ඔබේ මුළුතැන්ගෙය ලස්සනට තියාගන්න හොඳම සහ පහසු උපදෙස් 15 ක්

June 25, 2021
2,838
15 easy and smart tips to organize your kitchen
ඔබ කවදාවත් ඔබගේ මුළුතැන්ගෙය මැද සිටගෙන ඔබගේ මුළුතැන්ගෙය තුළ භාණ්ඩ තබා ඇත්තේ කෙසේද..? එය සංවිධානය කර තිබෙන්නේ කෙසේ ද..? කියා සිතා බලා තිබෙනවාද.. මුළුතැන්ගෙයි විශාල ඉඩ ප්‍රමාණයක් ඇති බව ඔබට පෙනී යනවා.. එසේ නොමැති නම් ඔබගේ මුළුතැන්ගෙය ප්‍රමාණයෙන් කුඩා නම් එය කෙසේ සංවිධානය කළ යුතුද යන්න ඔබ නොදැන ඉන්නවා වෙන්න පුළුවන්.. හැඩකාරි පහත ලිපිය මගින් ඉදිරපත් කරන්නේ ඔබගේ නිවසේ වඩාත්ම වැදගත් ස්ථානයක් වන මුළුතැන්ගෙය පිළිවෙලට තබා ගැනීමට එහෙමත් නැත්නම් සංවිධානය කරගැනීමට ලේසි පහසු උපදෙස් 15ක්..

1. මුළුතැන්ගෙයට අදාළ සෑම දෙයක් සඳහාම නියමිත ස්ථානයක් තබාගැනීම



ඔබට පහසුවෙන් භාවිතා කිරීම සඳහා ඔබ විසින් මුළුතැන්ගෙයි තබන සියලුම භාණ්ඩ නියමිත ස්ථානයක තබා ගැනීම වැදගත්. ඇතැම් විට ඔබ ඉතා කලබලයෙන් වැඩ කරන්න පුළුවන්..එවිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීමට විශාල කාලයක් වැය වුනොත් ඔබ කළකිරීමට පත්වෙනවා නේද.. පළමුවෙන්ම ඔබ ඔබගේ මුලුතැන්ගේ හොඳින් අස් කරන්න.. ඉවත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හෝ ද්‍රව්‍ය තිබෙනවා නම් ඉවත් කර ඔබට අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් නියමිත ස්ථානයක තබා ගන්න.

2. මුළුතැන්ගෙයි ඇති රාක්ක සහ කබඩ් උපරිමයෙන් භාවිතා කරන්න





ඇතැම් විට ඔබගේ මුලුතැන්ගෙයි කබඩ් සහ රාක්ක වල තිබෙන ද්‍රව්‍ය ඔබට හමුවන්නේ ඒවා කල් ඉකුත් වී නරක් වූ පසුයි.. බොහෝ විට එසේ වන්නේ අපට ඒවා නිසි පරිදි දැකීමට අපහසු පරිදි ගබඩා කර තිබීම නිසයි. විශේෂයෙන් ආහාර අමුද්‍රව්‍ය රාක්කවල සහ කබඩ් වල ගබඩා කිරීමේ දී පහසුවෙන් දැකිය හැකි පරිදි ගබඩා කරන්න..

3. ආහාර නිසි ලෙස ශීතකරණය තුළ ගබඩා කරන්න



වර්ථමානයේ මුළුතැන්ගෙය තුළ අනිවාර්ය උපකරණයක් ලෙසයි ශීතකරණය සලකන්නේ.. ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ශීතකරණය තුළ ඒ ඒ ද්‍රව්‍ය සඳහා නිශ්චිත වූ ස්ථාන තිබෙනවා. ඒවාට අනුකූලව ඔබගේ ආහාර ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කිරීමෙන් ආහාර ද්‍රව්‍ය ඉක්මනින් නරක් වීම/ නාස්තිය අවම වනවා වගේම එළවළු පලතුරු වැනි දෑ නියමිත ස්ථානයේ ගබඩා කිරීමෙන් ඒවායේ නැවුම් බව ආරක්ෂා කර ගන්නත් පුළුවන්.

4. නිතර භාවිතයට ගැනෙන කුළුබඩු ආදිය විනිවිද පෙනෙන ඇසුරුම්වල තබන්න





නිතර නිතර ඔබට අවශ්‍ය වන කුළුබඩු, සහල්, සීනි, පිටි වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා විනිවිද පෙනෙන බහාලුම්, වීදුරු බෝතල් වැනි දෑ භාවිතා කිරීමෙන් මුළුතැන්ගෙයට වඩාත් පිරිසිදු, නවීන භාවයක් එක් වෙනවා..

5. මුළුතැන්ගෙය කලාප වලට බෙදන්න



ආහාර ගබඩා කිරීම, සකස් කිරීම, ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම සඳහා වෙනම කලාප ලෙස මුළුතැන්ගේ සකස් කිරීමෙන් ඔබගේ මුළුතැන්ගෙය වඩාත් සංවිධානාත්මක වනවා..

6. යම් යම් දෑ එල්ලා තැබීමට දොරවල් පිටුපස භාවිතා කරන්න





කැබිනට් දොරවල්වල පිටුපස සවි කර ඇති කුඩා කොකු මඟින් ඔබට කුඩා භාජන, බඳුන්, බඳුන් ආවරණ එල්ලීමට හෝ ඔබේ කැපුම් පුවරු (cutting board) රඳවා ගැනීමට හැකියි.. එමෙන්ම කුඩා කුළුබඩු පැකට්, කෙටි කෑම, රබර් පටි, ක්ලිප්, මුළුතැන්ගෙයි රෙදි ආදිය වැනි දෑ මුලුතැන්ගෙයි කබඩ් පිටුපස කොකු මගින් පිළිවෙලට එල්ලා තැබිය හැකියි.

7. නිතර භාවිතයට නොගන්නා දෑ රාක්කවල ඉහළින් තබන්න



ඔබ නිතර භාවිතා නොක‍රන විදුලි උපකරණ, වැඩිපුර ඇති පිගන් බඩු ආදිය ඔබට ඉහල කබඩ් වල සහ රාක්ක වල තැබීමට හැකියි.. නමුත් කුළුබඩු, ආහාර ද්‍රව්‍ය එසේ ගබ්ඩා කර තබන්න එපා.. එවිට ඒවා ගැනීමට අමතක වීමෙන් කල් ඉකුත් වීමට ඉඩ තිබෙනවා..

8. කෙටි ආහාර, බිස්කට් කූඩවල සහ පෙට්ට්වල ගබඩා කරන්න



ඔබ නිතර ආහාරයට ගන්නා කෑම, බිස්කට් සහ වෙනත් රසකැවිලි ගබඩා කර තැබීමට ප්ලාස්ටික් පෙට්ටි, බහාලුම් භාවිතා කරන්න ඔබට පුලුවන්.. පහසුවෙන් දැකිය හැකි ස්ථානයක හෝ කබඩ් එකක් මත තබාගන්න.

10. එල්ලා තැබිය හැකි දෑ එල්ලා තබන්න





ඔබගේ පවුලේ සාමාජික්‍යන්ගේ මග්, සෙරමික් කෝප්ප ආදිය ඔබට කොකු මගින් අලංකාර ලෙස එල්ලා තබන්න පුලුවන්.. ඒ සඳහ වැඩි ඉඩ ප්‍රමාණයක් අපතේ යන්නෙත් නැහැ..

මුළුතැන්ගෙයි ලාච්චු සහ කැබිනට් සංවිධානය කරන්නේ කෙසේද?

1. අවකාශය බෙදා වෙන්කරන්න -

ඔබ ඔබගේ මුලුතැන්ගෙය තුළ ඇති කබඩ් සහ රාක්කවල තැන්පත් කරන දෙය වැදගත් නොවන අතර ඔබ කළ යුත්තේ ඒවායේ අවකාශය/ඉඩ නිසි ආකාරයට බෙදා වෙන්කර ගැනීමයි.. සිරස් අතට භාණ්ඩ තැන්පත් කිරීම මගින් වැඩි ඉඩ ප්‍රමාණයක් ප්‍රයෝජනවත් පරිදි භාවිතා කළ හැකියි. කුඩා කෝප්ප හෝ කෝපි ජෝගු එල්ලීම සඳහා ඔබට කබඩ් වල හෝ රාක්කවල ඉහළින් කොකු සවිකර ගැනීමට හැකියි. පහත කෙටි කූඩ, බාස්කට් වැනි දෑ ගබඩා කළ හැකියි.

පිගන් භාණ්ඩ වෙන වෙනම ගබඩා කරන්න
නිවසක විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කරනු ලබන් වීදුරු, පිගන් භාණ්ඩ තිබෙනවා.. වඩාත් පිළිවෙලක් සහිතව ඔබගෙ කබඩ් සකස් කිරීමට අවශ්‍ය නම් පිඟන් වර්ග, ආහාර දමන බඳුන්, සුප් බඳුන්, සෝස් වර්ග දමන භාජන, රාත්‍රී ආහාර වේල් සඳහා භාවිතා කරන භාජන ආදී ලෙස වෙන්කර ගබඩා කිරීමට පුලුවන්..

වේවැල් කූඩ, අදින ලාච්චු/ බාස්කට්
කුඩා ඉඩ ප්‍රමාණයක් සහිත මුළුතැන්ගෙයක් සඳහා ගබඩා කිරීමේදි වැඩි ඉඩක් ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අදින ලාච්චු/ බාස්කට් (Pull-out Baskets) යොදා ගන්න පුලුවන්.. වීදුරු භාජන, බෝතල් ආදිය පහසුවෙන් තැන්පත් කිරීමටත්, ගැනීමටත් පුලුවන් වනවා.. ඒ වගේම වේවැල් වලින් සැකසූ ගැඹුරු ඉඩක් සහිත කූඩද මේ සඳහා භාවිතයට ගැනීමට හැකියි.

4. කුකී ෂීට් / බේකින් තැටි

කුකී තැටි, බේකින් තැටි ආදිය ගබඩා කිරීමේදී සිරස් අතට(උඩු අතට) තැබීම බගින් ඔබට කබඩ් වල වැඩි ඉඩක් ඉතිරි කර ගැනීමට පුලුවන් වනවා.. එසේත් නොමැතිනම් මේ සඳහා වෙළදපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකි රාමුවක් මිලදී ගෙන ඒවා පිළිවෙලට තැන්පත් කර ගැනීමෙන් වඩාත් පිළිවෙලක් ඔබේ මුලුතැන්ගෙයට ලබා ගැනීමට පුලුවන්.

5. කෑම පිසින භාජන ලාච්චුවල තබන්න
ඔබ උයන පිහන භාජන එල්ලා තැබීමෙන් ඒව ඉක්මනින් වියළෙනවා.. එමගින් ඔබගේ මුළුතැන්ගෙයට නවීන සහ ඉහල පෙනුමක් ලබාගත හැකියි.. නමුත් තෙල්, දැලිකුණු ආදිය නිසා නඩත්තු කිරීම තරමක් අසීරු විය හැකියි.. එම නිසා ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ ඔබගේ මුළුතැන් ගෙහි ඇති භාජන ප්‍රමාණය මත වර්ගකර විශාල ලාච්චුවක් තුළ ගබඩා කිරීමයි.. එවිට ඔබට ඒවා පහසුවෙන් දැමීමටත් ගැනීමටත් හැකියි. ඉන් වඩාත් පිළිවෙල බවක් මුළුතැන්ගෙය වෙත් ගෙන දෙනු ලබනවා..

වඩාත් පිළිවෙල සංවිධානාත්මක මුළුතැන්ගෙයක් සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ අනවශ්‍ය පරිදි බඩු ගොඩ ගසා ගන්නේ නැතිව අත්‍යාවශ්‍ය දෑ පමණක් එහි තබා ගැනීමයි.. ඇතැම් විට ඔබට තෑගි ලෙස ලැබුණ දෑ ඇති ඔබ කෙදිනකවත් භාවිතා නොමැති වෙන්න පුලුවන්.. ඉතින් ඔබ මුලින්ම කළ යුත්තේ කබඩ් සහ ලාච්චු වල ඇති සියල්ල ඉවතට ගෙන ඔබට අවශ්‍ය දෑ පමණක් නැවත පිළිවෙලින් ගබඩා කර ගැනීමයි. උදාහරණයක් ලෙස හැඳි ගෑරුප්පු වැනි දෑ සමග බේකින් උපකරණ, කුකී කටර් වැනි දෑ නොතබන්න.. වෙන් වෙන් වශයෙන් ලාච්චු හෝ කබඩ් මත ගබඩා කරන්න..එවිට නිකන්ම නිකන් මුළුතැන්ගෙයක් වෙනුවට වඩාත් සංවිධානාත්මක මුළුතැන්ගෙයක් ඔබටත් ලැබේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,847
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Milk Toffee Recipe
   125,045
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed