ආයුර්වේදයට අනුව ඔබේ ප්‍රකෘතිය හඳුනාගෙන ආයුෂ, නීරෝගී බව සහ රූපසම්පත්තිය වර්ධනය කර ගන්න

August 20, 2021
18,141
Improve your health and beauty with ayurweda
“ආරෝග්‍යා පරමා ලාභා” යන කියමනේ සත්‍යතාවය ඔබ කවුරුත් ජීවිත කාලය ඇතුළතදී එක් වරක් හෝ වටහාගෙන ඇති බව නිසැකයි. නීරෝගීව පරමායුෂ ලබන්නට අපි කවුරුත් කැමතියි. ඒ වගේම සුන්දර පෙනුමකට සහ යහපත් පෞරුෂයකට හිමිකම් කියන්නටත් අපි කවුරුත් කැමතියි. නමුත් අද කාලයේ අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් අපිට අපේ ශරීර සෞඛ්‍යය ගැන අවධානයක් යොමු කරන්න ලැබෙන්නේ ඉතාම සීමිත කාලයක්. නමුත් එසේ වූවා කියා අපි අපේ ජීවිතය යහපත් කරන පිළියම් යෙදීමට පසුබට විය යුතු නැහැ.

ඉතින් මේ ලිපිය හරහා අපි ඔබට ඒ සඳහා අගනා සහායක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට හිමි ප්‍රකෘතිය හඳුනාගෙන, ඒ ප්‍රකෘතියට අදාළව උද්ගත විය හැකි ගැටළු හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදන්නේ කෙසේද යන්න මේ ලිපිය කියවීමෙන් පසු ඔබට වටහාගත හැකි වේවි. ඒ වගේම ඒ පිළියම් හරහා ආයුෂය, සෞඛ්‍යය සහ රූපය වර්ධනය කරගන්නටත් ඔබට හැකිවෙනවා නිසැකයි.


ප්‍රකෘතිය යනු කුමක්ද?


ආයුර්වේදයට අනුව සියල්ල නිර්මාණය වී තිබෙන්නේ පංච භූත සහ පංච භූත වලින් නිර්මිත ත්‍රිධාතු මූලිකවය. වාත, පිත, කඵ යන මෙම ත්‍රිධාතු සියලු දේ තුළද, මිනිසා තුළ පවා විවිධ ප්‍රතිශතයන්ගෙන් පවතී. උපතේදී සිදුවන ශරීර නිර්මාණයේ දී වාත, පිත, කඵ යන ත්‍රිධාතුන්ගේ සංකලනය මත එනම්, ඒවායේ ප්‍රතිශතයන් මත අපගේ ප්‍රකෘති තත්ත්වය තීරණය වේ.
ඒ ඒ පුද්ගලයා අයත් වන ප්‍රකෘතිය හඳුනාගැනීම මඟින් පුද්ගලයෙකුගේ ශරීරයේ ස්වභාවය, මානසික ස්වභාවය, සමාජ පැවැත්ම, කැමති අකැමැති දේ, චර්යා රටා මෙන්ම රෝගී බවට ඇති හැකියාවන්ද, නිරෝගී බව රැක ගැනීමට කළයුතු නොකළ යුතු දේ පිළිබඳවද දැනගැනීමට හැකිවේ. ඒවාට නිසි ආයුර්වේදීය පිළියම් යෙදීම මගින් පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හැකියාව ලැබේ.

ප්‍රකෘති වර්ග මොනවාද?

අපි ඉහතිනුත් සඳහන් කළ ත්‍රිධාතු වන වාත, පිත, කඵ සංකලනය වන ප්‍රමාණයන් සහ ප්‍රතිශත මත ප්‍රමුඛ ධාතුන්ද, දෙවනුව ප්‍රතිශතයන් වැඩි ධාතුව සලකා සාමාන්‍යයෙන් පවතින ප්‍රකෘති තත්ත්ව හයක් යොදා නිර්මාණය කර ඇත. ඒවා පහත පරිදිය.
● වාත පිත
● වාත කඵ
● පිත වාත
● පිත කඵ
● කඵ වාත
● කඵ පිත

ඒ ඒ ප්‍රකෘති තත්ත්ව වලට අදාළ මූලික චරිත ලක්ෂණ

වාත පිත
වාත ප්‍රතිශතයෙන් වැඩිම වන අතර දෙවනුව වැඩිම ධාතුව පිත වේ. මොවුන් චරිත ලක්ෂණ අනුව ඉතා සුහදශීලී නොවෙති. දක්ෂයන් වන අතර නිර්මාණයේ අතිදක්ෂ අය වේ. බොහෝ නිර්මාණකරුවන් මෙම ගණයට අයත් වේ. ඉතා ඉක්මනින් වෙනස් වීමට හැකියාව ඇති අතර අන් අයගේ සිත් දිනා ගැනීමට හැකියාව ඇත.

වාත කඵ
වාත ප්‍රමුඛව සහ දෙවනුව කඵ ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රකෘති ගණය වාත කඵ නම් වේ.
ප්‍රධාන වන්නේ වාත බැවින් වාත ලක්ෂණ ප්‍රමුඛ වේ. එම නිසා වේගවත් බවත්, ඉක්මන් බවත් කඵ සමඟ සම්මිශ්‍රව පැවතීම නිසා පිළිවෙලත් සංවිධානාත්මක බවත් ඇත. මනෝභාවයන්ගේ වෙනස්වීම තිබීම නිසා විටින් විට වෙනස් වීමටත් ඒ සමඟම අවස්ථාවට අනුකූලව හැසිරීමටත් හැකියාව පවතී. මූර්ති ශිල්පීන් නර්තන ශිල්පීන් චිත්‍ර ශිල්පීන් ආදීන් මේ ගණයට අයත් වේ.

පිත වාත
පිත ප්‍රබලවද දෙවනුව වාත ප්‍රධානව ඇති අය පිත වාත ප්‍රකෘතිය ලෙස දැක්විය හැක.
චරිත ලක්ෂණ සැළකීමේදී ඉතා ජනප්‍රිය වැඩිම යහළු යෙහෙළියන් පිරිසක් සිටින අයයි. සබකෝලයෙන් තොරව ඉදිරිපත් වන මොවුන් උත්සාහවන්තව කාර්යයන් කිරීමේ හැකියාවක් කාර්යශූර බවත් පෙන්වයි. කණ්ඩායම් ක්‍රියාවෙහි දක්ෂයන් වේ.

පිත කඵ
පිත ප්‍රධානව කඵ ලක්ෂණ සම්මිශ්‍රව පෙන්නුම් කරන අය පිත කඵ ප්‍රකෘතිය ලෙස පෙන්වා දිය හැක.
මොවුන් ඉතා සුවිශේෂී චරිත ලෙස සමාජයේ කැපී පෙනේ. පිත ප්‍රමුඛ වීම නිසා මොවුන් තුළ බහුලව පිත සම්බන්ධ ලක්ෂණ පෙන්වයි. එනම් මොවුන් චතුර කථිකත්වයකට හිමිකම් කියන අතර, සංවිධානාත්මක බවක් ඇති නායකත්වයට නිතැතින්ම කැමති අය වෙති. අරමුණක් ගැන සිතූ පසු එම අරමුණ ළඟාකර ගැනීමටත්, ඉන් වෙනස් නොවී ඒ සඳහාම වෙහෙස වීමටත් මොවුන්ට හැකියාව ඇත. ඉතා හොඳ නායකයන් වන මොවුන් ශූර පුද්ගලයන්ද වේ.

කඵ වාත
කඵ දෝෂ ලක්ෂණ ප්‍රධානවද, වාත දෝෂ ලක්ෂණ දෙවනුව ද පෙන්නුම් කරන කාණ්ඩය කඵ වාත ලෙස දැක්වේ.
කඵ ප්‍රධාන බව නිසා ඔබ ඉතා ස්වාධීන ගති ලක්ෂණ පෙන්වන අතර මනා සංවිධානාත්මක බවක්ද ඔබ තුල ඇත. ස්වෝත්සාහයෙන් වැඩ කටයුතු කිරීමටද ඔබ සමත්ය. පහසු හා ඉක්මන් ක්‍රමවේද කෙරෙහි අවධානය යොමුකරන අතර කාර්යයන් පිළිවෙලට කිරීමේ හැකියාවද මොවුන් සතුව පවතී. කඵ ප්‍රධාන නිසා නොවෙනස් ගති ලක්ෂණ තිබුණද, වාත දෝෂයේ බලපෑම නිසා අවශ්‍ය තැන වෙනස් වීමට මොවුන්ට හැකියාව ඇත.

කඵ පිත
කඵ ප්‍රධානව පිත සමග සම්මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කරන්නන් මෙම ගණයට අයත් වේ.
චරිත ලක්ෂණ අතරින් මොවුන් දක්ෂතම කළමනාකරුවන් ලෙස පෙනේ. මොවුන් අන් අයව මෙහෙයවා යම් ඉලක්කයන්ට යොමු කරවීමටත් ඔවුන්ගෙන් කාර්යයන් ඉටු කරවා ගැනීමටත් හැකියාව ඇති අය වේ.
තමාගේ ප්‍රතිරූපය පිළිබඳව ඉතා සැලකිල්ලක් දක්වන මොවුන් තමාට නොගැළපෙන කිසිවක් නොකරන අතර නිදහස හා සතුට පිළිබඳ වැඩිපුර සිතන්නන් වේ.

ඒ ඒ ප්‍රකෘති තත්ත්වයන්ට අදාළ ශාරීරික තත්ත්වයන්

වාත පිත

මෙම ප්‍රකෘතියට අයත් පුද්ගලයන්ට පවතින්නේ තෙතමනය අඩු සමක් බැවින් වයස්ගත වීමේදී මුහුණේ රැළිවැටීම ඉක්මනින් ආරම්භ විය හැක.
කෙස්කළඹ සැලකීමේදී කෙස් ගස් සිහින් වන අතරම ප්‍රමාණයෙන්ද අඩුය. වාත ප්‍රමුඛ වීම නිසා පහසුවෙන් කැඩී යන අපිළිවෙල සහිත මෙන්ම අවුල්වන වියළි කෙස් කළඹක් හිමිවේ. පිත ලක්ෂණ නිසා කෙස් ගැලවී යාමද දැකිය හැකිය.
දත් කුඩා වන අතර දන්ත සංවේදීතාවය වැඩිය. නියපෙල ද ඉක්මනින් කැඩී යන ස්වභාවයක් දැකිය හැකි වේ.

වාත කඵ

වාත ප්‍රමුඛත්වය නිසා වියළි සමක් ප්‍රධාන වශයෙන් තිබුණද, කඵ සමග තිබීම නිසා තෙත් බව, තෙල් සහිත සමක් දැකිය හැක. එම නිසා මිශ්‍ර, ගැටලු අවම සමක් දැකිය හැකිය.
පැහැයෙන් වර්ණවත් වුවත් දීප්තිමත් බව අඩුය. කම්මුල් ආශ්‍රිතව තෙල් සහිත බවක් රාත්‍රියේ නින්දෙන් අවදි වූ පසුව දැකිය හැකිය.
හිසකෙස් ප්‍රමාණය අඩුය නමුත් කෙස්ගස් තරමක් ඝනකම් විය හැක. හිස් කබලේ වියළි බව නිසා ඇතිවෙන ඉස්සොරි හිසකෙස් වල රැඳී තිබෙන ස්වභාවයක් දැකිය හැකිය. දත් කුඩා වුවත් පිරිපුන් ස්වභාවයක් පෙන්වයි. දන්ත සංවේදීතාවය අඩුය. නිය පිරිපුන්ය.

පිත වාත

පිත ප්‍රමුඛ බව නිසාම ඔවුන්ගේ සම වාත හේතුවෙන් වන අඳුරු පැහැය මගහරවමින් දීප්තිමත්ව බබළයි. තෙල් සහිත බවක් වියලි බවත් මිශ්‍ර සමක් පවතී. තෙල් සහිත බව නිසා සමෙහි සංවේදීතාව වැඩි නිසා අසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව වැඩිවන අතර කුරුලෑ ඇතිවීමේ හැකියාවද වැඩිය.
මොවුන්ගේ කෙස්කලඹ තඹවන්ය. නිය සිනිඳුය. කෙස් ගැලවී යාම වැඩි විය හැක. කෙස් ප්‍රමාණයෙන් සාමාන්‍ය‍ය හෝ අඩු විය හැකිය.
දත්වල හා නිය වල කහ පැහැයක් දැකිය හැකිය. දන්ත සංවේදිතාව පැවතිය හැකිය.

පිත කඵ

සමේ දිදුලන පැහැපත් වර්ණයක් ඇති අතර, කැපී පෙනෙන දීප්තිමත් බවක් ඇත. සම තෙල් සහිත වන අතර blackheads, white heads වැඩි විය හැක. මොවුන්ට දීප්තිමත්, සිත් ඇදගන්නා සුළු ඇස් ඇත.
කෙස් කළඹ තඹවන් විය හැකි අතර, කෙස් ඝනකම් වේ. ඉතා අලංකාර කෙස් කළඹක් මොවුන් සතු වේ .
මොවුන්ට සෙම් රෝග, පීනස් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, තමාගේ සෙම කෝප නොවන අයුරින් පිත පාලනය කිරීම මගින් ඉතා නිරෝගීව සිටීමට අවකාශය ලැබේ


කඵ වාත

ප්‍රධාන වන්නේ කඵ බැවින් මොවුන්ගේ සම පැහැපත් වන අතර තෙතමනය සහිත බවක් දැකිය හැකිය. සුළු තෙල් සහිත බවක් මිශ්‍ර වීම නිසා ඇති වුවද රළු හෝ වියළි බවක් අත් පා වල දැකිය හැකිය.
හිසකෙස් ඝනකම් වන අතර කළුවන් කෙස්කළඹක් පිහිටයි. හිසකෙස් කැඩී යාම, අගිස් පැලීම වැනි ලක්ෂණද, කෙස් ප්‍රමාණයෙන් අඩු විය හැකි බව දැකිය හැක.
පිරිපුන් දත් පිහිටන අතර දන්ත සංවේදීතාවය තිබිය හැක.

කඵ පිත

තෙල් සහිත බව නිසා කුරුලෑ ඇති සමක් හිමි වන අතර, ඒ නිසාම සමෙහි අවපැහැ ගැන්වීම් හා කුරුළෑ ලප තිබිය හැකිය. නමුත් මොවුන් ඉතා පැහැපත් හා දීප්තිමත් සමකට උරුමකම් කියයි. තෙතමනය සහ තෙල් සහිත බව නිසා මොවුන්ගේ සම රැලි වැටීම ඉතා ප්‍රමාද වේ.
ගැටළු අවම කෙස් කළඹක් ඇති මොවුන්ගේ කෙස් ඝනකමෙන් හා පිරිපුන් ව පවතී. කෙස්කළඹෙහිද තෙල් සහිත බව නිසා කෙස් වියළී යාමක් නොපෙන්වන අතර, රැළි සහිත ලස්සන කෙස් කලඹක් හිමිවේ.


ඔබ අයත් වන ප්‍රකෘතිය කුමක්ද? එය හඳුනාගෙන ජීවන තත්ත්වය උසස් කරගන්නේ කෙසේද?

ඔබේ ප්‍රකෘතිය පිළිබඳ තේරුම් ගැනීම මගින් නිරෝගීව සිටීමට මෙන්ම රූපය නිසි ලෙස රැක ගෙන සිටීමටත් ඔබට අවස්ථාව හිමිවේ. ඒ සඳහා නිසි සුදුසුකම් ලත් ආයුර්ව්ද වෛද්‍යවරයෙක්ගේ සහාය ලබාගෙන ඔබේ ප්‍රකෘතිය සහ ඊට අදාළ ගැටළු හඳුනාගෙන නිසි පිළියම් යෙදීමට ඔබට පුළුවන්.

එසේත් නැත්නම් ඔබට ඒ සඳහා තවත් එක් පහසු ක්‍රමයක් අනුගමනය කිරීමටත් පුළුවන්. ඔබට පුළුවන් Lever Ayush ප්‍රකෘති සත්කාර App එක භාවිතා කර ඔබ අයත් වෙන ප්‍රකෘතිය විනාඩි කිහිපයක් ඇතුළතදී ඉතාම පහසුවෙන් හඳුනාගන්නට. එමෙන්ම එම ප්‍රකෘතිය සම්බන්ධව ඇතිවන ගැටළු තත්ත්වයන්ට පිළියම් යෙදීම සඳහා උපකාරී වන ආයුර්වේද නිෂ්පාදන මිලදීගැනීමටත් මේ App එක මගින් ඔබට පහසුවෙන්ම අවකාශය සැලසෙනවා.
පහත සබැඳිය (Link) ක්ලික් කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රකෘතිය හඳුනාගෙන අදාළ පිළියම් සොයා ගෙන නීරෝගී, සුන්දර ජීවිතයක් උරුම කරගන්නට.
https://ayush.lk/sinhala/webapp/

එසේනම් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ආයුෂය, නීරෝගී බව සහ රූප සම්පත්තිය වර්ධනය වන අනාගතයක් හිමි වේවා කියා!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2049 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:40 PM
Script:/article/2049/improve-your-health-and-beauty-with-ayurweda.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:40 PM
Script:/article/2049/improve-your-health-and-beauty-with-ayurweda.html