මේ විදිහට සුවඳ විලවුන් ගැල්වූවොත් දවස පුරාම ඔයා ළඟ සුවඳ රැඳේවී

September 21, 2018
10,412
How to keep the perfume fragrance all day long
හැඩකාරී ඔයාගෙන් ඇහුවොත් ඇයි ඔයා පර්ෆියුම් එකක් භාවිතා කරන්නේ කියලා දෙපාරක් හිතන්නේ නැතුව ඔයාගෙන් ලැබෙන පිළිතුර තමයි සුවඳවත් බව ආරක්ෂා කර ගන්න කියලා. එහෙමත් නැතිනම් දහඩිය දුගඳ මඟ හරවා ගන්න කියලා. ගොඩක් වේලාවට අපි පර්ෆියුම් එකකින් බලාපොරොත්තු වෙන්නේ දහඩිය දුගඳ නැති කරන එක. ඒත් අද ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි කොතරම් මිලෙන් ඉහළ හා සුවඳවත් පර්ෆියුම් ගැල්වුවත් සුවඳවත් බව රැඳිලා තියෙන්නේ පුංචිම පුංචි වේලාවක් විතරයි. ඔයත් පර්ෆියුම් භාවිත කරන කෙනෙක් නම් මෙවැනි ගැටළු ඔයාට අනන්තවත් ඇති වෙලා ඇති. ඔයා කොච්චර මිලෙන් අධික සුවඳවත් පර්ෆියුම් භාවිත කළත් වැඩක් වෙන්නේ නෑ ඔයා ඒ පර්ෆියුම් එක භාවිත කරන හරි විදිහ දැන ගත්තේ නැති වුණොත්. පර්ෆියුම් එකක සුවඳවත් බව දවස පුරාම රැක ගන්න කොහොමද පර්ෆියුම් එක හරි විදිහට භාවිත කරන්නේ කියලා ඔයාට අද හැඩකාරී අපි කියලා දෙනවා.

හැඩකාරී ඔයාට මුලින්ම පොරොන්දු වුණානේ පර්ෆියුම් එකක් ගල්වන හරිම විදිහ කියලා දෙනවා කියලා. ඔයා නිවසෙන් එළියට යන ඕනෑම වේලාවක ස්නානය හෝ මුහුණ අත පය සෝදාගෙන පිරිසිදු වෙනවානේ. ඉතිං තරමක් තෙත ඉවත් වුණාට පස්සේ ඔයා දිනපතා භාවිත කරන මොයිස්චරසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. පසුව පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න.

පර්ෆියුම් එකේ සුවඳවත් බව රැක ගන්න

ඔයා එදිනෙදා භාවිත කරන පර්ෆියුම් එකේ සුවඳවත් බව රැක ගන්න පර්ෆියුම් එක ඇසුරුම් කරන ස්ථානයත් බලපානවා. ඔයා සමාන්‍යයෙන් පර්ෆියුම් එකක් උණුසුම් ස්ථානවල ගබඩා කළොත් වැඩිකල් යන්න කලින් එහි සුවඳවත් බව අඩු වෙලා යාවී. ඉතිං තාපය හොඳින් තියෙන නාන කාමරය වැනි ස්ථානයක පර්ෆියුම් එකක් තියලා තියන්න එපා. ඔයාට ඔයාගේ පර්ෆියුම් එකේ සුවඳවත් බව රැක ගන්න නම් ආලෝකය අඩුවෙන් ලැබෙන සිසිල් ස්ථානයක පර්ෆියුම් එක තියලා තියන්න වෙනවා. සමාන්‍යයෙන් ඕනෑම පර්ෆියුම් එකක ඇසුරුමක් තියෙනවානේ. ඉතිං මේ ඇසුරුම තුළ පර්ෆියුම් එක තියලා තියන්න. එතකොට පර්ෆියුම් එකේ සුවඳවත් බව දිගුකල් පවතිවි.

පර්ෆියුම් ගල්වා ක්‍රීම් ආලේප කරන්න එපා

පර්ෆියුම් එකේ සුවඳවත් බව රැක ගන්න පුළුවන් විදිහක් තමයි ඔයාට අපි මේ කියලා දෙන්න හදන්නේ. පර්ෆියුම් එකක් ක්‍රීම් එකක් ආලේප කරන්න කලින් ස්ප්‍රේ‍ කරන්න එපා. පළමුව පිරිසිදු කළ සිරරේ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. පසුව පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න. ඔයාට තියෙන්නේ වියලි සමක් නම් මොයිස්චරසින් එකකින් ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා වෙනවා වගේම සුවඳවත් බව වැඩි වේලාවක් රැඳිලා තියෙනවා මේ තෙතමනය නිසා.

අඳුම් අඳින්න කලින් පර්ෆියුම් එක ස්ප්‍රේ‍ කරන්න

ගොඩක් දෙනෙක් පර්ෆියුම් එක ගැල්වීම සිදු කරන්නේ ඇඳුම් සියල්ල ඇන්දට පසුවනේ. ඉතිං ගොඩක් වේලාවට ඔයා නිවසින් බැහැර වෙන්න කලින් ඔයාගේ අඳුමට පර්ෆියුම් එක ස්ප්‍රේ‍ කර ගන්නවා. එතකොට ඇඳුම්වල පර්ෆියුම් පැල්ලම් විදිහට තමයි පේන්නේ. ඉතිං මේ විදිහට පර්ෆියුම් ගැල්වුවාම පුංචි වේලාවක් තමයි පර්ෆියුම් එකේ සුවඳ රැඳිලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔයා ඇඳුම් අඳින්න කලින් පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න.

පර්ෆියුම් එකක් ආලේප කරන සිරුරේ හරිම තැන් දැන ගන්න

මුලින් කිව්වා වගේ පර්ෆියුම් එකේ සුවඳවත් බව දවස පුරාම තියා ගන්න පර්ෆියුම් එකේ සුවඳ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔයා පර්ෆියුම් එක ඔයාගේ සිරුරට ගල්වන විදිහත් දවස පුරාම සුවඳවත් බව තියා ගන්න උපාකාරී වෙනවා. ගොඩක් දෙනෙක් පර්ෆියුම් එක ගැල්වීම සිදු කරන්නේ කිහිලි යටනේ. මෙහෙම පර්ෆියුම් ගැල්වුවොත් කවදාවත් ඔයාට සුවඳවත් බව පවත්වා ගන්න වෙන්නේ නැ. දහඩිය දුඟද එක්ක පර්ෆියුම් එක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි ඇති වෙන්නේ. ඉතිං සුවඳවත් බව දවස පුරාම තියා ගන්න නම් මේ කියන ස්ථානවලට පර්ෆියුම් එක ස්ප්‍රේ‍ කරන්න වෙනවා. ඔයාගේ බෙල්ලට සහ කන්වල පිටුපසට, අත් දෙකේ වැලිමිටට සහ මැණික් කටුවට, පපුවට මදක් පහළින් සහ උදරයට මදක් ඉහළින්, දණහිසට, වළලුකරට සහ වළලුකරට මඳක් ඉහළින්.

පුළුල්ව පැතිරි ගිය ආලෝකයදී පර්ෆියුම් ස්ප්‍රේ කරන්න එපා

පර්ෆියුම් එකේ සුවඳවත් බව ආරක්ෂා කර ගන්න පුළුවන් තවත් විදිහක් තමයි මේ ඔයාට කියලා දෙන්නේ. ඔයා දන්නවානේ පර්ෆියුම් එකක මූඩියක් ඇරලා තිබුණොත් එය ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ ආලෝකය ටිකක් අඩු, අඩු වාතාශ්‍රයක් ලැබෙන තැනක ඉඳලා පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න කියලා. එහෙම නැති වුණොත් ඔයා පර්ෆියුම් එක ස්ප්‍රේ කරපු ගමන් වියළි බවට පත් වෙලා, සුවඳවත් බව අඩු වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.

පර්ෆියුම් එකකින් ඔයාගේ නිදන කාමරය සුවඳවත් කර ගන්න

සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පර්ෆියුම් එකක් නිවසෙන් එළියට යනකොට තමයි භාවිත කරන්නේ. ඒත් ඔයා දවසින් වැඩි කාලයක් ගත කරන තැන තමයි නිවස. පුංචි සුවඳකින් ඔයා නිවස ඇතුළේ ගත කරන සෑම මොහොතක්ම සුන්දර කර ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. ඔයාගේ ගෙදර තියෙන කොට්ටා වලට : කොට්ට සහ කොට්ට උර - පර්ෆියුම් ටිකක් ස්ප්‍රේ කරලා තියන්න. එයින් සුවඳවක් බවක් එකතු කර ගන්න පුළුවන් වගේම හැම මොහොතක්ම සුන්දරව ගත කරන්න හැකියාව ලැබේවී.

කොට්න් බට්න් කිහිපයක පර්ෆියුම් ගල්වන්න

මේ කියන්න යන දෙයත් ඔයාගේ පර්ෆියුම් එකේ සුවඳවත් බව දවස පුරාම රදා පවත්වා ගන්න බෙහෙවින් උපකාරී වෙනවා. ඔයාගේ ඇඳුම් අල්මාරියේ ඇඳුම් අතර කොට්න් බට්න් කිහිපයක පර්ෆියුම් ගල්වා ඇඳුම් අතරින් තියලා කියන්න. මෙමගින් ඔයා එදිනෙදා අඳින පළඳින ඇඳුම්වල සුවඳවත් බවක් එකතු වෙනවා. ඔයා නිවසෙන් එළියට යනවා නම් ඔයාට කරන්න පුළුවන් තවත් පුංචි දෙයක් තියෙනවා. කලින් කිව්ව විදිහට කොට්ටන් බට්න් දෙකකට විතර පර්ෆියුම් ස්ප්‍රේ කරලා බෑගය තුළ තියන්න. මෙයින් වහනය වන සුවඳ නිසා ඔයාට සුවඳවත් බවක් එකතු කර ගත හැකියි.

පරණ ඇඳුම්වලට පර්ෆියුම් ස්ප්‍රේ කරන්න එපා

ඔයා පර්ෆියුම් එකක් භාවිත කරන කෙනෙක් නම් මේ විදිහේ දෙයක් කවදාවත් කරන්න එපා. ගොඩක් වේලාවට පරණ ඇඳුම්වල දහඩිය දුගඳ අඩු කර ගන්න කියලා හිතාගෙන එදිනෙදා ඇඳලා පිරිසිදු නොකරපු ඇඳුම්වලට පර්ෆියුම් ස්ප්‍රේ කරනවා. මෙයින් ඇති වෙන්නේ සුවඳවත් බවක් නෙමෙයි. මොකද මේ ඇඳුම්වල කුණු දුහුවිලි හා දහඩිය අඩුවක් නැතුව තියෙනවා. ඒවා පර්ෆියුම් එක්ක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි වහනය වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1085 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:37:33 PM
Script:/article/1085/how-to-keep-the-perfume-fragrance-all-day-long.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:37:33 PM
Script:/article/1085/how-to-keep-the-perfume-fragrance-all-day-long.html