සුළු වේදනාවක් කියලා ඔබත් මෙච්චර කල් කොන්දේ වේදනාව මග හැරියද?

August 14, 2020
4,293
Didn’t you pay attention to your back pain?
ශරීරයේ ඇති වෙන සුළු වේදනාවන් ගැන සමහර දවස් වලට අපි වැඩිය සිතට ගන්නේ නැහැ. ඉතින් පොඩි වේදනාවන් ඇති වෙලා ඉබේටම පහව යනකල් බලන් ඉන්නවා. නමුත් ඒ වේදනාව දිගටම පැවතුනොත් මොකද කාරන්නේ? කොන්ද වේදනාව ඔයාගේ එදිනෙදා ජීවිතයට බාධාවක් ඇති කරනවා. සමහර අයට කොන්ද රිදෙන නිසා ටික වෙලාවක් එක දිගට වාඩිවී ඉන්න, ඇවිදීන්න අමාරුයි. බොහෝ දෙනෙකුට වරින් වර කොඳු ඇට පෙළේ වේදනාව ඇති වන්නේ යම් බරක් ඉසිලීම නිසා හෝ මුළු දවසම මේසට නැමීලා වාඩි වෙලා සිටින නිසයි. බොහෝ දෙනෙක් කොන්ද වේදනාවත් සමඟ මෙම රෝග ලක්ෂණ පහෙන් එකක් හෝ අත්විඳිනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

ඔයා දැන් ටික කලක් තිස්සේ කොන්දේ වේදනාවෙන් පෙළෙනවා නම් සහ පහත දැක්වෙන රෝග ලක්ෂණ මොනා හරි ඔබ අත්විඳිනවා නම්, ඔයාගේ ශරීරය ගැන සැලකිලිමත් වුණොත් හොඳයි.

1. ගැටළු සමතුලිත කිරීම
ඔබේ කොන්දේ සමබරතාවය පවත්වා ගැනීමේදී ඔයා වේදනාව සමඟ යම් යම් ගැටළු වලට මුහුණ දෙනවාද? ගොඩක් දුරට මේක වැඩිහිටි කාන්තාවන් තුළ දකින්නට ලැබෙන අතර මෙය ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අස්ථි වල ඝනත්වය හෝ ස්කන්ධය අඩු වෙලා යන නිසා අස්ථිවල සුළු බිඳීම් ඇති වෙනවා. ඒ නිසා ඔයාගේ ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමට සහ වැටෙන්නේ නැතිව ඉන්නට වග බලා ගන්න.

2. කකුල් වල වේදනාව
කොන්ද වේදනාව සමග කකුල් වල හිරි වැටීමක් හෝ වේදනාවක් ඇත්නම් එය ස්නායු ආබාධයක ලකුණක් වෙන්න පුලුවන්. ඔයා දැන් ටික කලක් තිස්සෙම මෙම රෝග ලක්ෂණය අත්විදිනවා නම්, වෛද්‍යවරයා හමුවීම වඩා සුදුසුයි. බොහෝ දෙනෙකුට මෙම ගැටලුව සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන නමුත් ඔයාගේ කොන්ද සහ උදරයේ මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා සම්බාහනය සහ භෞත චිකිත්සාව වගේ ප්‍රතිකාර වලින් විසදුමක් ලබා ගන්න පුළුවන්. 

3. කොර ගැසීම
කොන්ද කැක්කුම සමඟ දෙපා කොර ගසන්න පටන් ගන්නවාද? එහෙනම් කරන්න ඕනේ දේ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම හොඳ අදහසක්. ඔබට ඒකෙන් විශාල හානියක් සිදුවීමට කලින්, ඉතිරි ජීවිත කාලය පුරාම එක් තැන් වෙලා ඉන්න කලින් ගැටලුවට පුලුවන් ඉක්මනින් ප්‍රතිකාර කිරීම වඩා හොඳයි.

4. බඩවැල් හෝ මුත්‍රශයේ ගැටළු
කොන්ද වේදනාවට අමතරව, ඔයාගේ මුත්‍රාශයේ හෝ බඩවැලේ වේදනාව අත්විඳිනවාද? එවැනි රෝග ලක්ෂණ පවතිනවා නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත්. එය Cauda Equina Syndrome වල ලක්ෂණයක් වෙන්න පුලුවන්. මෙහිදී ඔබේ ගැටලුවට වෛද්‍යවරයා විසින් නිශ්චිත පිළිතුරක් ලබා දෙයි.

5. ඔයාගේ මුළු ශරීරයේම වේදනාව
කොන්ද කැක්කුමක් සමග ම ඔයාට උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ රාත්‍රියේදී දහඩිය දමනවාද? එහෙනම් ඔයාගේ වෛද්‍යවරයා අමතන්න. මේක ඔයාගේ ශරීරය යම් දෙයකට ප්‍රතික්‍රියා කරන බවට ලකුණක් වෙන්න පුලුවන්. නැත්නම් බරපතල අවස්ථාවකදී එය පිළිකා රෝග ලක්ෂණයක් ද වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා හමුවීම නුවණට හුරුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1771 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:06 AM
Script:/article/1771/didn-t-you-pay-attention-to-your-back-pain.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:07 AM
Script:/article/1771/didn-t-you-pay-attention-to-your-back-pain.html