මේ නීති රීති ටික පිළිපදින්න පුළුවන් නම් සැබෑ ආදරයකට හිමිකම් කියන එක හීනයක් නෙවෙයි

August 9, 2017
11,971
6 relationship rules every couple should follow
නීති රීති පිළිපදින්න නම් අපි ටිකක් අකමැතියි නේ හැබැයි ඉතින් සමහර නීති රීති පිළිපැද්දා කියලා අපිට පාඩුවක් නම් වෙන්නේ නැහැ. අදරේ කියන කාරණාවෙදිත් අපි පිළිපදින සමහර නීති රීති අපි හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවිත ලස්සන කරන්න හේතුවක් වෙනවා. සැබෑ ආදරයක් හිමි කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන එක කාගේ උනත් ජීවිතේ තියෙන හීනයක්. ඒ නිසා අද අපි ඔබට කියන්න හිතුවා සැබෑ ආදරයකට හිමිකම් කියන්න පිළිපදින්න ඕනේ නීති රීති ටිකක් ගැන.

1. ඔබ අදහස් කරන දේ හැම විටම පවසන්න

ඔබ මනසින් වගේම හදවතිනුත් නිතරම ඔහුට විවෘත විය යුතුයි. ඔබට හිතෙන ඔබ කැමති දේවල් ගැන ඔහුට කිවුවොත් තමයි ඔහු ඒ ගැන දැන ගන්නේ. එතකොට තමයි ඔහුට පුළුවන් වෙන්නේ ඔබට ඒ දේවල් වලට සහය වෙන්න. මේ නිසා ඔබ ඔහුට වගේම ඔහු ඔබට විවෘත වීමත් ගොඩක් වැදගත්. එය ඔබේ සබදතාවය ශක්තිමත්ව තබා ගැනීමට වගේම ඔබ දෙදෙනා අතර විස්වාසය ගොඩනැගීමටත් හේතුවක් වෙනවා.

2. හැම වේලාවකම ඇත්ත කියන්න

ඇත්ත කියන්නේ සබදතාවයක විස්වාසය රැකගන්න වැදගත් වෙන දෙයක්. ඒ නිසා කවදාවත් ඔබේ සහකරුවාට බොරු කියන්න උත්සහ කරන්න එපා. ඔබ එහෙම කරොත් වෙන්නේ ඒ බොරුව පවත්වාගෙන යන්න ඔබට තව තවත් බොරු කියන්න සිදුවෙන එක. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම පත්වෙන්නේ විශාල අපහසුතාවයකට. ඒ විතරක් නෙවෙයි, මේ ගැන ඔබේ සහකරුවා දැන ගත්තොත් ඔබට ඔබේ සබදතාවය රැකගන්න බැරිව යනවා.

3. විශ්වාසවන්ත කෙනෙක් වෙන්න

සබදතාවයකදී විශ්වාසය කියන්නේ ඔබ විසින් රැකිය යුතුම දෙයක්. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම සබදතාවයේදී විශ්වාසය රැකිය යුතුයි. ඔබ ඔහුට විශ්වාසවන්ත වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔහුත් ඔබට විශ්වාසවන්ත වෙනවා.

4. කවදාවත්ම ඔහුව විවේචනය කරන්න එපා

අපි කිසිම කෙනෙක් සර්ව සම්පුර්න නැහැ. අපි කවුරු අතින් උනත් වැරද්දක් සිදුවෙන්න පුළුවන්. මේ නිසා ඔහු කරන කියන දේවල් විවේචනය කරන්න උත්සහ කරන්න එපා. ඒ දේවල් වල වැරද්දක් තියෙනවා නම් ඔහුගේ හිත නොරිදෙන විදිහට ඔහුට ඒ දේවල් ගැන පැහැදිලි කරලා දෙන්න.

5. සමාව ගන්න පුරුදු වෙන්න

ඔබ ඔබේ අතින් සිදුවුන වැරැද්දකට සමාව ගන්නවා කියන්නේ ඔබට මදි පුංචි කමක් සිදුවෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ අතින් යම් වැරද්දක් සිදු වුනානම් දෙපාරක් හිතන්නේ නැතිව ඔහුගෙන් සමාව ගන්න.

6. ආදරේ කරන්නත් අමතක කරන්න එපා

හැම පෙම්වතෙක්ම කැමතියි පෙම්වතියත් එක්ක නිදහසේ සතුටින් ආදරෙන් කාලය ගත කරන්න මේ නිසා. මේ නිසා නිතරම ඔහුත් සමග ආදරෙන් සතුටින් ඉන්න කාලය වෙන්කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 371 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:02:23 PM
Script:/article/371/6-relationship-rules-every-couple-should-follow.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:02:24 PM
Script:/article/371/6-relationship-rules-every-couple-should-follow.html