නිරෝගී සමක් සඳහා පලතුරු වලින් උපරිම ඵල නෙළා ගැනීමට උපදෙස්

May 17, 2020
5,171
Take full advantage from fruits to be beautiful
කාන්තාවන් දිනපතා වෙහෙස මහන්සි වෙන්නේ මුහුණේ සුන්දරත්වය තව තවත් වැඩි කර ගන්නයි. තාවකාලික ලස්සනක් වෙනුවට ස්වභාවික සුන්දරත්වයක් ලබා ගැනීමට කැමති නැද්ද? දොඩම්, අලිගැට පේර සහ දෙළුම් වලින් සාදන ලද ෆේස් පැක් මගින් ස්වභාවික දීප්තිය නැවත ලබා ගන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට නිරෝගී සමක් සඳහා පලතුරු වලින් උපරිම ඵල නෙළා ගැනීමට උපදෙස් කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

දොඩම් සහ යෝගට් භාවිතය 
දොඩම් ගෙඩියක් ගෙන එය මිරිකා ගන්න. දොඩම් යුෂ තේ හැඳි තුනක් යෝගට් මේස හැන්දක් සමඟ මිශ්‍ර කරන්න. දොඩම් වල ඇති පැඟිරි ගුණය නිසා සමට ප්‍රබෝධයක් ලබා දෙනවා. දොඩම් විටමින් C වලින් පිරී ඇති අතර ඔයාගේ සම සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමේ කාරකයක් ලෙස ක්‍රියා කරන අතර එමඟින්  දීප්තිමත් සමක් ලබා දෙනවා. දොඩම් ඔයාගේ සමේ පැහැය වැඩි දියුණු කිරීමට සහ කොලජන් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනවා. යෝගට් වලින් සමේ තෙතමනය පවත්වා ගන්නත් පුළුවන්.

අලිගැටපේර, කිරි සහ මී පැණි භාවිතය
මී පැණි තේ හැඳි 2ක් සමග අලිගැටපේර හොඳින් මිශ්‍ර කරන්න. කිරි තේ හැන්දක් එකතු කරන්න.  සකසා ගත් මිශ්‍රණය මගින් සම පැහැපත් කරගන්න පුළුවන් වගේම මෙය සමේ වියලි බව අඩු කරලා තෙතමනය රැක දෙනවා.

දෙළුම්, කහ, දෙහි, Fuller's earth, සඳුන් සහ කෙසෙල් භාවිතය:
සාමාන්‍ය සමකට වඩාත් සුදුසු වන්නේ දෙළුම් යුෂ තේ හැන්දක් සමග කුඩා කෙසෙල්  කැබැල්ලක් මිශ්‍ර කර තලපයක් සදා  ඝනකම අඩු කර ගැනීමට  දෙහි යුෂ කහ කුඩු තේ හැදී 1ක් එක් කරන්න. එයටම Fuller's earth හා සඳුන් කුඩු තේ හැන්දක භාගයක් එක් කරන්න. සියල්ල එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මේ සත්කාරය සම පිරිසිදු කිරීමට සහ නිරෝගී දීප්තිමත් සමක් ලබා දීමට උපකාරී වනවා.

මිදි භාවිතය
මිදි පොඩි කර මුහුණේ ආලේප කර මිනිත්තු 10 -15ක් තබා සෝදා හරින්න . මිදී වල විටමින් C සහ E වලින් පොහොසත් වන වනවා. කාලයත් සමඟ සමේ තෙතමනය නැති වීමට පටන් ගන්නවා. සමේ ගැටළු වලට එරෙහිව සටන් කිරීම සඳහා මිදි වලින් සාදන ලද සත්කාරය මගින් කුරුලෑ අඩු කිරීමට, රුධිර නාල ශක්තිමත් කිරීමට සහ මිය ගිය සමේ සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1601 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:45 AM
Script:/article/1601/take-full-advantage-from-fruits-to-be-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:46 AM
Script:/article/1601/take-full-advantage-from-fruits-to-be-beautiful.html