පිරිමි පිස්සු වට්ටන කාන්තා ශරීර අංග 01

April 25, 2017
36,596
Women's Turn-Offs That Attract Men Like a Magnet
කාන්තාවෝ විදිහට අපි අපේ ශරීර ස්වභාවය ගැන තෘප්තිමත්ද? කොයිම වෙලාවක හරි ඒ ගැන ඔව් මම මගේ ඇඟ ගැන සතුටින් ඉන්නේ කියන්න පුළුවන් කමක් ඔබට තියෙනවද?

මගේ උකුල පළල් වැඩියි, කකුල් මහතයි, තොල් ලොකුයි, මුහුණේ එක එක පැල්ලම්, උපන් ලප, හරියටම මම බෝලයක් වගේ කියලා අපි දුක් වෙනවා නේද? ඇත්තටම කිව්වොත් අපි අපේ ශරීරය ගැන ලොකු අසතුටකින් ඉන්නේ. නමුත් පුදුමෙට කාරනාව තමයි, අපි අපේ සමහර ශරීර අංග ගැන අසතුටු වුනාට, පිරිමි ඒ ශරීර අංග වලට ගොඩක් කැමතියි. ඔවුන් ආසා කරන අපි අකමැති ශරීර අංග මොනවද කියලා බලමු. අදින් පස්සේ ඔන්න දුක් වෙන්න එපා. ඇත්තටම ඔබ සතුටු වෙන්න ඕනේ මේ වගේ ශරීර අංග වලට උරුමකම් කියනවනම්.

1. පළල් උකුල

පළල් උකුලක් හිමි කාන්තාව වෙත පිරිමින් නිකම්ම වගේ ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඒ බව හරිම සරාගී ලක්ෂණයක්, ගතියක් විදිහට තමයි පිරිමින් දකින්නේ.මොන විදිහේ ශරීර ප්‍රමාණයකට ඔබ හිමිකම් කිව්වත්, ඔබටත් පළල උකුලක් හිමියි නම්, ඒ ගැන දුක් වෙන්න එපා.

2.මහත ශරීර

හිතා ගන්න අමාරු වුනාට කාන්තාවෝ විතරලු හැම වෙලේම කෙට්ටු වෙන්න ඕනේ කියලා දඟලන්නේ. බොහෝ පිරිමින්, පිරිපුන් ශරීර වලට වැඩි ඇල්මක් දක්වනවාලු. ඉතින් ඔබ කෙට්ටු නෑ කියලා දුක් වෙන්න එපා.

3. ලොකු තොල්

ලොකු තොල් පිහිටලා තියෙද්දී ගොඩක් අය ඒ ගැන දුක් වෙනවා. නමුත් ඔබ දන්නවද එහෙම ලොකු තොල් වලට පිරිමින් ගොඩාක් ආශා කරන බව? ඒ වගේම ලෝකයේ ගොඩක් කාන්තාවෝ, විශාලව මුදල් වියදම් කරලා තොල් ලොකු කර ගන්න සැත්කම් පවා සිදු කරනවා.

4. සම මතිපිට ඇති දුඹුරු පැහැ ලප

අපි මහා වදයක්,කරදරයක් කියලා හිතුවට පිරිමින්ට නම් ඒ සම මතුපිට ඇති පුංචි ලප හරිම අකර්ශනියයි. ඔවුන් ඒ මගින් දකින්නේ ලොකු ලස්සනක්. ආකර්ශනිය බවක්. ඉතින් අදින් පස්සේ එපා පේනවා කියල ලජ්ජා වෙන්න එපා.

5.උපන් ලප

සම මතුපිට ඇති පුංචි පුංචි ලප වගේම තමයි කාන්තාවන්ගේ මුහුණ මත ඇති උපන් ලප කෙරෙහිත් පිරිමි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔබව විශේෂයෙන් කැපිල පේනවට පිරිමින් කැමතියි. ඒ කාලයේ ඉඳලම උඩු තොලට ආසන්නයේ උපන් ලපයක් පිහිටන කාන්තාවගේ පෙනුම හරිම සරාගියි කියලයි පිරිමින් සිතන්නේ. එහෙම ලක්ෂණයක්, නිතැතින්ම පිරිමි සිතක් ඇද බැඳ තබා ගන්න හේතු වෙනවා.

පිරිමි පිස්සු වට්ටන කාන්තා ශරීර අංග 02

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 237 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:01:55 PM
Script:/article/237/womens-turn-offs-that-attract-men-like-a-magnet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:01:55 PM
Script:/article/237/womens-turn-offs-that-attract-men-like-a-magnet.html