ෆෘට් සැලඩ් කන්න ඔයත් කැමතිද? දිනපතා ෆෘට් සැලඩ් එකක් කන්න කියන්නේ මේ හේතු 3 නිසයි..

April 3, 2021
8,500
Reasons to eat fruit salad everyday
අපි බොහොම දෙනෙක් ෆෘට් සැලඩ් එකක් කන්නේ අතුරුපසක් විදිහටයි. නමුත් වර්තමානයේ ගෘහණියන් ෆෘට් සැලඩ් එක උදෑසන හෝ රාත්‍රී ආහාර වේලක් විදිහට ආහාරයට ගන්න පුරුදු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ෆෘට් සැලඩ් එක එදිනෙදා ආහාර වේලක් බවට මේ වෙනකොට පත් වෙලා.

පලතුරු වලට අපිව දිගු වේලාවක් කුස ගින්නෙන් මුදවා ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ වලිනුත් ඔබව පොහොසත් කරනවා.

ඇත්තෙන්ම, ෆෘට් සැලඩ් කෝප්පයක් කියන්නේ ඇතැම්විට දවසේ ඔබ ගන්නා සෞඛ්‍ය සම්පන්නම ආහාර වේල වෙන්න පුලුවන්. හරි පලතුරු හරි ප්‍රමාණයෙන් ගත්තොත්, ෆෘට් සැලඩ් එකකට ඔබේ ශරීරයට, ඔබේ සෞඛ්‍යයට විශ්මයජනක දේ කරන්න පුලුවන්. ඔබේ ශරීරයට අවශ්‍ය තන්තු, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක මාත්‍රාව ලබා දෙන අතරම, අඩු රුධිර පීඩන මට්ටම්වල සිට බර කළමනාකරණය දක්වා පුළුල් පරාසයක් දක්වා සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට මෙයින් ලැබෙනවා.

සැලඩ් එකට ඔබ කැමතිම පලතුරු තෝර ගන්න අතරම ඔයාගේ සෞඛ්‍ය මට්ටමට ගැලපෙන පලතුරු තෝරගන්නත් වගබලා ගන්න. අපේ රටේ පලතුරු වර්ග තෝරගන්න එක සහ සොයා ගන්න එක අපහසු වැඩක් නෙවෙයි.. මොකද විවිධාකාරයේ පලතුරු වර්ග වලින් අපේ රට පොහොසත් නිසා. අන්නසි, අඹ, පේර, අලිගැටපේර, පැණි කොමඩු, පැපොල්, කෙසෙල්, කාමරංගා, වරකා, ජම්බු.. වගේ තන්තු බහුල වගේම ඒ අතරට ජලය අධික පළතුරුත් ඔයාට තෝරගන්න පුලුවන්.

මෙන්න මේවා තමයි ෆෘට් සැලඩ් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ..

බර අඩුවීම
පලතුරු.. ජලය හා තන්තු වලින් සමන්විත වන නිසා ශරීරයට එකතු වෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක්. මෙය බර අඩු කර ගන්න උපකාර වනවා. උදාහරණයක් ලෙස, කාමරංගා ගැන කිව්වොත්, විටමින් සී වලින් පිරිපුන්, විටමින් බී සහ තන්තු වලින් බහුල සින්ක්, පොටෑසියම් සහ යකඩ පොඩි ප්‍රමාණ වලින් ඇති මේ පළතුර ඔබේ සෞඛ්‍යයට හොඳ අත්වැලක්.

සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ
විටමින් සී බහුල පලතුරු ශරීරයේ පටක වර්ධනයට හා අළුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා. පළතුරු වල ඇති තන්තු බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා පමනක් නෙවෙයි ඇදුම රෝගය සුවපත් කිරීමට පවා උපකාරී වෙනවා.

කෙසෙල් යනු විටමින් සී පොහොසත් පලතුරක් වන අතර ඔබේ ශරීරය සෛල හා පටක හානිවලින් ආරක්ෂා කර ගැනීමටත්, කොලජන් නිපදවීමටත් (ඔබේ සම, අස්ථි හා ශරීරය එකට තබා ගන්නා ප්‍රෝටීනයක්), සෙරොටොනින් (ඔයාගේ හෝමෝනය වලට බලපාන හෝමෝනයක්) නිපදවීමෙන් මොළයේ සෞඛ්‍යයට සහාය වෙනවා.

අඹ කියන්නේ පිලිකාකාරක සෛල සමඟ සටන් කරන ප්‍රතිඔක්සිකාරක ඇති පළතුරක්. ප්‍රතිඔක්සිකාරක, හෘද රෝග සඳහා අවදානම් සාධක අඩු කරයි, LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ රුධිර පීඩනය අඩු කරන බවද සොයාගෙන තියෙනවා.

ආහාර ජීර්ණය පහසු කරයි
ෆෘට් සැලඩ් එකක ඇති පළතුරු වල ඇති ඉහල තන්තු ප්‍රමාණය ආහාර ජීර්ණයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. තන්තු මලබද්නය අවම කරන අතර මල බුරුල් කිරීමට සහ ජීර්ණය ලෙහෙසි කරවන්න බඩවැල් වලට උත්තෙජනයක් ලබා දෙනවා. කෙසෙල්, දොඩම් ෆෘක්ටෝස් අවම පළතුරු වර්ග වෙනවා. කෙසෙල් වල ඇති ඉනියුලින් උදරයේ හොඳ බැක්ටීරියා හදන්න බෙහෙවින් දායකත්වය ලබාදෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1959 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:01:08 PM
Script:/article/1959/reasons-to-eat-fruit-salad-everyday.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:01:09 PM
Script:/article/1959/reasons-to-eat-fruit-salad-everyday.html