කටරොළු මලින් ලස්සන වෙන්නත්... නිරෝගි වෙන්නත් පුලුවනි

June 25, 2020
11,110
Be beautiful and healthy with blue butterfly flower
හැඩකාරියන්ගේ ගෙවත්තේ පිපිලා ගෙවත්තේම පරවෙලා යන කටරොලු මල් වලින් ගුණ ඇති ආහාරපාන වගේම හැඩවෙන විවිධ ක්‍රම උපායන් සකස් කර ගන්නත් පුලුවනි.

කටරොළු මල් දිව්‍යමය ඖෂධයක්. කටරොලු ශාඛයේ මුල්, පොතු මල්, කොළ, ඇට ආදි සියල්ලම ප්‍රයෝජනයට ගන්නා ඔසු වටිනාකමින් යුක්තයි. සෙම් රෝග, දියවැඩියාව, පිලිකාවෙන් ආරක්ෂාවට වගේම කාන්තාවන්ගේ ඔසප් රෝගවලටත් ගුණයි. ඒ විතරක් නොවෙයි, රනිල කුලයට අයත් නිසා පසටත් පොහොරක්. බහුලව දක්නට ලැබෙන කටරොලු මලින් ලබා ගත හැකි ගුණය නොසලකා ඉන්න එපා.

කටරොලු පානය

අමු කටරොලු හෝ වියලා ගත් කටරොළු මල් පහක් පමණ සෝදා පිරිසිදු කර භාජනයකට දමන්න. දැන් උතුරන වතුර මේ මල් කෝප්පයට එකතු කරලා විනාඩි පහක් පමණ වසා තබන්න. අවශ්‍ය නම් දෙහි සහ සීනි ස්වල්පයක් එකතු කර ගෙන පානය කරන්න.හැබැයි දෙහි එකතු කරන විට වතුර නිවුනාම එකතු කරන්නත් ඕන.

මල් යුෂ වර්ණකාරකයක් විදිහට

අද අපට හැම තැනින්ම ඇසෙන්නේ වර්ණකාරකයන්ගේ රසායනික සංයෝග ඒ තරම් හිතකර නැති බවයි. ඒ නිසා ස්වභාවික වර්ණ ගැන විමසන අපට මේ මල් යුෂ ඉතාම හොඳ විකල්පයක්. මුලින්ම කටරොලු මල් දහයක් පමණ වතුරේ තම්බා ගෙන මල් හොදින් මිරිකා ගෙන වතුර පෙරා ගන්න.

බතක් උයනවා නම්

ඔබ නිල් පාට බතක් පිසිනවා නම් බතේ එකතු කරන වතුර සමග මේ නිල් පාට දියරය එක් කරන්න. හැබැයි මේ විදිහට.. ඔබ වතුර එකතු කරන ප්‍රමාණය අනුව නිල් වතුරේ ප්‍රමාණයත් එකතු වෙන්න ඒන. අපි මෙහෙම හිතමු. බත ඉදෙන්න අවශ්‍ය වතුර ලීටරයක් නම්.. ඔබ නිල් කටරොලු මල් යුෂ ලීටර් බාගයක් එකතු කරනවා නම් බතට ජලය විදිහට තව වතුර ලීටර් බාගයක් එකතු කලාම ඇති.

සව් හදනවා නම්

නිල් පාටින් සව් කෝපප්යක් කන්න කැමැති නම් සව් වලට පොල් කිරි එකතු කරද්දී මේ යුෂ දියරයෙන් මිරිකා ගන්නත් පුලුවනි. එහෙම නැත්නම් සීනි ද්‍රාවණයට එකතු කරලා ලස්සන බලන්නකෝ..

නිල් කිරිබත්

කිරිබත් පිසින විට කිරි වලට කටරොලු යුෂ එකතු කරන්න.

ලස්සන වෙන්න..

මුලින් ඔබ හදා ගත්තු විදිහට කටරොලු මල් දියරය උණුවතුරෙන් තම්බා ගෙන එය නිවෙන්න තබන්න. නිවුනාට පසුව කියුබ් තැටියකට කටරොලු වතුර එකතු කරලා ඝන වෙන තෙක් අධි ශීතකරණයේ තබන්න. දැන් අවශ්‍ය වේලාවට මේ කටරොලු කියුබ් එකක් අරගෙන අයිස් කියුබ් සත්කාරය කරන්න.

කටරොලු ක්‍රිම්

කෝමාරිකා ජෙල් මේස හැන්දක් පිරිසිදු භාජනයකට දාලා කටරොලු මල් මිරිකාගෙන දියර ස්වල්පයක් බැගින් එකතු කරමින් හොඳට ක්‍රිම් වෙන තෙක් මිශ්‍ර කරන්න. දැන් මෙය බෝතලයේ තබා අවශ්‍ය විට පාවිච්චියට ගන්න. මුහුණේ රැලි ගතිය සහ අදුරු ගතිය ඉවත් වෙනවා. රාත්‍රි නින්දට කලින් කරන්න. වෙනස ඔබටම පෙනේවි.

කටරොළු මිස්ට්

නිල් කටරොලු වතුර ස්ප්‍රේ බෝතලයක දමා ශීතකරණයේ තියාගෙන දින දහයක් පමණ පාවිච්චි කරන්න පුලුවනි. මෙය ටෝනර් එකක් වගෙත් යොදා ගත හැකියි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1667 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:38 AM
Script:/article/1667/be-beautiful-and-healthy-with-blue-butterfly-flower.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:38 AM
Script:/article/1667/be-beautiful-and-healthy-with-blue-butterfly-flower.html