අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට ගුණ දෙන හොඳම ආහාර

February 4, 2018
19,868
Super food for high blood pressure
ආහාර පාන වලින් පරිස්සම් නොවීමත්, ශාරීරික ක්‍රියාකාරිකම් අඩු වීමත් නිසා බොහෝ දෙනෙක් දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වෙනවා. ඒ විදියට වැළඳෙන රෝග වලින් එකක් තමයි අධි රුධිර පීඩනය. ඒ වගේම අධි රුධිර පීඩනය වැළඳීම කියන්නේ හරිම භයානක තත්ත්වයක්. මේ භයානක රෝගී තත්ත්වය වැළඳෙන්න කලින් ආරක්ෂා වෙන එක වගේම රෝගය පාලනය කර ගැනීම ගොඩක් වැදගත්. අධි රුධිර පීඩනයෙන් මිදෙන්න වගේම රෝගය ඇති වෙන්න කලින් ආරක්ෂා වෙන්නත් හොඳම ආහාර වර්ග කිහිපයක් තමයි මේ.

තක්කාලි

තක්කාලි කියන්නේ අධි රුධිර පීඩනයට පාලනයට තියෙන හොඳ ඖෂධයක්. තක්කාලි වල ඇති ලයිකොපීන් කියන සංඝටකය අපේ රුධිර පීඩනය නියමිත මට්ටමේ පවත්වාගෙන යන්න උපකාර වෙනවා. තක්කාලි අමුවෙන් ආහාරයට එකතු කර ගන්න එක තමයි වඩාත් හොඳ.

නිවිති

නිවිති පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත ආහාරයක් වගේම නිවිති වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒ ප්‍රතිඔක්සිකාරක වලට රුධිර පීඩනය අධිකව ඉහල යාම පාලනය කරන්න පුළුවන්. ඒ නිසා අධි රුධිර පීඩනය තිබෙන අයට නිවිති කියන්නේ ඉතා ගුණ දායක ආහාරයක්.

දෙළුම්

දෙළුම් කියන්නේ පලතුරු වර්ග අතරින් ඉතා ගුණදායක පළතුරක්. ඒ වගේම රෝග රැසකට ගුණදායකයි, රුධිර පීඩනය ඇතුළු රෝග රැසකින් වැළකිලා ඉන්න දෙළුම් වල පෝෂණීය ගුණය උදවු වෙනවා. අධි රුධිර පිඩනයට වගේම දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝග වලටත් දෙළුම් යුෂ වටිනා ඖෂධයක්.

බීට් රූට් යුෂ

බීට් රූට් කියන්නේ අපි හොඳට දන්නා කියන එළවළුවක්. එත් මේකත් හොඳ ඖෂධයක් කියල ඔබ දැනගෙන හිටියද? ලිංගික ශක්තිය වැඩි කිරීමේ ඉඳලා, ලේ පිරිසිදු කරන තැන වෙනකම්ම විශාල පරාසයක රෝග ගණනාවකට බීට් රූට් හොඳ ඖෂධයක්. ඒ අතරින්, අධි රුධිර පීඩනයටත් බීට් රූට් ගොඩක් හොඳයි. ඒත්, උයපු බීට් වලට වඩා, බීට් රූට් යුෂ හදල පානය කරන එක තමයි ගොඩාක්ම ගුණ.

චොක්ලට්

චොක්ලට් වලින් සෞඛ්‍යට වාසි සහගත ප්‍රතිලාභ රැසක්ම ලැබෙනවා. හැබැයි ගොඩාක්ම හිතකර වෙන්නේ කළු චොක්ලට්. අපි dark chocolate කියලා කියන්නේ. dark chocolate වලට ඔයාගේ හදවත ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඒවායේ අනවශ්‍ය විදියට සීනි අඩංගු වෙන්නේ නැති නිසා දියවැඩියාව තියෙන අයට ප්‍රශ්නයක් ඇති කර ගන්න ඕනත් නැහැ.

වදමල් පානය

වදමල් පානයෙන් ලැබෙන නොසිතූ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මිට කලින් සම්පුර්ණ ලිපියක් පල කරා. අධි රුධිර පීඩනය අවම කරවන ප්‍රතිඔක්සිකාරක වදමල් වල අඩංගු වෙනවා. ඒ වගේම රුධිර පීඩනය අඩු කරන්න වදමල් යුෂ වලට පුළුවන්. ඒ නිසා අධි රුධිර පීඩනය සහිත අය සතියකට වරක් වදමල් පානය කිරීම හොඳයි. හැබැයි නිතර නිතර පානයත් සුදුසු නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 651 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:50 PM
Script:/article/651/super-food-for-high-blood-pressure.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:50 PM
Script:/article/651/super-food-for-high-blood-pressure.html