මුත්‍රා ආසාදනවලින් පීඩා විදින ඔබට පානය කළ හැකි පාන වර්ග 06 ක්

September 23, 2018
10,392
6 drink you can take if you suffer from urine infection
මිනිස් සිරුරක් නිරෝගීව පවත්වාගෙන යන්න කොච්චර නම් දේවල් කරන්න ඕනීද? ඔයා ඔයා ගැන අවධානය දෙන එක ටිකක් හරි අතපසු කළොත් ඔයාගේ සිරුරට වගේම ඔයාගේ පෙනුමට එහෙමත් නැතිනම් දෛනික ජීවන රටාවට වෙන දේ ගැන හිතා ගන්නවත් බැරි වෙනවා. ඔයා ඔයා ගැන හිතන තරමට ඔයාට යහපත් කායික වගේම මානසික සෞඛ්‍යයකින් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් අද තියෙන තරඟකාරී, කාර්යබහුල පරිසරය එක්ක ඔයාට ඔයා ගැන හිතන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ආහාරපාන, පෝෂණය, විවේකය ගැන හිතන්න කාලයක් ඔයාගේ ටයිම් ටේබල් එකෙන් හොයා ගන්නවත් බැරුව ඇති. අන්න ඒ නිසා ඔයාට වෙනදට වැඩියෙන් ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙන්ද අපහසුතාවන් ඇති කරන විවිධ සංකූලතාවන් ඇති විය හැකියි. ගොඩක් දෙනෙක් ශාරීරිකව පීඩා විදින සංකූලතාවක් තමයි මුත්‍රා ආසාදන. ලොකු කුඩා භේදයකින් තොරව ඇති වන මේ සංකූලතාවට පිළියමක් හොයා ගත්තේ නැති වුණොත් කිසිම වැඩ කටයුත්තක් ඔයාට යහපත් මානසිකත්වයකින් කරන්න ලැබෙන්නේ නෑ. හැමදාම වගේ ඔයාගේ ශරීර සෞඛ්‍යයට වැදගත් උපදෙස්, කරුණු කාරණා ඔන්න අදත් හැඩකාරී ඔයාට අරගෙන ආවා. විශේෂයෙන්ම මුත්‍රා අසාදනයකින් මිදෙන්න ඔයාට ගෙදර ඉදලම ඊට පිළියම් හොයන්න දැන් පුළුවන්. හැඩකාරී අපි මේ කියන පිළියම් මොනවාද කියලා දැනගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

ඇති තරම් වතුර බොන්න

ඔයා දන්නවානේ වතුර කියන්නේ ඔයාගේ සිරුරට නැතුවම බැරි ආහාරයක්. ඔයා වතුර බොන්න කම්මැලි කෙනෙක් නම් ඔයාට මුත්‍රා ආසාදන තත්ත්වයන් වැඩිපුර ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අන්න ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ ප්‍රමාණවත් තරම් වතුර බොන්න කියලා. සමාන්‍යයෙන් වැඩිහිටියෙක් නම් දවසකට වතුර වීදුරු 08 ක් වත් අඩුම තරමින් පානය කළ යුතුයි. ඔයා වතුර බිව්වම සිරුරේ තියෙන විෂබීජ ඉවත් වෙලා යනවා. මුත්‍රා ආසාදනයක් ඇති වුණාම ඔයා හොඳින් වතුර බීලා බලන්නකෝ. මුලින්ම මුත්‍රාවල කහපාට බව වැඩිපුර දකින්න ලැබෙයි. ගොඩක් වේලාවට ඒ විදිහට දිස් වෙන්නේ ඔයාගේ සිරුරේ විෂබීජ ආදීය නිසා. මුත්‍රාවල පැහැය පැහැදිළි වෙන තුරු හොඳින් වතුර බොන්න. එවිට ආසාදන තත්ත්වය ටිකෙන් ටික අඩු වෙලා යාවී.

වතුර වලට සීනි ටිකක් දාලා බොන්න

මේ ක්‍රමය මගිනුත් ඔයාට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා මෙය මුත්‍රා ආසාදනයකට විකල්ප විසදුමක් විතරයි. මුත්‍රා දැවිල්ලකදී වතුර වීදුරුවකට සීනි හැන්දක් විතර දාලා බොන්න. ටිකක් වෙලා යනකොට වේදනාකාරී බව ටිකක් හරි අඩුවෙලා යන්න පටන් ගනීවි. ඔයාට මේ පානය පපුවේ දැවිල්ල තියෙනකොට වුණත් බොන්න පුළුවන්. ඉතිං ඔයාටත් මුත්‍රා ආසාදන තත්ත්වයක් වුණොත් මේ ක්‍රමය අත්හදා බලන්න.

උණු වතුර

මුත්‍රා අසාදනයක් ඇති වීම ශාරීරික වශයෙන් වේදනාකාරී අත්දැකිමක් කියලා එක් වරක් හෝ මේ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් දන්නවා. සමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ඔයාගේ යටි බඩේ වේදනාකාරී බවක් ඇති විය හැකියි. ඒ තත්ත්වය මඟහරවා ගන්න උණුවතුර වීදුරුවක් බොන්න පුළුවන්. ඒ වගේ මද උණුසුම් ජලයෙන් ඔයා නෑවොත් මේ වේදනාකාරී බවත් අඩුකර ගැනීමේ හැකියාව තියෙනවා. යටි බඩේ වේදනාව ඉතාමත් වැඩි නම් වීදුරු බෝතලයකට උණුවතුර පුරවලා හොඳින් යටිබඩ සම්බාහනය කරන්න. එහෙම තැනි නම් හොඳ කපු රෙදි කැබැල්ලක් උණුවතුරේ පොගලා තවන්න. ටික වේලාවක් යනකොට වේදනාකාරී බව අඩු වෙලා යාවී.

පිපිඤ්ඤා සහ කොමඩු

ඔයා දන්නවානේ කොමඩු කියන්නේ ජලය හොඳින්ම තියෙන පළතුරක්. ඔයාට පුළුවන් නම් මුත්‍රා දැවිල්ල තියෙන වෙලාවට කොමඩු ජුස් එකක් හදාගෙන බොන්න. එයින් ඔයාගේ සිරුරට හොඳින් ජලය ලැබෙනවා. කොමඩු වගේම පිපිඤ්ඤාත් ඉතාමත් හොඳයි මුත්‍රා අසාදනවලට. පිපිඤ්ඤා සලාද හෝ අමුවෙන් ආහාරයට ගැනීමෙන් මුත්‍රා ආසාදන තත්ත්වය මදක් හෝ අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද පිපිඤ්ඤාවලින් විශාල ජලය ප්‍රමාණයක් ඔයාගේ සිරුරට ලැබෙනවා.

වතුරවලට කෝමාරිකා දාලා බොන්න

ඔයා හොඳින්ම දන්නා කරුණක් තමයි කෝමාරිකාවලින් ඔයාගේ සිරුරට ලැබෙන ගුණය මෙපමණයි කියලා කියා නිම කරන්න හැකියාවක් නෑ. පුපුවේ දිවිල්ල, රක්තය, ගැස්ට්‍රයිටීස් වැනි රෝග රැසකට කෝමාරිකා කියන්නේ ඖෂධයක්. කෝමාරිකා ජෙලිවලට තියෙනවා ඔයාගේ සිරුර සිසිල් කිරීමේ හැකියාව. දැන් නම් ඔයාට කෝමාරිකා පානය වෙළෙඳපොළෙන් වුණත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්තම් ඔයාට නිවසේ ඉඳලා ඉතාමත් පහසුවෙන් කෝමාරිකා පානය හදාගන්න පුළුවන්. කෝමාරිකා පිත්තක ජෙල් එක ඉවත් කරගෙන බ්ලෙන්ඩර් කරන්න. පසුව වතුර මිශ්‍ර කර පානය කරන්න. ටික වෙලාවක් යනකොට වේදනාකාරී බව අඩුවෙලා ගිහින් ඔයාට යම් සුවයක් ලැබෙනවා.

පළතුරු යුෂ හැකි තරම් බොන්න

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඔයාට නැවුම් එළවලූ, පළතුරුවලින් ලැබෙන දායතක්වය නම් කියලා නිම කරන්න බෑ. ඔයාට මුත්‍රා ආසාදන තත්ත්වයක් ඇති වුණොත් එයින් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි වෙනදට වැඩියෙන් පළතුරු ආහාරයට එකතු කර ගැනීම. මුත්‍රා ආසාදන තත්ත්වයකදී පුළුවන් තරම් පාන වර්ග බොන්න. එයින් ඔයාගේ සිරුර සිසිල් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි පළතුරුවල ඇන්ටි ඔක්සිඩන්ට් බහුලව අඩංගු වෙනවා. එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඔයාගේ සිරුර නිරෝගීව පවත්වාගෙන යනවා.

මුත්‍රා කරන්න මැලි වෙන්න එපා

ගොඩක් දෙනෙක්ට මුත්‍රා අසාදන තත්ත්වයක් ඇති වුණාම මුත්‍රා පිට කිරීම වේදනාකාරී අත්දැකීමක්. ඒත් ඕනෑම වේලාවක එකී කාර්යය කරන්න අවශ්‍යතාවක් ඇති වුණොත් ප්‍රමාද නොකර මුත්‍රා පිට කරන්න. මොකද ඔයාගේ සිරුරේ විෂබීජ ඉවත් වෙලා යනවා මුත්‍රා කිරීමත් සමඟ. මුත්‍රා පිට නොකිරීමෙන් වෙන්නේ ඒ බැක්ටීරියා දෙගුණ තෙගුණ වීමයි. අන්න ඒ නිසා මුත්‍රා පිට කිරීමට අවශ්‍යතාව ඇති වු විට ඒකි කාර්යය කරන්න ප්‍රමාද වෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1088 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:44:59 AM
Script:/article/1088/6-drink-you-can-take-if-you-suffer-from-urine-infection.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:45:00 AM
Script:/article/1088/6-drink-you-can-take-if-you-suffer-from-urine-infection.html