තනිවම කොණ්ඩා විලාසිතා කරන්න හිතන් ඉන්නවා නම් මෙන්න ඒකට අදහස්

June 11, 2021
16,954
Ideas to do your hair by yourself
හැම තරුණියක්ම, හැම කාන්තාවක්ම කැමතියි තමන්ගේ රූ සපුව ලස්සනට තියාගෙන ඉන්න. ඒ නිසා තරුණියන්, කාන්තාවන් තමන්ගේ සිරුරට ගැලපෙන විදිහේ ලස්සන ඇඳුම්, සපත්තු තෝරන්නේ හරිම ආසාවෙන්. හැමෝම අතරේ කැපී පෙනෙන විදිහට ඔයාගේ හැඩ වැඩි කරලා පෙන්වන්න ලස්සන කොණ්ඩ මෝස්තර කිහිපයක් තමයි අපි අදත් අරන් ආවෙ. ඉතින් ඔයාත් මේ සරල මෝස්‌තර ටික ට්‍රයි කරලා බලන්න. අපේ කලින් ලිපියේ මෝස්තරත් බලන්න අමතක කරන්න එපා ඔන්න.

1. Double French Braids
සාමාන්‍ය දිග කෙස් කළඹක් ඔයාට තියෙනවා නම් මුහුණෙ සුන්දරත්වය වැඩි කරන නිර්මාණාත්මක ක්‍රමයක් තමයි මේ. හිසකෙස් වල ගැට ඉවත් කර කොණ්ඩය හරි මැදින් කොටස් දෙකකට බෙදල උඩ ඉඳන්ම යටට කොණ්ඩය ගොතන්න.








2. Fishtail French Braid කියන්නේ ගෙත්තම් වර්ග දෙකක් එකකට එකතු කරලා කරන විලාසිතාවක්. ඒකෙන් ඔබට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති කරයි. French braids ක්‍රමයට ඔබේ හිසකෙස් මුදුනේ සිට ගෙත්තම් කිරීමට ආරම්භ කරමින් බෙල්ල පටන් ගන්නා ස්ථානය තෙක් ගොතන්න. පසුව ඉතිරි හිසකෙස් ටික Fishtail ක්‍රමයට ගොත්තම් කරන්න.








3. French Braid Bun
ඔෆිස් යනකොට, යාළුවොත් එක්ක එලියට යනකොට ලේසියෙන් හැඩවෙලා යන්න පුලුවන් මෝස්තරයක් තමයි මේ. මේ හිසකෙස් මොස්තරයෙනුත් ඔයාගේ ලස්සන වැඩි කරගන්න පුළුවන්. නවීන පියවරක් සඳහා, ඔබේ හිස පිටුපසට French Braid ගෙත්තම් ක්‍රමය දිස්වෙන සේ ගොතන්න. ඉන්පසු හිසකෙස් සියල්ල එක් කර ඉහළට ගැට ගසා අඹරා බන් එකක් සේ බැඳ ගන්න.








4. Side French Braid
ඔබ French Braid විලාසිතා ලෝකයට අළුත් කෙනෙක් නම්, ඔබට Side French Braid වැනි සරල ශෛලියකින් ආරම්භ කරන්න පුලුවන්. හිසකෙස් වල අවුල් ඉවත් කර සයිඩ් එකෙන් හිසකෙස් ටිකක් වෙන්කර ගන්න. වෙන්කර ගත් හිසකෙස් ටික French Braid ක්‍රමයට ගෙත්තම් කරන්න. පසුව හිසකෙස් සියල්ල එක් කර ලොකු පෝනිටේල් එකක් දාගන්න හෝ බන් එකක් ලෙස සකසන්න.








5. Reverse French Braid (Dutch Braid)
මේ විලාසිතාව නිර්භීත පෙනුමක් ලබා ගැනීමට කැමති කාන්තාවන් සඳහා සුදුසුයි. මේක අලුත් දෙයක් කියලා ට්‍රයි නොකර ඉන්න ඕනි නැහැ. Dutch braids විලාසිතාව French braids විලාසිතාවට වඩා එතරම් ලොකු වෙනසක් නැහැ. ඇත්තටම, ඒ ගෙත්තම් ක්‍රමය එක හා සමානයි. හැබැයි කොණ්ඩෙ ගොතන කොට කණපිටට තමයි ගොතන්නේ. කොණ්ඩෙ ගොතද්දී හිස්මුදුණේ සිටම පටන් ගන්න. අවසානයේදී ගැට ගසන්න. ඔයාට හුරුබුහුටි පෙනුමක් ලබා දෙයි.








6. French Braid for Short Hair
කොණ්ඩය කොටට කපන අයට හුඟාක් කොණ්ඩා මෝස්තර නැහැ. ඔයාටත් කෙටි කෙස් කළඹක් තියෙනවා නම් හිසකෙස් සයිඩ් එකට පීරා පැති දෙකකට වෙන් කර ගන්න. පසුව ඉදිරියෙන් ඇති හිසකෙස් ටික French Braid ක්‍රමයට ගෙත්තම් කර අවසානයට පින් එකක් ගසන්න.






Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1984 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:26 PM
Script:/article/1984/ideas-to-do-your-hair-by-yourself.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:26 PM
Script:/article/1984/ideas-to-do-your-hair-by-yourself.html