සීමීත ඇඳුම් පැළඳුම් ප්‍රමාණයක් සහිතව ඒකාකාරී නොවන ලෙස විලාසිතා කරන්නේ කෙසේද?

July 13, 2021
5,628
How to avoid outfit repeating with a limited wardrobe
ඔබත් එකම ඇඳුම සතියකට වරක් හෝ අඳිනවාද..? ජීවන වියදම අහස උසට ගිහින් තියෙන මේ කාලයේ රැකියාවට යන බොහෝ දෙනා සතුව තිබෙන්නේ සීමිත ඇඳුම් ප්‍රමාණයක්.. නමුත් රැකියා ස්ථානය තුල විවිධ වර්ගයේ පුද්ගලයින් සිටින නිසා ඇතැම් විට එකම ඇඳුම නැවත නැවත ඇඳීම ඔබගේ ආත්ම අභිමානයට දැඩි පහරක් එල්ල කරනවා.. එසේ නම් මෙම ලිපිය මගින් හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරන්නේ සීමිත ඇඳුම් ප්‍රමාණයක් කොහොමද ඒකාකාරී නොවී නිසි පරිදි ගලපා ගලපා ගන්නේ කියලා..

Outfit repeating නැතිනම් ඇඳුම් මාරුකරමින් ඇඳීම යනු කෙටි කාලසීමාවක් ඇතුලත එකම ඇඳුම් සහ පැළඳුම් භාවිතයයි. ඇඳුම් පැළඳුම් සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් පරිදි ඔබට මුදල් නැතිනම් එකම ඇඳුම් කට්ටලය නැවත නැවතත් බොහෝ විට ඇඳීමට සිදුවනවා. නමුත් දින තුනකට හෝ වරක් නැවත නැවතත් එකම ඇඳුම ඇඳීමට සිදුවුවහොත් ඔබගේ අභිමානයට එය හානියක් ගෙන දෙනවා නේද..

මෙම ලිපිය මගින් හැඩකාරි ඔබට කියාදෙන්නේ සිමිත ඇඳුම් පැළඳුම් ප්‍රමාණයක් වුවත් ඒකාකාරි සහ ඔබගේ අභිමානයට හානියක් නොවන අයුරින් ඇඳීමට පහසු පියවරයන් කිහිපයකුයි.. එමගින් ඔබට ඒකාකාර් නොවන නැවුම් විලාසිතා අත්දැකීමක් සහ නව පෙනුමක් සෑම දිනකම ලබාගත හැකියි.


සතියකට වරක් නීතිය අනුගමනය - Follow the One Week Rule

මෙහිදී හැකිනම් ඇඳුමක් වරක් ඇන්ද පසු නැවත ඇඳීමේ කාලය සති 2ක් දක්වා දික්කරගන්න.. එසේ නොමැතිව ඔබ එකම ඇඳුම සතියක් හෝ ඊට අඩු කාලයක් තුල නැවත අඳිනවා නම්, ඔබ සඳුදා දිනක ඇඳුම ඇන්දා නම් නැවතත් ඊළඟ සඳුදා දින එම ඇඳුම අඳින්න එපා. එවිට එය සඳුදා දිනයට අනන්‍ය වේවී.. එමනිසා සතියේ වෙනත් දිනක අඳින්න.

සීමීත විලාසිතා එකතුවක් - Try a Capsule Wardrobe

කෙදිනකවත් පැරණි නොවන විලාසිතා වර්ග කිහිපයක් සහිතව සීමිත ඇඟළුම් ප්‍රමාණයක් සහ ඒවාට ගැලපෙන පරිදි සීමිත ආභරණ, පාවහන්, බෑග් ආදිය පවත්වාගෙන යාම Capsule Wardrobe (අපේ කැප්සියුල් වෝඩ්‍රෝබ් ලිපිය කියවන්න) ලෙස සරළව හැඳින්විය හැකියි. මෙමගින් ඇඳුම් අල්මාරිය ඉදිරියේ ගතකරන කාලය අඩුවන අතර කෙදිනක හෝ පැරණි නොවන විලාසිතා එකතුවක් සහිත බැවින් ඔබට කැපීපෙනෙන පෙනුමක් ගොඩනගා ගැනීමටත් හැකියි.

අනිවාර්යයෙන් තිබිය යුතු ඇඳුම් වල වාසිය ගන්න - Take Advantage of Your Staples



ඉහතින් දැක්වෙන්නේ කාන්තාවකට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් තිබිය යුතු ඇඳුම් කීපයකි. ඔබේ වෝඩ්‍රෝබ් එකේ තියෙන ඔබ සතු අනිවාර්‍ය ඇඳුම් විලාසිතා එකතුව පිළිබද සටහනක් තබාගන්න.. එවිට ඔබට සතු ඇඳුම් මාරු කරමින් එකිනෙක ගලපා ඇඳිය හැකියි. ජීන්ස්, ප්ලේන් t-shirt, කලු පෑන්ට්ස් වගේ ඇඳුම් සමඟ හරි ලේසියෙන් අනිත් ඇඳුම් ගලපන්න පුලුවන්. උදාහරණ ලෙස ඔබ කලු පැහැති සායක් සමග සුදු පැහැති බ්ලවුසයක් සතියේ සඳුදා දින ඇන්දා නම් ඔබට ඊළග සතියේ සඳුදා දින එම බ්ලවුසය තද පැහැති කළිසමක් සමග මිශ්‍ර කර ඇඳීමට හැකියි.. එවිට ඔබ එකම බ්ලවුසය ඇඳීම කැපී පෙනීමෙන් වළක්වා ගත හැකියි.. මේ ආකාරයට ඔබ සතු ඇඳුම් ලැයිස්තුවක් තිබෙන විට ඇඳුම් මිශ්‍ර කර නව පෙනුමක් ලබාගත හැකි අතර ඒකාකාරි විලාසිතා රටාවෙන් මිදීමට ද හැකියාව ලබාගත හැකියි.

ආභරණයක් එක්කරන්න - Add an Accessory

ඔබ එක ළඟ දිනයන් හි අඳින ලද ඇඳුමක් නැවත අඳිනවා නම් ඒ සඳහා යම් ආභරණයක් පළඳින්න. එවිට අන් අයගේ අවධානය ඔබගේ ඇඳුමට නොව ආභරණ කෙරෙහි යොමු වනවා.

ඇඳුම් අල්මාරිය නිසි පරිදි සංවිධානාත්මකව සකසන්න - Get Organized

ඔබ සතු සියල්ල අල්මාරියෙන් එළියට ගෙන වෙන් කරන්න.. දෛනික රාජකාරි සඳහා යෑමට අඳින ඇඳුම්, විශේෂ රැස්වීම් වැනි අවස්ථා සදහා ඇඳීමට හැකි ඇඳුම් සහ ආභරණ කට්ටල , සරළ ගමන් බිමන්, උත්සව අවස්ථා සඳහා ඇඳීමට හැකි, ක්‍රීඩා කිරීමට ඇඳිය හැකි ආදී ලෙස නිසි පරිදි සංවිධානාත්මකව සකසන්න. එවිට ඔබගේ කාලය ඉතිරිවන අතරම ඒකාකාරි විලාසිතා රටාවෙන් මිදී ඇඳුම් මිශ්‍ර කර ඇඳීමට ඔබට හැකියාව ලැබෙනවා.

සතිය සැලසුම් කරන්න - Plan Your Week

උදෑසන කලබලයෙන් ඇඳුම් තෝරනවා වෙනුවට සති අන්තයේ ඔබගේ නිවාඩු දිනයේදි ඉදිරි සතිය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් පිලිබදව සැලසුම් කරන්න.. ඔබ සතුව සීමිත ඇඳුම් ප්‍රමාණයක් තිබෙන විට සතියේ එක් දිනක් තුළ ඉදිරි සතිය සඳහා අවශ්‍ය ඇඳුම් සැලැස්මක් සකසා ගැනීමෙන් ඔබට ඇඳුම් එකිනෙක ගලපා ඇඳීමටත් ඒකාකාරි විලාසිතාවෙන් මිදීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම කාලය ඉතිරිකර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

රෙදි සේදිම - Do Your Laundry

ඔබ මුලු සතිය පුරාම අඳින ඇඳුම් සති අන්තයේ එක් දිනක සෝදා පිරිසිදු කරගන්නා විට, ඇතැම් විට ඔබ සතු ඇඳුම් වලින් වැඩි කොටස කිළුටු කූඩයේ ඇති. එමනිසා හැකිනම් සතියකට දින දෙකක්වත් ඔබගේ ඇඳුම් සෝදා පිරිසිදු කරගැනීමට වෙන්කරන්න. විශේෂයෙන් ඔබ සතුව සීමිත ඇඳුම් ප්‍රමාණයක් තිබෙනවා නම් එදිනෙදා ඇඳුම් සෝදා පිරිසිදු කර ගැනීමෙන් ඔබට වාසිදායක වනවා. පවුලේ කිහිපදෙනෙකු සිටිනවා නම් සතියෙ දින එක් එක් අයගේ ‍රෙදි සෝදා පිරිසිදු කිරීමට වෙන්කරන්න.

ඔබ සතුව ඉතා සීමිත ඇඳුම් ප්‍රමාණයක් තිබේ නම් සෑම විටම එකම ඇඳුම නැවත නැවතත් ඇඳීමෙන් වැළකීමට ඔබට අපහසු වේවි.. නමුත් ඉහත පියවර අනුගමනය මගින් ඔබගේ සීමිත ඇඳුම් ප්‍රමාණය වඩාත් කාර්‍යක්ශමව භාවිතා කර ඒකාකාරි බවින් මිදීමට උපකාරි වේවී.. එමනිසා ඔබත් උත්සාහ කර බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2017 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:06:18 PM
Script:/article/2017/how-to-avoid-outfit-repeating-with-a-limited-wardrobe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:06:18 PM
Script:/article/2017/how-to-avoid-outfit-repeating-with-a-limited-wardrobe.html