බඩ හිස් වෙලා තියන වෙලාවට මෙම ආහාර 5 ආහාරයට ගන්න එපා

December 14, 2020
7,628
Don’t take these 5 food in empty stomach
වැරදි වෙලාවට කන්න ගියොත් සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් පවා ඔබට සිද්ධ වෙන්නේ අයහපතක්. හිස් බඩින් මේ වගේ ආහාර ගන්න එකෙන් වැළකිලා ඉන්න කියන දැනුම්වත් කිරීම අපි අද ඔබට කරන්නේ ඒ නිසායි. අපගේ ශාරීරික හා මානසික යහපැවැත්ම සඳහා හොඳ පෝෂණයක් කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ඒත් අපේ ජීවිත වල පවතින වේගවත් ස්වභාවය නිසාම ඒ වගේ වැදගත් ආහාර පුරුදු අනුගමනය කිරීම මඟ හැරෙනවා. විශේෂයෙන් හිස් බඩින් ඉන්නකොට කන්න බොන්න සුදුසු මොන වගේ ආහාර ද කියලාත් අපිට ඒ වෙලාවට අමතක වෙනවා.

විශේෂයෙන්ම උදේ ආහාරය කියන්නේ ගොඩක් වෙලාවට අපි හිස් බඩින්ම ටක් ටක් ගාලා ආහාර අරගන්න වෙලාවක්. ඒ නිසා උදේ ආහාර ගනිද්දී ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම සහ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ උපරිම ලෙස අවශෝෂණය කර ගැනීම සඳහා ඔබ ගන්නා ආහාර වලින් කොයි තරම් දුරට දායකත්වයක් ලැබෙනවා ද කියලා තේරුම් ගන්න. එහෙනම්, ඔබේ දැනුම්වත්භාවය වෙනුවෙන් හිස් බඩින් ඉද්දී කන්න හොඳ නැති ආහාර පහක් ගැන දැන් ඔබට කියන්නම්.

1. පළතුරු යුෂ
අපි බොහෝ දෙනෙකුට පලතුරු යුෂ/ෆෘට් ජූස් කියන්නේ එදිනෙදා බීමට ගැනෙන ප්‍රධාන පාන වර්ගයක්. ඒත් හිස් බඩින් පළතුරු යුෂ අග්න්‍යාශයට යනවා කියන්නේ උදරයට අමතර බරක් එකතු වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද පලතුරු වල ෆ්‍රක්ටෝස් ස්වරූපයෙන් තියන සීනි ඔබේ අක්මාවට අහිතකර ලෙස බලපානවා.

ජූස් කියන්නේ සෞඛ්‍ය සම්පන්න තේරීමක් ලෙස පෙනුනට පර්යේෂණ වලට අනුව පලතුරු යුෂ බවට පත් කරනකොට එම යුෂ නිස්සාරක මගින් පළතුරේ තන්තු බහුල පල්ප් එකෙන් සහ පළතුරේ ලෙල්ලෙන් යුෂ වෙන් කරන නිසා සමහර සෞඛ්‍ය සම්පන්න තන්තු විනාශ වෙලා යනවා. බොන්න ගන්න පළතුරු ජූස් වල තන්තු නැති වුණාම නියම පලතුරු අනුභව කරවාට වඩා අපේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා දියවැඩියාව හෝ අධික කොලෙස්ටරෝල් වගේ ගැටළු ඇති අයට මේ ක්‍රමය අවාසිදායකයි.

2. ඇඹුල් පලතුරු
පේර සහ දොඩම් වගේ ඇඹුල් පලතුරු ඔබේ බඩවැල් වල අම්ල නිෂ්පාදනය වැඩි කරනවා. ඒ හරහා ගෑස්ට්‍රික් හා ආමාශයේ තුවාල ඇතිවීමේ අවදානම වැඩි කෙරෙනවා. ඒ වගේ පලතුරු වල තියන තන්තු හා ෆ්‍රක්ටෝස් අධික මාත්‍රාවක් හිස් බඩින් ඉද්දී ආහාරයට ගත්තොත් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය මන්දගාමී වෙනවා.

3. කෝපි
ඔබේ ජිවිතයේ රසවත්ම පානයක් වෙන කෝපි ද හිස් බඩින් ඉද්දී පරිභෝජනය කරන්න එපා. හිස් බඩින් කෝපි බොද්දී ඒක බඩේ ආම්ලිකතාවයට හේතු වෙන්න පුලුවන්. ඒක ආහාර ජීර්ණ පද්ධතියේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය කිරීම උත්තේජනය කරන නිසා ඒක ඊළඟට හේතු වෙන්නේ ගැස්ට්‍රයිටිස් වලටයි.

4. යෝගට්
හිස් බඩින් ඉද්දී යෝගට් වගේ පැසුණු කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් යෝගට් වල ඇති ලැක්ටික් අම්ල බැක්ටීරියා නිසා ආමාශයේ ආම්ලික මට්ටම අධික වෙලා ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම වෙනවා. ඒ විතරක් නෙමෙයි ආම්ලික මට්ටම අධික වුණාම ආමාශය විසින් උදරයේ ආම්ලිකතාවයට හේතු වෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවනවා.

5. සලාද
සලාද පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන අමු එළවළු දිවා ආහාරය සඳහා වඩා හොඳ තේරීමක් වෙන්න පුලුවන්. නමුත් අමු එළවළු සාමාන්‍යයෙන් තන්තු වලින් පිරීලායි තියෙන්නේ. ඒ නිසා හිස් බඩින් සලාද වර්ග ආහාරයට ගනිද්දී අමතර බරක් පැටවෙන්න පුලුවන්. ඒකෙන් බඩේ වාතය පිරීම සහ උදර වේදනාව ඇති කෙරෙනවා. නිදසුනක් විදිහට තක්කාලි වල ටැනික් අම්ලය අඩංගු වන අතර එය ආමාශයේදී ආමාශයික යුෂ සමග සම්බන්ධ වීමෙන් ඔබේ ආමාශය තුළ වේදනාවක් ඇති කරනවා.

ඔබ කන දේවල් ගැන විතරක් නෙමෙයි, ආහාර ගන්න ඕනේ වෙලාව ගැනත් ප්‍රවේශම් වීම වැදගත් වෙන්නේ මේ කාරණා නිසායි. ඒ නිසා ඔබ කැමතිම ප්‍රධාන ආහාර වේල් ගණනාවක් හිස් බඩින් ඉද්දී ආහාරයට හෝ පානයට ගැනීම හොඳම තේරීම නොවෙන්න පුලුවන්. ඒ වෙනුවට හිස් බඩින් ඉද්දී ඔබට පරිභෝජනය කරන්න පුළුවන් විවිධ විකල්ප ඕනේ තරම් තිබෙනවා. ඒවා එක්ක ඔබට යහපත් උදෑසන ආහාර පුරුද්දක් ඇති කරගන්නත් උපකාරී වෙනවා. ඒ අනුව කොමඩු වගේ පළතුරු, 90% ක් ජලය සහ අඩු කැලරි සහිත පෝෂ්‍යදායී කැඳ වර්ග, හිස් බඩින් ඉන්න වෙලාවට ආහාරයට ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed