඩමක් කරන්න. අලුත් පාරක ඔයාගේ ගමන ආරම්භ කර ගන්න. ආදරය විතරක් නෙමෙයි ඔයාගේ අම්මා තාත්තා, නැදෑයන්, ඔයාගේ බලාපොරොත්තු හා අරමුණු වගේම ඔයාගේ අධ්‍යාපනය මේ සියල්ල සමබරව පවත්වාගෙන ජීවිතය අලුතෙන් පටන් ගන්න. අද හැඩකාරී තුළින් අපි කියන්න යන්නේ පළවෙනි ආදරෙන් පැරදුණු ඔයා දෙවැනි ආදරය ජය ගන්න කළ යුතු දේවල් ගැන. ඔයත් කියවලාම බලන්නකෝ.

01. ඔයාට වැරදුණු තැන් ගැන හොදට හිතන්න

ඔයාගේ කලින් සම්බන්ධතාවය ගැන හොදට හිතන්න. ඒ සම්බන්ධතාව තුළ පැවැති අඩු ලුහුඩුකම් නිසි පරිදි හදුනා ගන්න. ඔබ දෙදෙනා අතර නොගැළපීම් තිබුණා විය හැකියි. එසේත් නොමැති නම් අවිස්වාසය හා සැකය පැවතුණා වෙන්නත් පුළුවන්. මුලින්ම ඔබ ගැන තක්සේරු කරගන්න. ඔයා කලින් ආදරය කරන කාලය තුළ ඔබ අතින් සිදුවුණු අඩුපාඩු මොනවාද ? ඔයා ආදරය කළේ යහපත් පුද්ගලයෙක්ටද ? එහෙමත් නැත්තම් වංචනිකයෙක්ටද ? එසේ නම් ඒ සම්බන්ධතාව බිද වැටීම සම්බන්ධව ඔබටම නිගමනයකට පැමිණිය හැකියි. පෙර සම්බන්ධතාව  අහිමි වීමට බලපෑ හේතු සාධක ගැන හොදට හිතන්න. නමුත් කිසි විටෙක පසුතැවීම් ඇති කර ගන්න එපා. මේ ඔයාට ඔයා ගැන වගේම, ලෝකය සම්බන්ධයයෙන්, හිමි අහිමි වීම සම්බන්ධයෙන් තෙරුම් ගැනීම සඳහා උපයෝගී කර ගන්න.

02. වේදනාව සමනය කර ගන්න

ඔබ පෙර සම්බන්ධතාව ගැන සිතමින් නිකරුණේ කාලය කා දැමීමක් සිදුකරන්න එපා. තවමත් ඔයා පහුගිය සම්බන්ධතාව අහිමි වීමේ වේදනාවෙන්, කලකිරීමෙන් කටයුතු කරනවා නම් තවමත් ඔබ අලුත් සම්බන්ධතාවක් පටන් ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. පරණ සිතුවිලි හිතේ තියාගෙන ඔයා අලුත් සම්බන්ධතාවක් පටන් ගන්නවා කියන්නේ ඒ සම්බන්ධතාව බිඳෙන්නත් එය ලොකු හේතුවක්. ඒ නිසා පළමුව වේදනාව සමනය කරගන්න. ඒක ගොඩක් වැදගත්. කාලය එක්ක හැමදේම අමතක කරාට පස්සේ ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් අලුත් සම්බන්ධතාවක් පටන් ගන්න.

03. හුදෙකලා වී ජීවත් වෙන්න එපා

සම්බන්ධතාවක් බිදුණට පස්සේ කිසිම අවස්ථාවක තනි වෙන්න සුදානම් වෙන්න එපා. හුදෙකලා වීමෙන් කිසිම විටෙක ඔයාට සැනසීමක් ලැබෙන්නේ නෑ. ඔබ තවත් ආතතියට පත් වෙන්න තියෙන ඉඩකඩද වැඩියි. ඔයාට ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාම ශක්තිය තමයි ඔයාගේ පවුල. හැකිතාක් ඔබේ සමීපතමයන්ට සමීප වී කටයුතු කරන්න. ඔවුන් සමග අදහස් බෙදාගන්න. ඔයාට පවතින ගැටලුකාරී අර්බුධකාරී දේවල් ඔවුන් හා කතාබහ කරන්න. එවිට ඔබට යම් මානසික සුවයක් ලබා ගන්න හැකි වේවී. කිසිම අවස්ථාවක සමීපතමයන්ගේන් ඈත් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබට පුළුවන් සෑම අවස්ථාවකම යහලු මිත්‍රාදින් සමග සමීප වෙන්න.


04. ඔබ ඔබට ආදරය කරන්න

පෙර සම්බන්ධතාව නිසා ඔබට සමහර දේවල් මගහැරී ගියා වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ හැකියාවන්, දක්ෂතාවන් වගේම අධ්‍යාපන කටයුතු පවා අඩාල වුණා විය හැකිය. දැන් ඒ ගැන හිතලා පසුතැවෙන්න එපා. එවැනි අතපසු වීම් යළි කිසිදු දිනෙක සිදු වෙන්න දෙන්න එපා. ගිය කාලය යළි ලබා ගන්න බෑ වගේම මගැරුණු සම්බන්ධතාවක් ගැන සිතීමෙන් පවා ක්ෂය වෙන කාලය මහත් අපරාධයක්. ඉතිං ඔයා තවත් කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයාට ආදරය කරන්න. ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගත්තම ජිවිතයේ මග හැරෙන ගොඩක් දේවල් වලට ඔයා ලොබ බදිවී. එයින් වටිනාකමක් ඔයාගේ ජීවිතයට එකතු වෙනවා. ඉතිං එවැනි පසුබිම තුළින් සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න ඔයාට හැකි වේවි.

05. ඔබ ඔබම වෙන්න

තවදුරටත් ඔබ තවත් කෙනෙක්ට යටහත් පහත්ව තීරණ ගන්න එපා. ස්වාධීනව ගමන් බිමන් යන්න. කිසි කෙනෙකුට වාර්තා කරන්න යන්න එපා. ඔයාගේ නිදහස හැකි පරිදි භාවිත කරන්න. අලුත් මිතුරෝ හමු වෙන්න. යහපත් මිතුරු සම්බන්ධතාවයන් ඇති කර ගන්න. හැකි තරම් ඔයාගේ නිදහස භුක්ති විදින්න. එය ඔබට මානසික සුවයක් ගෙන දේවී. ඒ වගේම ඔබ තුළ පවතින ආතතිය මගහැරී යන්න පුළුවන්. ජීවත් වෙන්න කැමැත්තක් වගේම අලුතින් ජීවිතය පටන් ගන්න ආශාවක් ඔයා තුළ නිර්මාණය වේවී.

06. උත්සාහය අත්හරින්න එපා

ජීවන රටාවේ යම් දේවල් වෙනස් කර ගන්න ඔයාට පුළුවන්. ඔබ පෙනුම ගැන සැළකිලිත්ව කටයුතු කරන්න. නව විලාසිතා කරන්න. ඔයා ලස්සනට ඉන්නකොට ඔයාට
ඔයා ගැන අභිමානයක් ඇති වෙන්න පටන් ගන්නවා. එවිට ජීවිතය අලුතෙන් පටන් ගන්න ඔයාට අවස්ථාවක් උදා වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 933 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:00 PM
Script:/article/933/how-to-start-your-second-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:01 PM
Script:/article/933/how-to-start-your-second-love.html