අමාරුවේ වැටෙන්න කලින් මේ වගේ අය අදම ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න

July 9, 2017
20,456
6 Toxic Types of People You Should Keep Out of Your Life
අපිට ජීවිතයේදී හම්බෙන හැම කෙනෙක්ම එක වගේ නැහැ. දවසින් දවස අපේ ජීවිතයට එක එක විදිහේ අය එනවා. මේ හැම කෙනෙක්ම අපිත් එක්ක ඉන්නේ ඒ අය අපිට ඇත්තටම කැමති නිසාවත් ඇත්තටම අපිට ආදරේ නිසාවත් නෙවෙයි. මේ අය ගොඩක් වෙලාවට අපෙන් ඒ අයගේ ජීවිතේට යමක් බලාපොරොත්තු වෙනවා. මේ වගේ අය අපේ ජීවිත වල ඉන්නවා කියන්නේ අපිට හැමදාමත් ජීවත් වෙන්න වෙන්නේ කරදරෙන්. ඒ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නම් අපි අපේ ජීවිතෙන් ඈත් කරලා තියන්න ඕනේ පුද්ගලයන් කිහිපදෙනෙක් ගැන.

1. හැම දෙයකටම ඔබෙන් උදවු බලාපොරොත්තු වෙන අය

සමහර අය ඉන්නවා හැම වැඩකටම වෙන අයගෙන් උදවු බලාපොරොත්තු වෙන. මේ නිසා ඒ අයගේ වැඩේම උදවු ඉල්ලලා අනිත් අයට කරදර කරන එක. හිතන්න ඔබේ ජීවිතෙත් ඉන්නවා නම් මේ වගේ අය ඔබට වෙන්නේ හැමදාම ඒ අයට උදවු කර කර ඉන්න. ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න මේ වගේ අයව ඔබේ ජීවිතයෙන් ඈත් කරලා තියන්න.

2. අශුභ වාදීව හිතන අය

මේ වගේ අයවත් අපිට සමාජයේ නිතරම දකින්න ලැබෙනවා. මේ අය කිසිම දෙයක් දිහා සුභ විදිහට බලන්නේ නැහැ. හැම වෙලාවකම හිතන්නේ කිසිම දෙයක් තේරුමක් නැහැ කියලා. මේ නිසා ඔවුන් එක්ක ඉන්න ඔබටත් ජීවිතේ කිසිම දෙයක් සාර්ථක කරගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ වගේ අයව ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න.

3. නිතරම අනුන්ගේ ඕපාදුප හොයන අය

සාමාන්යෙන් හැමකෙනෙක්ම වගේ කැමතියි ඕපාදුප අහන්න. හැබැයි හිතන්න අනවශ්‍ය විදිහට අනුන් ගැන හොයන නරක විදිහට ඒ දේවල් භාවිතා කරන කෙනෙක් ඔබත් සමග ඉන්නවා නම් එය ඔබට මොන තරම් කරදරයක් ද? ඒ විතරක් නෙවෙයි මේ අය අනිත් අයගේ දේවල් හොයලා ඒ ගැන කියවනවා කියන්නේ කවද හරි දවසක ඔබ ගැනත් ඒ විදිහටම කරන්න කියන්න ඉඩ තියනවා. මේ නිසා මේ වගේ අයත් එක්ක ඉදල අමාරුවේ වැටෙනවට වඩා හොදයි මේ වගේ අයගෙන් ඈත් වෙන එක.

4. හැම වේලාවකම රණ්ඩු වල පැටලෙන්න හදන අය

මේ වගේ අය බලන්නේ නිතරම යන යන තැන් වල රණ්ඩු ඇතිකර ගන්න. කඩයකට ගියත් පාරක ගියත් මොන විදිහකින් හරි රණ්ඩුවක පැටලෙනවා. මේ නිසා ඔබත් නිතරම අපහසුතාවයට පත් වෙනවා. මේ වගේ අයට යමක් තේරුම් කරලා දෙන්නත් හරිම අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ අයගේ ආශ්‍රය මඟහැරලා ඉන්න උත්සහ කරන්න.

5. හැමදේම හරියට කරන්න පුළුවන් ඔවුන්ට විතරයි කියලා හිතන අය

මේ වගේ අය ඉන්නේ තමන්ගේ හැකියාවන් ගැන පුදුම ආඩම්බරයකින්. ඒ වගේම තමයි මේ අය කවදාවත් හිතන්නේ අනිත් අයට ඔවුන් නිසා සිදුවෙන අපහසුතාවයන් ගැන. ඒ වගේමයි ඔබ යමක් කරොත් ඒ අය උත්සහ කරන්නේ කොහොම හරි ඔබ කරපු දෙයට වඩා වැඩි යමක් කරන්න. ඒ විදිහට කරලා ඔවුන්ගේ පරිපූර්ණ බව පෙන්වන්න. මේ අය නිතරම ඉන්නේ ඔබ කරන කියන දේවල් ගැන අවධානයකින්. මේ නිසා ඔබට ලැබෙන්න තියෙන අවස්ථාවන් කපටිකමින් මේ අය ඔවුන්ට ලබාගන්න තියෙන අවස්ථාවනුත් වැඩියි. මේ නිසා පුළුවන් තරම් මේ වගේ අයගෙන් ඈත් වෙලා ඉන්න උත්සහ කරන්න.

6. කම්මැලි අය

මේ වගේ අයත් එක්ක ඉන්නවා කියන්නේ ඔබට කිසිම වැඩක් හරියට කරගන්න වෙන්නේ නැහැ. මොකද මේ අයගේ තියෙන පුරුද්දක් තමයි කම්මැලිකම නිසා වැඩ අතපසු කරන එක. ඔවුන්ගෙන් ඔබේ ජිවිතයට කිසිම විදිහක වැදගත් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොහෝ වේලාවට ඔවුන්ගේ කම්මැලිකම නිසා ඔබට සෑම වැඩක්ම තනියම කරන්න වෙනවා වගේම සමහර අවස්ථාවන් වල ඔවුන්ගේ වැඩත් ඔබට කරලා දෙන්න වෙනවා. මේ නිසා මේ වගේ අයවත් ඉක්මනින් ජීවිතෙන් ඈත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 342 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:54 PM
Script:/article/342/6-toxic-types-of-people-you-should-keep-out-of-your-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:54 PM
Script:/article/342/6-toxic-types-of-people-you-should-keep-out-of-your-life.html