ස්වයං හුදකලා කාලයේදී සහකරු එක්ක ඵලදායී විදිහට ජීවත් වෙන්න ඕනේ මෙහෙමයි

April 28, 2020
6,812
How to deal with your partner in self isolated period
දැන් ලොක් ඩවුන් තත්ත්වය ඉවත් කරන කාලය නිශ්චිතවම පැහැදිලි නැති නිසා ආදරය කරන පෙම්වතුන් පවා ඔවුන්ගේ සබඳතාවලට මේක කොහොම බලපායි ද කියලා කනස්සල්ලට පත් වෙලා ඉන්නවා. ලෝකයේ දික්කසාද නීතීඥයින් අනාවැකි පළ කරලා තියෙන්නේ වසරේ දෙවන භාගයේදී වෙන්වීම්වල ඉහළ යාමක් සිද්ධ වෙයි කියලයි. මේ සියල්ල මධ්‍යයේ ඔබ සිහිබුද්ධියෙන් ඔබේම පෞද්ගලික අවකාශය වෙනුවෙන් ද කාලය හොයාගන්න එක අත්‍යවශ්‍යයි. ඔබේ සහකරු සමඟ ජීවත්වන අතරතුරදී හරි ආකාරයට ස්වයං-හුදකලා වීම (Self-Isolate) කරන්න ක්‍රම මෙන්න.

ඔබ වෙනුවෙන් කාලය තබා ගන්න
ඔබේ සම්බන්ධතාවය මෙන්ම ඔබේ ජීවිතයද ශක්තිමත් කර ගන්න එක ඔබට පෞද්ගලිකවම මේ කාලයේදී සන්සුන්ව ඉන්න උපකාරී වෙයි. බොහෝ විට අපි සම්බන්ධතාවයක් පටන් ගත්තට පස්සේ හෝ විවාහයෙන් පසුව අපේ හවුල්කරුවාට සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න ඉබේම නැඹුරු වෙනවා. මේක එක්තරා දුරකට යහපත් වෙන්න පුළුවන් නමුත්, ඕනෑවට වඩා එහෙම කරන එක ඔබේ පෞද්ගලිකත්වය නැති කරගන්න හේතු වෙනවා. ඔබ එහෙම තත්ත්වයකට මුහුණ නොදීමට සහතික කිරීම සඳහා, හොඳ පොතක් කියවී​ම, හොඳ සංගීතයක් ඇසී​ම, හොඳ චිත්‍රපටියක් නැරඹී​ම, දැනෙන දේවල් ලිවී​ම හෝ ඉවුම් පිහුම් කිරී​ම වැනි වූ ඔබ තුළ ඔබ එක්ක සම්බන්ධයක් ඇති කරවන ඕනෑම දෙයක් කරන්න. මේ ක්‍රියාවලිය තුළ ඔබට ඔබම අහිමි නොවී තියාගන්න එකයි වැදගත්.

දොස් පැවරීමෙන් වළකින්න
දොස් පවරන සෙල්ලමෙන් ඔබ හැකි තාක් දුරට ඈත් වෙලා ඉන්න. ඔබේ සහකරු වගකිව යුතු සහ ඉටු කරලා නොමැති දේවල් තිබෙනවා නම්, ඒක සාධාරණ පැහැදිලි කිරීමක් කරමින් සාකච්ඡා කරන්න. මොකද එකිනෙකාට දොස් පැවරීමෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන අතර ඔබ දෙපළ තුළ ඍණාත්මක බවක් ඇති කරයි. ස්වයං හුදකලා වීම පහසු තත්ත්වයක් වෙන්නේ නෑ. ඒ නිසා ඔබේ සහකරු සමඟ දේවල් සංකීර්ණ කරගන්නේ නැතුව පහසු කරගන්න.

සෑම විටම වැඩ නොකරන්න
පැතිරෙන වසංගතය හේතුවෙන් නිවසේ සිට වැඩ කිරීමයි අලුත් සම්මතය. ඒ වගේම පීඩනයත් වැඩි වෙන්න පුළුවන්. අවාසනාවකට වගේ මෙම තත්ත්වය තුළ ඔබ අඛණ්ඩව වැඩ කරන නිසා ජීවිතයේ සමතුලිතතාව​ය පහසුවෙන්ම අතුරුදහන් වෙනවා. ඔබගේ වෘත්තීය ජීවිතයට යොදන කාලය සහ ඔබේ පෞද්ගලික කාලය අතර වෙනසක් නොමැති වීම එම සමබරතාවය පවත්වා ගැනීම වඩාත් අපහසු කරවනවා. නිවසේදී වෙනත් වැඩ වලටත් නැඹුරු වෙන්න කාලය ගන්න. වැඩ කරන වේලාවේදී පවා ඔබේ සහකරු සමඟ සම්බන්ධ වන්න සහ ඔබේ කාලය අවසන් වුණාට පස්සේ ඔබේ ලැප්ටොප් පරිගණකය ක්‍රියා විරහිත කරලා එම ස්ථානයෙන් ඉවත් වෙන්න.

ඔබ හැකි තරම් තර්ක කිරීමෙන් වළකින්න
තර්ක කරන එක නවත්තගන්න එක අමාරු දෙයක් තමයි. කෙසේ වෙතත්, ඒවා තවමත් ඔබගේ පාලනය යටතේ තබා ගන්න. ගැටළු තත්ත්වයන් ගැන හිතලා බලලා ඒවා ගැන සාකච්ඡා කිරීම හෝ නොකිරීම ගැන තීරණය කරන්​න. එය එසේ නැත්නම් නොසලකා හැරලා ඉදිරියට යන්න. "සමාවෙන්න, ස්තූතියි" කියන්න පුරුදු වෙන්න. එකිනෙකාගෙන් සමාව ඉල්ලීම එකිනෙකා අගය කිරීම තරම්ම වැදගත් ගුණාංගයක්. ඔබ වැරැද්දක් කර ඇති බව ඔබ දැනගත්තොත්, තර්ක විතර්ක සිද්ධ වෙන එකෙන් ඔබ දෙදෙනාවම බේරා ගැනීමට නම් සමාව ඉල්ලන්න. ඒ වෙනුවට ඔබ දෙපළට නැවත නැවත ගැටළු ඇති කරවන සිදුවීම් විසඳා ගන්න මෙම කාලය යොදවන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1574 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:50:29 AM
Script:/article/1574/how-to-deal-with-your-partner-in-self-isolated-period.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:50:30 AM
Script:/article/1574/how-to-deal-with-your-partner-in-self-isolated-period.html