ඔබ හැඩ කරන කෙස් කළඹ රැක ගන්න මේ දේවල් ආයේ නොකර ඉන්න

February 27, 2018
8,970
Don't do this to your hair
කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. මූණ මොන තරම් ලස්සනට, සුදුවට තිබුණත් පිරිපුන් කෙස් කළඹක් නැත්තන් ඒක ලොකු අඩුවක්. කාන්තාවගේ සුන්දරත්වයේ වඩාත්ම කැපී පෙනෙන කොටස වෙන්නේ ඇයගේ හිසකෙස්. ඒක ඔයාගේ සුන්දරත්වයට වගේම බාහිර පෙනුම වැඩි කරන්නත් උදවු වෙනවා. ඒත් ඔබ නොදැනුවත්ව කරන මේ වැරදි නිසා ඔබේ කෙස් කලඹට බොහෝ හානි සිදු වෙනවා. බලන්න ඒ මොනවද කියලා.

1. හිසකෙස් වල තෙත එක්කම නින්දට යාම

කාර්යබහුල බවත් එක්ක ගොඩක් දෙනෙක් ස්නානය කරන්න පෙළඹෙන්නේ සවස් කාලයේ, එහෙමත් නැත්තන් රාත්‍රියට. මොකද උදේට ඒවාට වෙලාවක් නැති නිසා. ඒත් තෙත හිසකෙස් එක්ක නින්දට යන එක නම් ඒ තරම් සුභදායක නැහැ. රාත්‍රී නින්දේදී තෙත හිස කෙස් ඉක්මනින් ගැලවී යාමට ඉඩ තිබෙනවා. ඒ වගේම තෙත කොණ්ඩය නිසා ඔබ හිසතබන කොට්ටයද තෙත් වෙනවා. එය විවිධ දිලීර ආසාදනයන් වර්ධනය වෙන්න හේතුවක් වෙනවා.

රාත්‍රියට ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ගේ නම් ඉක්මනින් හිස කෙස් සුදු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා සවසට හා රාත්‍රියට ස්නානය කිරීම හැකි තරම් අවම කරන්න.

2. නිතරම උණු වතුර ස්නානය

නිතර නිතර උණු වතුර නාන එක ඔයාගේ සමට වගේම හිස කෙස් වලට ඒ තරම් හිතකර වෙන්නේ නැහැ. එයින් හිස්කබලේ තෙල් සහිත බව නැති වෙලා යන්න හේතු වෙනවා. ඊට පස්සේ වෙන්නේ හිසේ සම නිකන්ම වියලි ස්වභාවයක් ගන්න එක. හිස කෙස් ගැලවී යන්නත් හිස්සොරි ඇති වීමටත් එය හේතුවක්.

3. නෑමෙන් පස්සේ ඔයත් කොණ්ඩය පිරනවද?

නෑමෙන් පස්සේ හිස් කෙස් පීරීම නම් කිසිම වෙලාවක කරන්න එපා. එහෙම කලොත් හිසකෙස් පහසුවෙන්ම ගැලවී යනවා. ඒ වගේම කෙස් කළඹ පිහිදද්දී අත තදින් පිහිදන්නත් එපා.

4. කොණ්ඩා මෝස්‌තර

හිසකෙස් විලාසිතා කියන්නේ කාන්තා පාර්ශවය නිතර නිතර අත්හදා බලන දෙයක්නේ. හිස කෙස් තදින් ඇදෙන විදියට කොණ්ඩා මෝස්‌තර යොදන්න එපා. ඒ වගේම හිසකෙස් විලාසිතා කරද්දී නිතර නිතර hair spray වර්ග භාවිතය අවම කරන්න. හැකි හැම වෙලාවකදීම කෙස් කළඹ ලිහිල්ව තබා ගන්න. අනවශ්‍ය විදියට හිස කෙස් තද වන විදියට ගැට ගහන්න එපා.

5. හිස කෙස් වලට අවශ්‍ය තෙතමනය ආරක්ෂා කර නොගැනීම

හිස කෙස් වල වියලි බව අවම කරන්න අනිවාර්යෙන් සතියට දෙවරක් හෝ තෙල් සාත්තුවක් ලබා දීම අනිවාර්යයි. විශේෂයෙන් වියලි හිස කෙස් පවතින කෙනෙක් නම් අනිවාර්යෙන් රාත්‍රී නින්දට පෙර හිස් කබලේ තෙල් අලේප කර සම්භානනය කිරීම වැදගත්. හිස කෙස් වල තෙතමනය අවම කර ගන්න පිරිසිදු පොල් තෙල් භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 676 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/676/dont-do-this-to-your-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/676/dont-do-this-to-your-hair.html