බඩ අඩුකරගන්න මේ දේවල් පහ කරන්න

April 8, 2019
14,968
Do these to reduce belly fat
බඩ තරමක් වැඩි බොහෝමයක් දෙනෙකුගෙ තියෙන හීනයක් තමයි බඩ අඩු කරගෙන, ලස්සනට ඇඳලා, පහසුවෙන් ජීවත් වෙන්න. ඒත් එහෙම වෙන්නනං තියෙන බඩ අඩු කරගන්න එපැයි. අපි මේ කියන්න යන්නෙ ඒ තියෙන බඩ අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක්. මේ දේවල් අත්හදා බැලුවොත් ඔයාලටත් වරදින්නෙ නෑ.

සීනි එපා

සීනි ආහාරය ඔබේ සිරුරට හොඳ නැති විත්තිය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබේ සිරුරට සීනි රස දෙන අනෙකුත් කෘතිම පැණිරසකාරක වලිනුත් හානි කරන විත්තිය අමුතුවෙන් කිව යුතු නැහැ. පිෂ්ඨය සීනි බවට පත්වීමත්, දිරවීම සිදු කළ හැක්කේ අක්මාවෙන් පමණක් වීමත් නිසා සීනි භාවිතය ඔබේ සිරුරේ මහත වැඩි කරවන ප්‍රධානම හේතුවක් ලෙසින් දැක්විය හැක. එනිසා සීනි ආහාරයට ගැනීමෙන් වැළකීම තරබාරුකම රහිත දිවියකට අත්‍යවශ්‍ය සාධකයකි.

වැඩිපුර ප්‍රෝටීන්

ප්‍රෝටීන් කියන්නෙ ​ඔබේ සිරුරට අත්‍යවශය දෙයක්. එය උදරයේ තරබාරු බව අඩු කරවන්නත් හේතුවක් වෙයි. එය ආහාර රුචිය සියයට 60කින් පමණ අඩු කරවනවා. එසේම කැලරි අඩු ප්‍රමාණයක් සිරුරට එක් කිරීමේ කාර්යයටත් එයින් දායකත්වයක් ලැබෙනවා. එනිසා ඔබ ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ නැංවීම උදරයේ තරබාරු බව අඩු කිරීමට හේතුවක් වනු ඇත. එනිසා බිත්තර, මුහුදු මාළු, කිරි සහිත ආහාර ආහාරයට ගැනීම මේ වෙනුවෙන් යෝග්‍ය කර දැක්විය හැකියි.

වැඩිපුර ජලය

දිනකට අවශ්‍ය ජල ප්‍රමානය පානය කිරීමත් සිරුරේ ස්ථුලතාවය අඩු කරවන්නට හේතුවක්. සාමාන්‍යයෙන් විෂාදයෙන් පෙලෙන්නන් ස්ථුලබවින් යුක්තබවට පරීක්ෂණ වලින්ද තහවුරුකරගෙන තියෙනවා. එය ආහාර රුචිය සමග බද්ධ වන කාරණයකි. අවශ්‍ය තරමට ජලය පානය කිරීම විෂාදය මට්ටම පහළ වට්ටන්නට උදවු වෙනවා. එසේම ඔබ ජලය පානය නොකර සිටියොත් සිරුර විසින් පෙර පානය කළ ජලය ගබඩා කිරීම නිසා උදරය ආශ්‍රිත ප්‍රදේශය මහත් වීමට හේතු වෙනවා.

තන්තුමය ආහාර

තන්තුමය ආහාර වැඩිපුර අනුභව කිරීම උදරය ආශ්‍රිත ස්ථුලතාවය අඩු කර ගැනීමට මහත් සේ උදවු වෙනවා. තන්තුමය ආහාර දිරවීමද පහසු කාරණයක් වන අතර එය මළපහ කිරීමද ක්‍රමවත් කරවන නිසා උදරය මහත් වීමට හේතු වන තවත් හේතුවක් මේ ආහාර ගැනීමෙන් වලක්වා ගන්න පුලුවන්. තන්තු බහුලව ඇති පළතුරු, එළවළු, බඩ ඉරිඟු, බතල වැනි අල වර්ග සහ හතු ආහාරයට වැඩිපුර එකතු කරගන්න.

ව්‍යායාම කරන්න

උදරය මහත නම් ආහාර පුරුදු පමණක් වෙනස් කළ පමණින් එය අඩු වේවි යැයි ඔබ සිතා සිටිනවානම් එය ඉටු නොවන බව ඔබ සිතට ගත යුතුයි. එනිසා ඇඟට දැනෙන ලෙසින් සතියකට අඩුම තරමින් දින තුනක් වත් විනාඩි 30-60ක කාලයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක්. අන්තර්ජාලයේ ඇති HIIT හෝ Tabata ව්‍යායාම වල වීඩියෝ search කර ඒ අනුව ව්‍යායාම කිරීමෙන් හොඳ ප්‍රථිඵල ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1299 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:31:04 AM
Script:/article/1299/do-these-to-reduce-belly-fat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:31:04 AM
Script:/article/1299/do-these-to-reduce-belly-fat.html