වයිට් ජීන්ස් අඳින්න බය ඔයාට, වයිට් ජීන්ස් අඳින්න ස්ටයිල් tips ගොඩක්

October 25, 2018
26,486
Style tips to wear white jeans
සුදු ජීන්ස් කිව්වම ඉතින් ඕන කෙනෙක් දෙපාරක් හිතනවා මේක ගන්නවද නැද්ද කියලා. මොකද අපි හිතන්නේ සුදු හැමතැනකටම අඳින්න බෑ, මොන වගේ ටොප් එකක්ද මැච් කරන්නේ අනික ඉඳගන්න ගියත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා වගේ ප්‍රශ්න ගොඩක් නිසා.

ජීන්ස් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන එක ප්‍රධානම දෙයක් තමයි, ඇඳලා බලලා ගන්න එක. ඔයාට ඒක හරියනවද නැද්ද කියල තීරණය කරන්න තප්පර 20කට වඩා යනවා නම් ඒක ඔයාට හරියන්නේ නෑ. මොකද ඔයාට ගැලපෙන ජීන්ස්, ෆිට්-ඔන් කරපු ගමන් මේක ලස්සනයි කියලා දැනෙනවා නම් ඒ ජීන් එක තමා ඔයාට හරියන්නේ. මේ කරුණ ඕනම ජීන් පෙයාර් එකක් ගන්න කොට අදාලයි. හරි ආයෙත් සුදු ජීන්ස් පැත්තට යමු.

ඔයා මේ ලිපිය කියවනකොට ඔයාටම තේරෙයි සුදු ජීන් පෙයාර් එකක් තියෙන එකේ වාසි සහ සුදු ජීන්ස් ඇන්ඳම කොච්චර ලස්සද කියලා. අනික මැච් කරන්න ක්‍රම ඕන තරම්. අනිත් එක තමා ඕනම තැනකට අඳින්න පුලුවන් වීම. බලමු සුදු ජීන්ස් අඳින්න පුලුවන් විධි මොනවද කියලා.

චෙක් ටොප් එකක් නියමෙට ගැලපෙනවා

තද වර්ණ වලින් යුතු කොටු රෙදි වලින් මහපු ශර්ට්, බ්ලවුස් හරිම ලස්සනයි සුදු ජීන්ස් වලට. සැන්ඩ්ල්ස් එක්ක කැශුවල් අඳින්න වඩාත් සුදුසුයි.











ඉරි ඉරි ටොප්

තද පාට ඉරි ටොප් එකක් තමයි සුදු ජීන් එකකට හොඳින්ම ගැලපෙන්නෙ කියලා හැඩකරි අපි හිතන්නේ.











සුදු සුදු

සුදු ජීන්ස් වලට සුදුම ටොප් එකක් අඳිනවා කියන එක ටිකක් අමුතුයි වගේ දැනුනට සුදු සුදු හරියට ගලපලා ඇන්දොත් ඔයාගෙ පෙනුමට පුදුමාකාරයක ක්ලාසි ගතියක් එකතු කරනවා.













ලා පාට ටොප්ස්

සුදු ජීනස් වලට ලා පාට ටොප් එකක් ඇන්දම හරිම චාම් පෙනුමක් ඔයාට එකතු කරනවා.











කලු ටොප්

අපේ විශ්වාස එක්ක අපි ටිකක්, කලුයි-සුදුයි අඳින්න අකමැති උනාට, කලු ටොප් එකක් ඇඳලා ටිකක් ලොකු ආභරණ පැළඳුවොත් පාටි ලුක් එකක් උනත් ගන්න පුලුවන්.











ප්‍රින්ටඩ් ටොප්ස්

ඩොට්ස්, මල් ප්‍රින්ට් තියෙන ටොප්ස් නම් ඕන පාටකින් ඇන්දට ලස්සනයි.











ඩෙනිම් ටොප්ස්

සාමාන්‍ය ගමනක් යන්න ඩෙනිම් ටොප් එකක් එක්ක සුදු ජීන්ස් හරිම ලස්සනයි.











තද වර්ණ වල ටොප්ස්

ටිකක් විශේෂ හමුවීම් වලට තද වර්ණයෙන් යුත් ටොප් එකක් එක්ක හයි හීල්ස් ඇන්දම ඔයාට අමුතු උසස් පෙනුමක් එකතු කරන්වා.











ජැකට් එකක් එක්ක අඳින්න

කාර්යාලයට, ව්‍යාපාර හමුවකට ජැකට් එකක් එක්ක සුදු ජීන්ස් හොඳින් ගැලපෙනවා.









Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1140 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:27:59 AM
Script:/article/1140/style-tips-to-wear-white-jeans.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:28:00 AM
Script:/article/1140/style-tips-to-wear-white-jeans.html