දිදුලන සමක් ඕනෙද? එහෙනම් වතුර කන්න

February 28, 2019
11,139
Want a glowing skin? eat these
වතුර කන්න?? ඔව් ඔබ කියෙව්වා හරි. ඔබ දවසකට වතුර ලීටර කීයක් බොනවද? අඩුම තරමේ වතුර ලීටර 4ක් වත් දවසකට බොන්න ඕනේ. බොහෝ වෙලාවට මේක කරන්න අපිට ටිකක් අතපසු වෙනවා වගේම සමහරුන්ට මේක ටිකක් අපහසු කාර්‍යයක්. ඉතින් ඒකට හොඳම උත්තරේ තමයි ජලය අධිකව අඩංගු එළවලු පලතුරු ආහාර වේලට එකතු කරගන්න එක. ශරීරයට හරි පමණට වතුර ලැබෙනවා කියන්නේ කිසිම වදයක් නැතුව ශරීරය විසින් අපිට දිදුලන සමක් ලැබෙනවා කියන එකයි. බලන්න මේ දේවල් අපේ සම ලස්සන කරන්න කොච්චර දායක වෙනවද කියලා. මේ එළවලු පළතුරු වලින් එකක් වත් දිනපතා ආහාර වේලට එකතු කරගමු.



01. අයිස්බර්ග් සලාද කොල (96% වතුර)

සුපිරි වෙළඳසැල් වල බෙහෙවින් දකින්න ලැබෙන අයිස්බර්ග් සලාද කොල වල 96%ක් ම තියෙන්නේ වතුර. එකම දුකට හේතුව නම් මේ සලාද කොල වල පෝෂණ සංඝටක නම් නැතිතරම්. ඒත් සිරුරේ ජල අවශ්‍යතාව සපුරන නිසා සැන්විච්, සලාද වගේ දෙවල් වලට මේ රසවත් සලාද කොල එකතු කරගන්න.

02. පිපිඤ්ඤා (96% වතුර)

96%ක් වතුර අඩංගු පිපිඤ්ඤා, තන්තු සහ මිනරල් වලින් පොහොසත් ආහාරයක්. උෂ්ණ අධික කාලෙට කියාපු ආහාරයක් වන පිපිඤ්ඤා සලාදයක් විදිහට, ලුණු ගම්මිරිස් ටිකක් දාලා වගේම නිකන් කන්නත් පුළුවන් රසවත් ආහාරයක්.

03. පැණි කොමඩු (92% වතුර)

පැණි කොමඩු වලත් වතුර 92% වගේම තන්තු, මිනරල් අඩංගු පෝෂණීය පළතුරක්.

04. නිවිති (96% වතුර)

නිවිති වල ජලය පමණක් නෙවෙයි, ඛණිජ ලවණ, තන්තු වලින් පොහොසත්. විටමින් E කියන්නේ ඉතින් සම, හිසකෙස්, නිය ලස්සන කරන විටමින් වර්ගයක්නේ. ඉතින් දිනකට අවශ්‍ය විටමින් E ප්‍රමාණය නිවිති කෝප්ප 1කින් ලබා ගන්න පුළුවන්.

05. දොඩම් (87% වතුර)

දොඩම් කියන්නෙ ලොකු පොඩි කවුරුත් ආස පළතුරක්. දොඩම් වල බොහොම අඩු කැලරි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබයි විටමින් ඇ, ඹ්, C, කල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, මැන්ගනීස්, කෝලීන්, සෙලීනියම් සහ කොපර් අඩංගුයි. විජළණය වලක්වන දොඩම් මුළු සිරුරේම සෞඛ්‍ය සම්පන්න බව සුරකිනවා. දොඩම් නිතර පාණයෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහල නන්වාගන්න, හදවතේ ක්‍රියාකාරීත්වය ඉහල නන්වන්න, කොලෙස්ටරෝල් අඩු කරගන්න වගේම ඇතැම් පිළිකා මර්ධණයටත් උදවු වෙනවා. පුළුවන්. පිසින්නේ නැතිව අමුවෙන් කන්න පුළුවන් නම් තමා ගුණදායක වෙන්නේ.

06. ස්ට්‍රෝබෙරි (90% වතුර)

ඉතාම රසවත් පළතුරක් වන ස්ට්‍රෝබෙරි නම් ඉතින් කන්න ක්‍රම ඕනෙ තරම්. ස්මූති, අතුරුපසක් වගේම කේක් එක්කත් ආහාරයට ගන්න පුළුවන් නේ.

07. ඇපල් (84% වතුර)

ඇපල් වල විටමින් C, ඹ්, තන්තු, කැල්සියම්, පොටෑසියම් වගේ ගොඩක් පෝෂණ කොටස් අඩංගුයි. සම පැහැපත් කරන අතර ඇස් පෙනීම වර්ධණය කරනවා.

08. තක්කාලි (93% වතුර)

කොල තක්කාලි වල 93%ක් ද රතු තක්කාලි වල 94%ක් ද ජල‍ය අඩංගුයි. කැලරි අඩුවෙන්ද ප්‍රතිඔක්සිකාරක සහ විටමින් වලින් පිරිණු තක්කාලි, සැලඩ් එකක් විදිහට, සැන්විච් එකට වගේම් උදේට බොන ජූස් එකටත් එකතු කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1278 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:25 PM
Script:/article/1278/want-a-glowing-skin-eat-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:26 PM
Script:/article/1278/want-a-glowing-skin-eat-these.html