හොඳ නින්දක් ලබන්න අපි හැමෝම කැමතියි. හැබැයි අපිට තියෙන වැඩත් එක්ක හොඳ නින්දක් ලබා ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ලැබෙන පුංචි නින්දක් හරි සැප නින්දක් කරගන්න ඔබට පුළුවන්. ඒ කොහොමද කියලා අපි කියලා දෙන්නම්.
නිදාගන්න පැයකට විතර ඉස්සෙල්ලා phones, laptops භාවිතය නවත්වන්න
ලැප් ටොප්, ෆෝන් ඇඳට ගිහිල්ලත් පාවිච්චි කරන අය කොයි තරම් නම් ඉන්නවද?හැබැයි එක හරිම වැරදියි. ඒ විද්‍යුත් උපකරණ වලින් නිකුත් කරන එලිය නිසා නින්දෙන් ගොඩාක් අපිව ඈත් වෙනවා. නිදා ගන්න කලින් මේ උපකරණ පාවිච්චිය නවත්වලා දාන එක හොඳයි.
කැෆේන් සහ ඇල්කොහොල් පානය
නිදාගන්න පැය 5-6 කට කලින්ම මේ වගේ පාන වලින් වැළකෙන එක කරන්න ඕනේ. කැෆෙන් වලට අපිව ගොඩක් වෙලා අවදිව තියන්න පුළුවන්. ඇල්කොහොල් වලට ගොඩාක් වෙලාවට මුළු රෑ එළි වෙනකල් වුනත් අපිව ඇහැරවලා තියන්න පුළුවන් කම තියෙනවා. ඉතින් මේවා භාවිතා නොකර නිදා ගන්න යන්න.
දවස පුරා ඔබට වුනු දෙයක් හෝ ඔබ කල දෙයක් ගැන උවමනාවට වඩා හිතන්න යන්න එපා
සමහරක් දේවල් සිද්ධ වෙන්නේ අපේ පාලනයෙන් තොරව. එක අපි හැමෝම දන්නවනේ. ඉතින් ඕනෙම දෙයක් ගැන උවමනාවට වඩා හිතන එක වැරදියි. විශේෂයෙන්ම අපි නිදා ගන්න ඇඳට ගිහාම. එතකොට වෙන්නේ නිදිමත නැතිවෙලා ගිහින් අපේ මනස ක්‍රියාශීලි වෙන එක. නිදා ගන්න කලින් භාවනා කරන්න ටිකක්. slow music අහන්න. නින්ද ඔබ ළඟටම වෙලා ඉඳීවි.
නිදාගන්න හොඳටම ලං වෙලා කවදාවත් කෑම කන්න එපා
අපි කොහොමත් හවස 7 විතර වෙනකොට රෑ කෑම කාලා ඉවර වෙන්න ඕනේ. ගොඩාක් රෑ වෙලා ආහාර ගත්තහම වෙන්නේ ආහාර ජීර්ණය කරන පද්ධතිය මහා රෑ වැඩ කරන්න ගන්නවා. එකෙන් අපිට සැප පහසු නින්දක් ලබා ගන්න බැරි වෙනවා.
හිතෙන හිතෙන වෙලාවට නිදා ගන්න යන්න එපා
අපේ ශරීරය හැඩගැස්සිලා තියෙන්නේ කාලසටහනකට අනුව. එක එක වෙලාවලට නිදා ගන්න ගිහාම අපේ ශරීරයට එය හඳුනා ගැනීමේ අපහසුතාවයක් එනවා. හැමදාම වගේ එකම වෙලාවකට නින්දට යන්න උත්සාහ කරන. එතකොට ඒ වෙලාවට නිදිමත එන්න ඇඟ පුරුදු වෙනවා. ඒ වගේම ලබාගන්න නින්ද කිසිම බාදාවක් නැතුව එක දිගට නිදා ගන්න පුළුවන් කමත් ලැබෙනවා.
අනේ මට නින්ද යන්නේ නෑ කියලා හැමවෙලේම කියන ඔබේ යාලුවෙක්ට පවුලේ කෙනෙක්ට මේක පෙන්නන්න.