සිප ගැනීමක් නිසා ඔබටත් මේ දේවල් වෙන්න පුළුවන්

August 22, 2017
15,173
Amazing Health Benefits of Kissing Your Loved Ones
සිප ගැනීමක් කියන්නේ සුන්දර දෙයක් විතරක් නෙවෙයි. මේ නිසා කෙනෙක්ට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ප්‍රමාණයත් ඉතා ඉහළයි. මේ නිසා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට සිප ගැනීම් කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතේට අවශ්‍ය වැදගත්ම දෙයක්. සිප ගැනීමට ඇත්තටම මුලික වෙන්නේ ආදරේ. ඉතින් අපි ආදරේ පෙන්නන්න ආදරේ දැනෙන්න කරන දෙයක් තමයි සිප ගැනීම්. අද අපි ඔබට ඒ නිසා කියන්න හිතුවා සිප ගැනීමක් කෙනෙක්ගේ නිරෝගී බවට හේතු වෙන්නේ කොහොමද කියලා.

1. එක් සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙනවා

මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

2. විනාඩි දෙකක සිපගැනීමක් කැලරි 6 ක් දහනය කරනවා

කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත් වීම පාලනය කරනවා.

3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා

සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසු තාවයන්ට සහනය ලබා දෙනවා.

4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා

සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිපගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

5. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා

උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු වලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do you want to if your boyfriend really loves you?
   12,857
   131

ඔයාගේ පෙම්වතා සැමියා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා දැනගන්න කැමතිද?

ඔයා පෙම්වතියක් නම් චුට්ටක් හිතලා බලන්නකෝ ඔයාගේ පෙම්වතාගෙන් අනන්තවත් අහලා ඇති එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා. ඉතිං ඔයාගේ පෙම්වතා, සහකරුවා ඔයාට ඇත්ටම ඔයාට ආදරෙයිද කියලා හරියටම දැන ගන්න පුළුවන් tips කිහිපයක් ගැන කතා කරමු
What kind of love a boy looking from a girl
   14,404
   96

කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ආදරයක්

අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න තීරණය කළා විශේෂයෙන්ම කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරනකොට බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ ආදරයක්ද කියලා
Scrubs for body
   16,940
   70

scrub කරන්න ඕන මුහුණ නෙවෙයි. සුන්දරත්වය රැක ගන්න පහසුම body scrub

සම නිරෝගී කර ගන්න වගේම පැහැපත් කර ගන්නටත් ආරක්ෂා කර ගන්නත්  body scrub එකක් කරන එක වැදගත්. හැබැයි ඒක ස්වභාවික ගෙදර ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් යොදා ගෙන කරනවා නම් තමයි ගොඩක් හොඳ
Do you know what happens when you eat spicy food?
   2,329
   46

දැවිල්ල කෑම කෑවම ඔයාගෙ ශරීරයට මොනවද වෙන්නෙ කියලා දන්නවද?

සැර ආහාර මුළු ශරීරයටම ධනාත්මක හා ඍණාත්මක බලපෑම් ඇති කරන නිසා ප්‍රතික්ෂේප කරලත් බැහැ. අද හැඩකාරී අපි දැවිල්ල කෑම කෑවම ඔයාගෙ ශරීරයට මොනවද වෙන්නෙ කියලා කියන්න හිතුවා
Food to regulate your menstrual circle
   22,204
   40

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed