මේ ආහාර නම් කවදාවත් ශීතකරණයේ තබන්න එපා

March 23, 2018
8,684
Don't keep these food in refrigerator
අපි හැම වෙලාවෙමවකම උත්සාහ කරන්න ඕන අපි ගන්නා ආහාරවල පෝෂණය විනාශ නොවෙන විදිහට ඒවා භාවිතයට ගන්න. මොකද එම නැත්තං අපි කන බොන දේවල් වලිනුත් වැඩක් වෙන්නේ නැහැනේ. ආහාර කල්තබා ගන්න ගොඩක් දෙනෙක් ආහාර ශීතකරණයේ තබන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක නැවුම් බව ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමයක්. හැබැයි සමහර ආහාර වර්ග තියෙනවා එහෙම ශීතකරණයේ තිබ්බොත් ඒවායේ තියෙන රසය, පෝෂණය යන හැමදේම විනාශ වෙලා යනවා. බලන්නකෝ ඒ මොනවද කියලා. මින් පස්සේ මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා.

තක්කාලි

තක්කාලි ශීතකරණයේ ගබඩා කිරීම් මගින් ඒවායේ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවා. තක්කාලි ගබඩා කරන්න ඕන කාමර උෂ්ණත්වය යටතේ. ප්ලාස්ටික් හෝ පොලිතින් කවර වල තක්කාලි අසුරන්න. එයින් තක්කාලි කල් තබා ගන්න පුළුවන් වෙයි.

ළූනූ

ළූනූ ශීතකරණයේ තැබීම නිසා ඉතා ඉක්මනින් නරක් වෙන්න බලනවා. ළූනූ ගබඩා කරන්න හොඳම තැන තමයි ගෝනි. පොඩි ගෝනියක ළූනූ අසුරන්න පුලුවන්නම් ඒ කල්තබා ගන්න ඉතා අපහසුයි. ඒ වගේම තමයි ළූනූ ගබඩා කරද්දී ඒ සමග අර්තාපල් ගබඩා කරන්න එපා. ළූණු අර්තාපල් එකට ගබඩා කිරීමෙන් ළූනූ නරක් වෙන්න බලනවා.

ළූනූ අමු මිරිස් එක්ක ගබඩා කරන්නත් එපා. අමු මිරිස් ඉක්මනින් ඉදෙන්න එය හේතුවක් වෙනවා. ඒ නිසා ළූනූ හා අමු මිරිස් වෙන වෙනම ගබඩා කරන්න .

කොමඩු

කොමඩු කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන් නම් එක තමයි වඩාත් යෝග්‍ය. ඒ මඟින් කොමඩු වල ඇති ප්‍රතිඔක්සිකාරක වඩාත් හොඳින් කියාකාරිව තබා ගන්න පුළුවන්.

අර්තාපල්

අර්තාපල් ගබඩා කරන්න ඕන අඳුරු හා වියලි ස්ථානයක. අඩු උෂ්ණත්වයක, එහෙමත් නැත්තන් ශීතකරණයක තැම්පත් කිරීමෙන් එහි ඇති රසය විනාශ වීමට ඉඩ තියනවා.

මේ ආහාර වලට අමතරව සුදු ළූනූ, වට්ටක්කා, ඉඟුරු, බතල, කෙසෙල්, අලිගැට පේර වගේ ආහාරත් ශිතකරණයෙන් ඈත් කරලා තියෙන තරමට ඒවාගේ පෝෂණ ගුණයන් ආරක්ෂා කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 715 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:14 AM
Script:/article/715/dont-keep-these-food-in-refrigerator.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:14 AM
Script:/article/715/dont-keep-these-food-in-refrigerator.html