බොහෝ දෙනා තවමත් විශ්වාස කරන බිත්තර සම්බන්ධ මිත්‍යා අදහස්

August 22, 2021
6,278
Myths you probably still believe about eggs
බිත්තර ඔබට වෙළදපොලෙන් මිලදී ගත හැකි ඉහළම පෝෂණයකින් යුත් ආහාරයක් වන අතර බිත්තර එකතු කරගෙන රසවත් ආහාර, අතුරුපස ආදිය පිළියෙල කරගත හැකියි.. එහි අඩංගු ඉහළ ප්‍රෝටින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක රාශියක් අන්තර්ගත වන අතර ලොකු කුඩා ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට උදෑසන, දහවල් හෝ රාත්‍රී කාලයේ පහසුවෙන් ආහාරයට ගත හැකියි.

නමුත් බිත්තර සහ එහි ගුණාංග පිළිබඳව නොයෙකුත් මතයන් අතීතයේ සිට පැවත එනවා.. ඉන් බොහෝමයක් නූතනය වන විට අසත්‍ය බවට විද්‍යාත්මකව තහවුරු වී ඇතත් ඇතැම්විට ඔබ තවමත් ඒවා පිළිබඳව විශ්වාස කරනවා ඇති.. ඒ නිසා හැඩකාරි අපි මෙම ලිපිය මගින් එසේ තවමත් බොහෝදෙනා විශ්වාස කරන බිත්තර සම්බන්ධ දුර්මතයන් කිහිපයක් ඔබට ගෙනඑනවා.. බලන්න ඔබත් මේවා විශ්වාස කරනවාද කියා..

“සුදු බිත්තර තමයි වඩාත් හොඳ”
බිත්තරවල වර්ණය සහ ගුණය අතර කිසිදු සබඳතාවයක් නොමැති අතර සාමාන්‍යයෙන් දුඹුරු පැහැති කිකිළියන් දුඹුරු බිත්තර දමන අතර සුපැහැති කිකිළියන් සුදු බිත්තර දමනවා.

“බිත්තර ගත යුත්තේ කල් ඉකුත්වන දිනය බලාය”
ඔබ දැක ඇති වෙළදපොලේ බිත්තර ඇසුරුම් වල නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනයන් සඳහන් කර ඇත්තේ වෙළදපොළ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීමටයි.. නමුත් ඇත්තටම ඔබට බිත්තරවල නැවුම් බව පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ වතුර වීදුරුවක් ගෙන බිත්තරය එයට බහා බලන්න.. බිත්තර හොඳින් විදුරුව පතුලේ තැන්පත් වනවා නම් එය නැවුම් බිත්තරයක් වන අතර එය යන්තමින් පතුලේ අයිනට පාවෙනවා නම් ඉක්මණින් ආහාරයට ගත යුතුයි.

“නැවුම් බිත්තර සෑම විටම පරිභෝජනය කරන්න”
සෑම කෙනෙක්ම නැවුම් බිත්තර ආහාරයට ප්‍රිය කරන අතර එය සෞඛ්‍යය සඳහා යහපත් තේරිමක්.. නමුත් නැවුම් බිත්තර පිළියෙල කිරීම ඔබට තරමක් අපහසු විය හැකියි. විශේෂයෙන් ඔබ එය තම්බනවා නම්. තරමක් පැරණි බිත්තර තම්බාගත් පසු පහසුවෙන් කටු ඉවත් කල හැකියි. නමුත් බිත්තර ඉක්මණින් නරක් වන බැවින් වඩාත් කල් තබාගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

“බිත්තර කටුවලින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ”
දීර්ඝ කාලයක් මුළුල්ලේ අප මෙය විශ්වාස කරන අතර බිත්තර කටුව කිසිදු ප්‍රයෝජනයක් නැතැයි සිතා කුණු කූඩයට දමනවා.. නමුත් ඔබ දන්නවාද බිත්තර කටු අපට ආහාරයට ගැනීමට නොහැකි වුනත් මුහුණට සත්කාරයක් ලෙස සකසා ගැනීමට හැකි අමුද්‍රව්‍යක්, පොහොරක් හෝ පළිබෝධ නාශයක් ආදි නොයෙක් දේ සඳහා එය භාවිතා කලහැකි බව.

“සෑම බිත්තරයකම සැල්මොනෙල්ලා අඩංගු වනවා”
අප කුඩා කල සිටම අසා තිබෙන්නේ සෑම බිත්තරයකම සැල්මොනෙල්ලා නමැති බැක්ටීරියාව අඩංගු බවත් එය ශරිරයට අහිතකර බවත් ය.. නමුත් මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ සිදුකරන ලද පර්‍යේෂණයකින් හෙලිව ඇත්තේ සෑම බිත්තර 30,000 කින් 1ක පමණක් සැල්මොනෙල්ලා බැක්ටීරියාව අඩංගු වන බවයි.

“කාබනික බිත්තරවල සැල්මොනෙල්ලා නොමැත”
නමුත් කාබනික බිත්තර වලද සැල්මොනෙල්ලා අඩංගු වන බව පර්‍යේෂනයන් සනාථ කර තිබෙනවා.

“කොලෙස්ට්‍රෝල් ඇති පුද්ගලයන්ට බිත්තර සුදුසු නැත”
මිනිස් සිරැර තුළ නිපදවන කොලෙස්ට්‍රෝල් සහ ආහාර වලින් ලැබෙන කොලෙස්ට්‍රෝල් ලෙස දෙවර්ගයක් ඇත. බිත්තර වල ප්‍රමාණාත්මකව ඉතා සුලු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් අඩංගු වන අතර ආහාරයට ගැනිමෙන් සිරැරේ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහල පහල යාම කෙරෙහි විශාල බලපෑමක් සිදුවන්නේ නැත.

“බිත්තර පිසීමට පෙර ලුණු දැමිම සුදුසු නොවේ”
බිත්තර පිසීමට පෙර ලුණු දැමීමෙන් එහි ව්‍යූහය බිද වැටී ජල අණු බවට පත්කරන බැවින් එසේ කිරීම නුසුදුසු බවට මතයක් ඇතත් පර්‍යේෂණ මගින් සනාථව ඇති ආකාරයට බිත්තර පිසීමට පෙර ලුණු දැමීම වඩාත් සුදුසු බවත් සෝඩියම් අණු හේතුවෙන් බිත්තර ප්‍රෝටීන් එකිනෙක සම්බන්ධ වීමෙන් වැලකීමට බෆරයක් සේ ක්‍රියාකරනු ලබනවා.

“මයික්‍රොවෙව් උදුණක ස්ක්‍රැම්බල් බිත්තර සෑදීමට නොහැක”
ස්ක්‍රැම්බල් බිත්තර සෑදිමට ඇති හොඳම ක්‍රමය මයික්‍රොවෙව් උදුණ නොවුනත් ඔබට මයික්‍රොවෙව් උදුණ මගින් ද ස්ක්‍රැම්බල් බිත්තර සකසා ගත හැකියි.

“තම්බන ලද බිත්තර සඳහා කිරි එක්කිරීම සුදුසු නොවේ”
ඇත්තටම ඔබට බිත්තර සඳහා කිරි හෝ චීස් එක්කිරීමෙන් ඉතා රසවත් ආහාර පිළියෙල කරගත හැකියි.

“බිත්තරවල කුකුළු පැටවුන් සිටිනවා”
බොහෝ නිර්මාංශ පුද්ගලයින් බිත්තර ආහාරයට ගැනීම ප්‍රතික්ශේප කරනු ලබන්නේ ඉහත හේතුව මත පදනම්වයි. බිත්තර කුකුළු පැටවුන් බිහිවන මාර්ගය වුවත් අප වෙළදපොලෙන් මිලට ගනු ලබන බිත්තර බොහෝවිට සංසේචනය (fertilized) නොවූ බිත්තරයි.. ව්‍යාපාරික පදනමින් බිත්තර නිපදවන බොහෝ ගොවිපල තුල කුකුළන් නොමැති අතර කිකිළියන් පමණක් සිටිනවා.. එබැවින් වෙළඳපොලේ ඇති බොහෝ බිත්තර සජීවි බිත්තර නොවේ.

“රතු පැල්ලම් ඇත්තේ සසේචනය වූ බිත්තරවලයි”
බොහෝ දෙනා ඇතැම් අවස්ථාවල බිත්තර කහමද මත ඇති රතු පැහැති පැල්ලම් නරක් වූ හෝ සසේචනය වූ බිත්තර යැයි සිතුවත් එය එසේ නොවේ.. ඒවා ඔබට ආහාරයට ගත හැකියි.. එම රතු පැල්ලම් බිත්තරය නිර්මාණය වන අවස්ථාවේ පිපිරීමට ලක්ව කහමදය මත තැන්පත් වූ රුධිර නාළිකා කොටස්ය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2051 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:22:58 AM
Script:/article/2051/myths-you-probably-still-believe-about-eggs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:22:58 AM
Script:/article/2051/myths-you-probably-still-believe-about-eggs.html