ඔයාගේ කකුල් වල හැඩයට ගැලපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි

August 22, 2020
24,128
How to select cloths according to your leg shape
විලාසිතා ලෝකයේ අලුත් ප්‍රවණතා සොයලා බලන්න අපි නිතරම පෙළඹෙනවා. කොටින්ම සමහර අයට ඒවා නොගැලපුණත් විලාසිතා රැල්ලට යන නිසා අඳින්න ආස හිතෙනවා. ඒත් නොගැලපෙන ඇඳුම් වලින් ඔයාගේ පෙනුමේ ආකර්ෂණය අඩු කරනවා කියලා සිහියේ තබා ගන්න ඕනේ. ඒවගේම තමයි ඇඳුමක් අඳින කොට ඔයාගේ කකුල් වල හැඩය ගැනත් සලකා බලන්න ඕනේ. අද හැඩකාරී අපි මේ කියලා දෙන සරල ටිප්ස් ටික කියෙව්වොත් ඔයාට සුදුසු විලාසිතා ගැන දැනුම්වත් වෙලා ඒවාට අනුව ඇඳුම් පැළඳුම් තෝර ගන්න පුලුවන්. ඒ වගේම මෙම විලසිතා වලින් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාට ප්‍රයෝජනවත් වෙන ටිප්ස්  කිහිපයක් මෙන්න...

1. ඔයාට ඉතා සිහින් කකුල් තියෙනවා නම්
බොහෝ කාන්තාවන් සිහින් කකුල් ඇති කර ගැනීමට සිහින දකිනවා. නමුත් ඒවා ලස්සනට පේන්න නම් ඔයාගේ ශරීරයේ ඉහළ හා පහළ කොටස් සමබර කර ගත යුතුයි. ඒ සඳහා ඔයාට භාවිතා කරන්න පුලුවන් උපදෙස් කිහිපයක් මෙන්න:

චන්කි හීල්ස් (Chunky Heels) වලින් වළකින්න.




Knee Skimming ඇඳුම් එනම් යන්තම් ඔබේ දනහිස වැසෙන අයුරෙන් මැසූ ඇඳුම් ඇඳීමෙන් ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්. 






ඒ වගේම  Peplum Dresses එකක් එනම් ඔබේ උකුල ප්‍රදේශයෙන් පිම්බුනු හෝ සාක්කු යෙදූ ඇඳුම් හෝ ප්ලීට් සහිත සායකින් ඔයාගේ උකුල් ප්‍රදේශයේ හැඩයක් ඉස්මතු කර පෙන්වන්න පුලුවන්.










ඔයාගේ පාද සිහින් නම් A-line සායක් වඩාත් සුදුසුයි.






2. ඔයාට සුදුමැලි හෝ කැළැල් සහිත පාද තිබේනවා නම් ඔයාගේ සමස්ත පෙනුමට ඒක බලපානවා. ඒ වගේම ඇතැම් අයගේ දනහිස් එලියට නෙරා පිහිටා තිබෙනවා. ඒ නිසා අඩුපාඩු සැඟවීමට මෙම උපදෙස් ටික පිළිපදින්න.

ඔයා අඳින සාය, ගවුම, කලිසම දණහිසට පහළින් තිබෙන එකක් අඳින්න. 
දිග කඩාහැලෙන සායක් හෝ ඇඳුමක් (Floaty Skirt or Dress) අඳින්න.
ප්‍රින්ටඩ් ඇඳුම් සහ දණහිසට උඩින් ඇති ඇඳුම් වලින් වළකින්න.
ඔයාගේ කකුල් සුදුමැලි නම් තද පැහැති සපත්තු වලින් වළකින්න.


3. ඔයාගේ කකුල් වල පෙනුම දිගු කර ගැනීමට අවශ්‍ය නම්..
ඔයාට උස පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් අඩි උස පාවහන් දෙකක් පළඳින එක තමයි හොඳම විසඳුම. නමුත් හැමදාම ඒවා පළඳින එක ප්‍රායෝගික නැහැ නේ. අඩි උස පාවහන් දෙකක් භාවිතා නොකර ඔබේ උස වැඩි කර පෙන්වන්න පුලුවන් විකල්ප කිහිපයක් මෙන්න.

ඇන්කල් බූට්ස් (ankle boots) වලින් වළකින්න, එමගින් කකුල් කොට කර පෙන්වනවා.




Nude පාට පාවහන් පළඳින්න.








හයි වෙස්ට් ජීන්ස් එකක් හෝ හයි වෙස්ට් සායක් අඳින්න.
















4. කකුල පිටුපස සහ වළලුකර මහත නම්…



ඔයාගේ කකුල් මේ ආකාරය නම් මේ විදිහට අඳින්න උත්සාහ කරන්න.

වළලුකර වටා පටියක් හෝ ගාංචුවක් සහිත සපත්තු පළදින්න එපා. මෙමගින් වළලුකර ප්‍රදේශය ඉස්මතු වෙලා පේන්න බලනවා. 
පෙන්සිල් ස්කර්ට් (pencil skirt) එකකින් ඔයාගේ පාදයේ පහළ ප්‍රමාණය ඉස්මතු වෙලා පෙනෙන්න පුලුවන්. ඒ නිසා ඔයාට A-line සායක් ගැළපෙනවා.
ඔයාගේ ඉණට පහළ කොටසට අඳුරු වර්ණ සහ ටොප් එක ලා පැහැයෙන් අඳින්න.
ෆ්ලැට් සපත්තු වලින් වළකින්න. සාමාන්‍ය උසක් ඇති හීල්ස් වලින් හොඳ පෙනුමක් ගෙන දෙනවා.


5. ඔයාගේ කකුල් දුන්නක් සේ හැඩයක් ඇත්නම්…
නිවැරදි වර්ණ හා හැඩතල භාවිතා කිරීමෙන් ඔබේ නැමුණු කකුල් වල පෙනුම අවම කර ගන්න පුලුවන්.



ඉතා තද කලිසම් හෝ ලෙගින්ස් අඳින්න එපා. ඒ වෙනුවට ලිහිල්, දිග කලිසම් අඳින්න.
දිගු කඩා හැලෙන සායක් වඩා හොඳයි.
ප්‍රින්ටඩ් කලිසම් වෙනුවට එක වර්ණයක් සහිත කලිසම් අඳින්න. ඒවගේම සපත්තු වර්ණය ඔයාගේ කලිසමට ගැලපෙන්න පළඳින්න.










6. ඕනෑම කකුල් හැඩයක් සඳහා මේ උපදෙස් වැදගත් වෙයි..
ඔයාගේ කකුල් ලස්සන්ට පෙන්න ඕනේ නම් හැකි සෑම විටම තනි පාට කලිසම් සහ සායවල් අඳින්න. ප්‍රින්ටඩ් කලිසම් වලින් ඔයාගේ කකුල් මහතට පේනවා. ලොකු තිත් සහිත කොට සායවල් වලින් වැලකෙන්න. එයින් ඔයාගේ කකුල් මහතට පෙන්වනවා.

ඇඳුම් තෝරන විට, ට්‍රෙන්ඩ් එකට වඩා තමන්ව ලස්සනට පෙන්වන දෙය තෝරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1790 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:45:24 AM
Script:/article/1790/how-to-select-cloths-according-to-your-leg-shape.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:45:25 AM
Script:/article/1790/how-to-select-cloths-according-to-your-leg-shape.html