ඔබ කාන්තාවක් ද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න

March 3, 2017
10,360
Every Woman Should Read
වානිජකරණය වුනු මේ සමාජයේ අපිට අපි ගැන හිතන්න ඇත්තටම වෙලාවක් නෑ. හැමෝගෙම වැඩ වලට උදව් වෙලා, එහෙමත් නැත්නම් හැමෝගෙම වැඩ බාර අරගෙන කරලා දීලා, අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන යම් කිසි දෙයක් කරන්න වෙලාවක් නෑ. හැබැයි ඒ දේ හරිම වැරදියි. ඒකාකාරී බැවින් මිදිලා මොකක්ම හරි දෙයක් කරන්න ඕනේ අපේ මානසික, ශාරීරික, සමාජීය යහපැවැත්මට. හැමෝගෙම හැමදේටම අපි පිහිටට හිටියත් අපේ පිහිටට ඉන්නේ අපි විතරයි.

හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න සමබර ආහාර වේලක් ගන්න. ශාරීරික ව්යායාම වල යෙදෙන එක අනිවාර්යයෙන් කරන්න ඕනේ. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගන්න අපේ එදිනෙදා වැඩ කටයුතු එක්ක අපිට තියෙන මානසික ආතතිය වගේ තත්ත්ව පාලනයට නැහැ බැහැ කියන අදහස් වලින් ඉවත් වෙලා ජිවත් වෙන්න ඕනේ.
යහපත් සමාජ සම්බන්ධතාවයකට, අපි අලුත් මිතුරන් ඇති කරගන්න ඕනේ. අපිට මග හැරුණු පරණ යාළුකම් අලුත් කරගන්න ඕනේ. මේ දේවල් වෙනුවෙන් අපි කොහොමින් හරි කාලයක් වෙන් කරගත්තොත් අපිට යහපත් ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා.
ඔබට ඔබව හොයාගන්න මෙන්න මේ පියවර අනුගමනය කරන්න පුළුවන් නම් එකාකාරී බැවින් මිදිලා, අලුතින් ජිවත් වෙනවා කියලා හිතේවි.

01. අලුත් ෆිල්ම් එකක් බලන්න.
02. ෆෝන් එක, ලැප් ටොප් එක පාවිච්චියෙන් ටිකකට ඈත් වෙන්න.
03. කොහේ හරි ඇවිදින්න යන්න.
04. කැමති සින්දුවක් අහලා නටන්න.
05. හදන්න දන්නේ නැති කෑමක් හදන්න ඉගෙන ගන්න .
06. හොඳම යාලුවෙක් එක්ක දවල් කෑමකට යන්න.
07. පරණ යාලුවෙක්ට ලියුමක් යවන්න.
08. අසල් වැසියන්ට පුංචි TEA PARTY එකක් දෙන්න.
09. ඩයරි එකක් තියාගන්න.
10. කැමතිම විදිහේ ඇඳුමක් අදින්න.
11. අලුතින් පොටෝ ඇල්බම් එකක් හදන්න.
12. විනෝද උද්යානයකට යන්න.
13. සඟරාවක් කියවන්න.
14. කෙටි කතාවක් ලියන්න.
15. වැස්සේ ඇවිදින්න.
16. පින්තුරකය් අඳින්න.
17. සම්බාහනයක් කරගන්න.
18. කැමති අවන්හලකට ගිහින් තනියම කොපි කෝප්පයක රස විදින්න.
19. කෙටි විනෝද ගමනක් යන්න.
20. අලුත් යාළුවො ඇති කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 96 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:59:43 AM
Script:/article/96/every-woman-should-read.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:59:44 AM
Script:/article/96/every-woman-should-read.html