ඔබ මුහුණ පිරිසිදු කිරීමට භාවිතා කරන ක්ලෙන්සර් වර්ගය සමට නුසුදුසු බවට හඳුණාගත හැකි සංඥා 3ක්

September 25, 2021
16,829
3 signs your cleanser does not suit your skin
ඉතා කාර්‍යබහුල දිනයක් අවසානයේ අපට වඩාත් අවශ්‍ය වන්නේ හොඳින් පිරිසිදු වී, මද විවේකයක් ලබාගැනීමට නොවේද.. විශේෂයෙන් විවිධ රූපලාවන්‍ය ආලේපන ගල්වා ඇති මුහුණ හොඳින් පිරිසිදු කරගැනීමත් ඔබ අනිවාර්යයෙන් කරන කාර්යයක්.. බොහෝ දෙනා මුහුණ වඩාත් හොඳින් පිරිසිදු කර ගැනීමටත් රූපලාවන්‍ය ආලේපන, කුනු දූවිලි ඉවත් කිරීම සඳහාත් පිරිසිදුකාරකයක් ලෙස ක්ලෙන්සර් භාවිතා කරනවා..

නමුත් ඔබ තෝරාගෙන ඇත්තේ නිවැරදි ක්ලෙන්සර් එකද කියා ඔබ දැන ගන්නේ කොහොමද..?

ඔබ භාවිතා කරන ක්ලෙන්සර් වර්ගය ඔබේ සමට අහිතකර බලපෑම් එල්ල කරන බව තහවුරු කර ගැනීමට ඇති ක්‍රම මොනවාද..?

1. මුහුණේ සම තද ස්වභාවයක් දැනීම -

ඔබ දිනපතා භාවිතා කරන ක්ලෙන්සර් වර්ගය භාවිතා කර මුහුණ සේදීමෙන් පසුව මුහුණේ සම තද ස්වභාවයක් දැනෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබගේ ක්ලෙන්සර් වර්ගය ඔබගේ සම මත ඇති ස්වභාවික තෙල් ඉවත් කරන බවයි.. එමගින් සම අධික ලෙස වියළීමට පත් වීම මුහුණේ සම තද ස්වභාවයක් ගැනීමට හේතු වනවා.

2. සමෙහි වියළි පැල්ලම් ඇතිවීම -

ඔබ භාවිතා කරන පිරිසිදුකාරකය මගින් ඔබගේ මුහුණේ සමට එල්ලවන බලපෑම සඳහා කදිම නිදසුනක් වන්නේ මුහුණේ ඇතිවන වියළි පැල්ලම් ස්වභාවයයි. එය මුහුනේ තද ස්වභාවයට වඩා ඔබගේ පෙනුම කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනවා. ඔබගේ මුහුණ පිරිසිදු කිරීමට භාවිතා කරන ක්ලෙන්සර් වර්ගයේ ඇති රසායන ද්‍රව්‍යයන්ගේ බලපෑම මෙසේ වියළි පැල්ලම් ඇතිවීමට හේතුවනවා.

3. ඔබ දිගුකාලයක් එකම ක්ලෙන්සර් වර්ගයක් භාවිතා කිරීම -

ඔබ කාලයෙන් කාලයට අලුත්වන විලාසිතා වර්ග තෝරා ගැනීමට පෙළඹෙනවා මෙන් ඔබගේ සම රැකගැනීම සඳහා අනුගමනය කරනු ලබන පිළිවෙත්ද එසේ අලුත් විය යුතුයි.. රූපලාවන්‍ය විශේෂඥයින්ට අනුව පරිසරයේ සිදුවන වෙනස්කම් වලට අනුව ඔබගේ රූපලාවන්‍ය සත්කාර ක්‍රමයන් ද වෙනස් කල යුතු වනවා.. උදාහරණ ලෙස අධික වියළි දේශගුණයක් සහිත කාලවලදී දැන් ඔබ භාවිතා කරන ක්ලෙන්සර් වර්ගයෙන් මුහුණ සේදීමෙන් සමේ වියළි ස්වභාවය වැඩි විමට හේතු විය හැකියි.. ඔබ කළ යුතු වන්නේ වියළි කාලවලදී සමේ තෙතමනය හොඳින් ආරක්ෂා වන පරිදි ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් වෙත මාරු වීමයි. මෙය අනෙකුත් නිශ්පාදන සඳහාද පොදු කාරණාවක් වනවා..

ක්ලෙන්සර් වර්ගයක් තෝරා ගැනීමේදි සැලකිල්මත් විය යුතු කරුණු

ඇසුරුමේ සඳහන් විස්තර හොඳින් කියවන්න.. අඩංගු වන රසායන ද්‍රව්‍ය සහ අගය පිළිබඳව සැලකිලිමත් වන්න. සාමාන්‍යයෙන් ඔබගේ සමට ගැලපෙන පරිදි අගය 4.5 ත් 6 ත් අතර විය යුතුයි.

සමට හානිදායක වන රසායන ද්‍රව්‍ය සහ සුවඳකාරක අඩංගු වනවා දැයි සැලකිලිමත් වන්න.

ඔබගේ සම කුමන වර්ගයේ දැයි හඳුණාගෙන සමට සුදුසු ආකාරයේ නිශ්පාදනයක් තෝරා ගන්න.. උදාහරන ලෙස ඔබට වියළි සමක් තිබේ නම් ඔබ තෝරාගත යුත්තේ වියලි සම සඳහා සුදුසු ක්ලෙන්සර් වර්ගයකි..එසේම තෙල් සහිත සමක් හෝ සාමාන්‍ය සමක් නම් එයට ගැලපෙන පරිදි ක්ලෙන්සර් වර්ගය තෝරාගත යුතුයි.. බොහෝ විට නිශ්පාදකයා විසින් නිශ්පාදනය කුමන වර්ගයේ සමක් සඳහා සුදුසුද යන්න ඇසුරුමේ සඳහන් කර තිබෙනවා.

මෘදු, ඇල්කොහොල් අඩංගු නොවන ස්වභාවික නිශ්පාදන සෑමවිටම තෝරාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2069 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:50:19 AM
Script:/article/2069/3-signs-your-cleanser-does-not-suit-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:50:19 AM
Script:/article/2069/3-signs-your-cleanser-does-not-suit-your-skin.html