පිරිමි කැමති විදිහට ලස්සන වෙන්නේ කොහොමද?

July 5, 2018
27,164
How to stay beautiful in the way men like
කාන්තාවන් ස්වභාවයෙන්ම තමන්ගේ රූප ස්වභාව ගැන ඉතාමත් සැළකිමත්. අනෙක් හැමෝටම වඩා ලස්සනට ඉන්න කාන්තාවන් බොහෝවිට කැමතියි. ඒ නිසා තමන්ගේ රූපය සුන්දර කරගන්න කාන්තාවන් හරිම උනන්දුයි. අද කාන්තාවන් විවිධ රූපාලාවණ්‍ය සත්කාරවලට යොමු වෙමින් රූපය ලස්සන කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. නමුත් පුරුෂයන් කැමති විවාහට පෙර වගේම විවාහයෙන් පසුවත් තමන්ගේ බිරිද හෝ තමන්ගේ සහකාරීය රූපය ලස්සනට පවත්වා ගන්නවට. තමන්ගේ සහකාරිය හෝ පෙමවතිය ලස්සනට ඉන්නවට පුරුෂයින් කැමති වුණත් මෙන්න මේ දේවල් කරනවට නම් ඔවුන් එතරම් රුචිකත්වයක් දක්වනේ නෑ. ඔබගේ ස්වාමියා හෝ සහකරුවා මෙවැනි ආකාරයේ දේවල් ලස්සන වෙන්න කරනවට ඔබ කැමතිද කියලා චුට්ටක් හිතලා බලන්නකො.

01. අනවශ්‍ය මේකප්

අද ඉතිං මේකප් නොකරන කාන්තාවක් හොයා ගන්න එක එතරම් පහසු කාර්යයක් නෙමෙයි. ඕනෑම කාන්තාවක් කුමන හෝ උත්සව අවශ්ථාවකට යන්න මේකප් සත්කාරය කරනවානේ. සාමාන්‍යයෙන් මේකප් එකකින් ලබා දෙන්නේ තාවකාලීක පෙනුමක්. මුහුණක තිබෙන ලප කැළැල්, රැලි වැටීම් ආදී ගැටලූවලට මේකප් එකකින් තාවකාලීක විසදුමක් ලැබෙනවා. නමුත් බොහෝ කාන්තාවන් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා මේකප්වලින් හැඩ වෙනවා. ඇතැම් විට එක්වරම සැබෑ රූපය හදුනා ගන්නත් බැරි තරම්. ඉතිං ගොඩක් පිරිමි කාන්තාවන්ගේ මේ ලක්ෂණයට එතරම් රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔබත් මේකප් කිරීමකදී ඔබේ ස්වාමියාගේ හෝ සහකරුවගේ රුචිකත්වයටද අවධානය යොමු කරමින් මේකප්වලින් වර්ණවත් වෙන්න.

02. නෙක වර්ණ ගැන්වු හිසකෙස් විලාසිතා

දිනෙන් දින ලෝකයේ හිසකෙස් විලාසිතාව වෙනස් වෙනවානේ. අද තියෙන කොණ්ඩා
මෝස්තරය නොවෙයි ඊළග දවසේ තියෙන්නෙ. ඉතිං අද කාන්තාවන් හිස කෙස්වල නෙක
වර්ණ ආලේප කරනවා. ඉතිං මේ ලක්ෂණයට ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ
නැහැ. ඒ විතරක් නෙමෙයි ජෙල් වර්ග හිස ගැල්වීම වගේම පාට පාට කොණ්ඩකටු
වලින් හිසකෙස් විලාසිතා කරනවටත් පුරුෂයින් එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ.
දිගු වගේම සිනිදු කේශකලාපයන්ට ඔවුන් දක්වන්නේ විශාල කැමැත්තක්.

03. අවර්ණ වූ දෙතොල්

බොහෝ වේලාවල අවර්ණ වු දෙතොල් වර්ණවත් කරන්න කාන්තාවන් විවධ තොල් ආලේපන භාවිත කරනවා. විශේෂයෙන්ම සමේ පැහැයට නොගැළපෙන ආලේපන වර්ග භාවිත කිරීම මගින් සිදු වන්නේ තවත් මුහුණට අවර්ණ පෙනුමක් එකතු කිරීමයි. ඒ වගේම කාන්තාවන් විවිධ ඇදුම්වලට වෙන් වෙන් දෙතොල් ආලේපන භාවිත කරනවා. ඇතැම් විට එම තොල් ආලේපනවල කිසිම ගැළපීමක් නැහැ. මෙවැනි දෙයකින් සිද්ධ වෙන්නේ පැවති ස්වභාවික ලස්සන ක‍්‍රමයෙන් වියැකි යාමයි. ඒම නිසා අදුරු වු දෙතොල්වලට වගේම අනවශ්‍ය පරිදි සිදුකරන ආලේපන වලටද පිරිමි පාර්ශ්වයන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසාම ස්වභාවික සත්කාරවලට යොමු වී අවර්ණ වු දෙතොල් වර්ණවත් කර ගන්න.

04. අධික සුවද විලවුන් ගැල්වීම

දහඩිය දුගද මගහරවා ගැනීමට උපකාරී වන සුවද විලවුන් වර්ගයක් නිසි ප්‍රමාණයට භාවිත කිරීම ප්‍රමාණවත්. අනවශ්‍ය ආකාරයෙන් සුවද විලවුන් ගැල්වීම අන් අයට එතරම් ප්‍රිය වන්නේ නැහැ. මේ නිසා සුවද විලවුන් ස්වල්පයක් බෙල්ලට හා අතේ මැණික් කටුවට වගේම කන්වල පිටුපසට භාවිත කිරීමෙන් වැළකි සිටින්න.

05. සිරුර ගැන අවධානය යොමු නොකිරීම

සමහර කාන්තාවන් විවාහයෙන් හා දරු ප්‍රසූතියෙන් පසුව රූපය සම්බන්ධයෙන් හෝ සිරුර සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු කරන්නේ නැති තරම්. අනවශ්‍ය ලෙස ශරීරය මහත් වීම, අපිළිවෙල, ලෝම පිරුණු දෙපා සහ කිහිලි, අවලස්සන වු නියපොතු සහිතව සිටින විට ඔබේ ස්වාමියා හෝ සහකරුවා ඔබ වෙත ආකර්ශනය වෙන්න එතරම් රුචිකත්වයක් දක්වන්නේ නැහැ. මෙවැනි අඩුපාඩු රූපලාවණ්‍ය සත්කාර මගින් හෝ ඇදුම් අයිත්තම් මගින් ඔබට නිවැරදිකර ගත නොහැකියි. ඔබ විසින්ම ඔබගේ සිරුර පිළිබදව අවධානය යොමු කරමින් යහපත් සෞඛ්‍යවත් පුරුදු ඔබ තුළ වර්ධනය කරගත යුතුයි. එවිට ඔබ ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් බවට නිසර්ගයෙන් පත් වේවි.

06. ප්‍රසිද්ධියේ හැඩ වීම

ඇතැම් අවස්ථාවල කාන්තාවන් ඇහැබැම සකස් කිරීම, මේකප් කිරීම, තොල් වර්ණ ගැන්වීම, කොණ්ඩය පිරීම වැනි ක්‍රියාවන්වල ප්‍රසිද්ධියේ නියැළෙනවා. පිරිම් පාර්ශ්වය මෙයට දැඩි විරුද්ධයි. ඒ නිසාම ඔබත් ප්‍රසිද්ධියේ හැඩ වැඩ වීමෙන් වැළකි කටයුතු කරන්න.

07. අවර්ණ වු දත්

මුවෙන් දුර්ගන්ධය වහනය වීම, විදුරුමස්වලින් ලේ ගැලීම, දත් කහ පාට වීම ආදී ලක්ෂණයන්ට කවර පුද්ගලයෙකුවත් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඔබ සමග කතාබහ කිරීමට පවා සෙසු පුද්ගලයින් අප්‍රිය කරනවා. එම නිසා මෙවැනි අපහසුතාවලට ඔබත් පත්ව තිබෙනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්. මුවෙන් දුර්ගන්ධයක් වහනය වන්නේ නම් සුදුසු දන්තාලේපයක් භාවිත කරන්න. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්න. නිතරම කෝපී පානය කිරීමට යොමු වෙන්න. එමගින් ඔබට දත්වල වර්ණය නැවත ලබා ගැනීමට හැකි වේවී.

08. වියළි හෝ තෙල් සහිත සම

විශේෂයෙන්ම තෙල් සහිත සමෙහි කුරුළෑ අසාදනයන් බහුලව පවතින්න පුළුවන්. එමගින් ලප කැළැල් ඇති විය හැකියි. මෙවැනි ලක්ෂණයන්ට පුරුෂයින් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. එවැනි තත්ත්වයකට ඔබ පත්ව ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට කටයුතු කරන්න. ආහාර රටාව නිසි ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන්න. හැකි සෑම අවස්ථාවකම ස්වභාවික එළවලු පළතුරු ආහාරයට එකතු කර ගන්න. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. එය ඔබගේ වියලූණු සමට ප්‍රබෝධමත් බවක් එකතු කරාවි. ඒ වගේම ඔබගේ දෙපා වියළි ඉරිතැලීම් ඇත්නම් ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කරන්න.

09. අනවශ්‍ය ලෙස ඇස් පිහාටු වර්ණවත් කිරීම

කාන්තාවන් බොහෝමයක් මස්කාරා වැනි ආලේපනවලින් ඇස් පිහාටු අලංකාර කරනවා. අලංකාරයක් ඇස්වලට එකතු කළ නමුත් පමණ ඉක්මවා මස්කාර ආලේප කිරීම මගින් ඇස් පිහාටු එකට ඇලී ගල් වෙනවා. ඇස් දෙපසින් කළු වර්ණය කැපි පෙනෙනවා. පුරුෂයින් එයට එතරම් ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. මේ නිසා ඔබ ගුණාත්මක බවෙන් අනූන මස්කාර වර්ගයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න. මස්කාරා ගැල්වීමෙන් අනතුරුව ඉවත් කිරීමට බ‍්‍රෂ් එකක් භාවිත කරන්න. මෙම කරුණු පිළිබදව අවධානය යොමු කරමින් ඔබගේ රුව ලස්සන වර්ධනය කර ගන්න. එවිට ඔබ වෙතට සෙසු පුද්ගලයන්ගේ ආකාර්ශනය නිසර්ගයෙන් ලැබේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,654
   27

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 symptoms shows you are pregnant
   44,766
   26

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   91,644
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
5 skin care tips for your neck
   28,122
   24

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to reduce under arm sweating
   4,798
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed