ඔබේ සමේ තෙල් පාට දවස පුරා වැඩියෙන් පේනවා නම් මෙන්න විසඳුම

January 24, 2020
13,732
What you can do if your skin is always oily
ඔබ උදෑසනට ලක ලැහැස්ති වෙලා ගෙදරින් එලියට බහින්න කලින් කණ්ණාඩියෙන් මුහුණ බලද්දී කිසිම වැරැද්දක් පෙනෙන්නේ නෑ නේද? නමුත් ඔබ දවසේ වැඩ පළ නිමවා නිවසට පැමිණි විගස නැවත කණ්ණාඩියෙන් මුහුණ බැලුවොත් උදෑසන තිබූ දීප්තිය වෙනස් වෙලා තිබෙන ආකාරය පැහැදිලිව පෙනෙයි. එසේම අනවශ්‍ය තෙල් පාටක් මූණට ඇවිල්ලා තිබීමත් ඔබට ගැටලුකාරී ඇති. ඔබට දවස පුරා පැහැපත් මුහුණක් අවශ්‍යයි නේද? එය කළ හැක්කේ කෙසේද?  ඒ සඳහා අපි ඔබට උපක්‍රම 6 ක් කියලා දෙන්නම්.


දිලිසීම
පළමුවෙන්ම, තෙල් පැහැති දිලිසෙන සම ඇති වන්නේ කෙසේද? මෙයට හේතුව ඔබේ ශරීරයෙන් සීබම් නිපදවීම වැඩි වීමයි. මේ නිපදවන තෙල් තට්ටුව සමග ස්වභාවයිකවම ඔබේ මුහුනේ ඇති දහඩිය සමග එකතු වීමෙන් මේ දිලිසෙන තත්වය ඇති වෙනවා.. සමහරුන්ට තෙල් සහිත සමක් ඇති නමුත් සමහරුන්ට හෝමෝන වෙනස්වීම් නිසාද විය හැකියි. ඔබ උපත් පාලන ක්‍රමයකින් මාරු වූ විට නැත්නම් ඔබ ගැබ්ගෙන සිටිද්දිත් මෙය ඔබේ සමේ දකින්න පුළුවන්.

01. ආහාර සහ බීම
ඔබේ සම දිහා බැලුවාම ඔයා බොන වතුර ප්‍රමාණයයි කන කෑමයි ගැන කියන්න පුලුවන්. දිලිසෙන සම කියන්නේ ඇත්ත වශයෙන්ම විජලනය වූ සමක්. එම නිසා මේ තත්වයෙන් මිදීමට, ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම වැදගත්.

02. ස්ක්‍රබ් තහනම්
මේ මේද තට්ටු ඉවත් කරන්න ස්ක්‍රබ් කිරීම හොඳ ක්‍රමයක් බව පේනවා. නමුත් මෙය එතරම් ඥාණවන්ත ක්‍රමයක් නම් නොවේ. මොකද එය සමේ ඉහළ ස්ථරයට හානි කරන අතර දිලිසෙන ක්‍රියාවලිය උත්තේජනය කරනවා. ඒ වෙනුවට, salicylic acid සමඟ liquid exfoliant එකක් තෝරා ගන්න. මෙය මිය ගිය සමේ සෛල, මෘදු ආකාරයකින් ඉවත් කරයි.



03. පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය
පිරිසිදු කිරීම වඩාත් වැදගත් කොටස් වලින් එකකි. සෑම උදෑසනකම සහ සවස ෆේස් වොෂ් ජෙල් එකක් භාවිතා කිරීමෙන් ඔබේ සම හොඳින් සෝදන්න. ඉන්පසු ෆේස් ටොනික් එකක් ආලේප කරන්න. එය ඔබේ මුහුනේ සිදුරු වැසීමට උපකාරී වෙනවා. ඉන්පසුව මුහුනට ආලේප කරන දිවා-රාත්‍රී මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. මෙය වැඩ ගොඩක් වගේ පෙනුනත් නිදන ඇඳ ළඟ මේ ටික තියා ගත්තොත් ඔයාට මේ ටික කරන එක අමතක නොවේවි. වැදගත්ම දේ ඔයාගේ මුහුණ සතුටු වේවි.



04. මේක්-අප් 
මේක්-අප් භාවිතා කිරීමට ඔබ කැමතිද? ඔබේ ඩේ ක්‍රීම් සහ ෆවුන්ඩේශන් එකට පෙර හොඳ ප්‍රයිමර් එකක් භාවිතා කරන්න. මේ සඳහා Mattifying primer (මැටිෆයින් ප්‍රයිමර්) එකක් භාවිතා කිරීම වඩාත් හොඳයි. මෙයින් ඔබේ සමේ සිදුරු අඩුවෙන් පෙනෙන අතර ඔබේ ෆවුන්ඩේශන් එකද වඩා හොඳින් පවතින බව සහතික කරයි. ඊට අමතරව, ගුණාත්මක ෆවුන්ඩේශන් එකක් ද තෝරා ගන්න.




05. පවුඩර්
ඔබේ සමට ෆවුන්ඩේශන් යෙදීමෙන් පසු, ඒ මත තුනී පවුඩර් තට්ටුවක් යොදන්න. නියම දිදුලන බවක් සඳහා, පවුඩර් එක රැගෙන ගොස් දිවා කාලයේදී ද නැවත තුනී පවුඩර් තට්ටුවක් යොදන්න.

06. බ්ලොටින් කොල (Blotting Papers)
මොනාද මේ බ්ලොටින් කියන්නේ? මේ නිෂ්පාදනය රූපලාවන්‍ය ක්යේත්‍රයේ නවතම සොයා ගැනීමක්. ඔයාට දහඩිය හෝ තෙල් ගතියක් මුහුනේ ඇත්නම් මේ පේපර් එකකින් මුහුන තෙතමාත්තු කිරීමෙන් මේක්-අප් වලට හානියක් නොකර තෙල් ගතිය අයින් කරගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1511 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:41:30 PM
Script:/article/1511/what-you-can-do-if-your-skin-is-always-oily.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:41:31 PM
Script:/article/1511/what-you-can-do-if-your-skin-is-always-oily.html