මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න

August 15, 2018
15,058
How to wear fashionable while you are pregnant
මාතෘත්වය කියන්නේ කාන්තාවකට ජීවිතයේ ලබන්න පුළුවන්ම උතුම්ම පදවිය. මේ වෙනුවෙන් ඇය කරනා කැපකිරීම්වල නම් කිසිම අඩුවක් නෑ. මාතෘත්වය කියන්නේ ගැහැණියකගේ ජීවිතයේ සුවිශේෂිතම සංස්ධිස්ථානය. දරුවෙක් කුසට ආව දවසේ ඉඳලා දරු ප්‍රසුතිය දක්වාම ඇයගේ ජීවිතයේ විවිධ කැප කිරීම් කරනවා. කෑම, බීම ගැන වගේම ශරීර සෞඛ්‍යය ගැනත් ඔයා ඕනවටත් වැඩියෙන් හිතන්න පෙළඹෙනවා. ඔයා අම්මා කෙනෙක් නම් එහෙමත් නැත්තම් අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කාන්තාවක් නම් මේ හැමදේම වගේම ඔයාගේ ඇඳුම ගැනත් අවධානය යොමු කළ යුතුයි. ගොඩක් කාන්තාවන් හිතන්නේ ගර්භණී අවධිය තුළ ලස්සන ඇඳුම් අඳින්න බෑ කියලා. ඇත්තටම ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි අපේ සමාජය තුළ එහෙම මතයක් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියේ අඳින්නේ එකම විදිහේ ගවුම්. ගවුම්වලින් තොර ඇඳුම් ගැන හිතන්නේවත් නෑ. ගර්භණී අවධියේදීත් ඔයා ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න ඕන කියලයි හැඩකාරී අපි කියන්නේ. මොකද ඒ අවධිය ඔයාගේ ජීවිතයේ සුවිශේෂි වගේම ලස්සනම අවධියක්.

අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ ගර්භණී අවධිය තුළ ඔයාට සිද්ධ වෙනවා පාටියකට යන්න. ඉතිං මේ වගේ වේලාවට අනෙක් අය අතරේ ඔයාව කැපිලා පෙනෙන විදිහේ ඇඳුමක් අඳින එක කොච්චර වටිනවාද. ඉතිං අද Hadakari වෙතින් ඔයාට කියන්න යන්නේ අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයා ඔයාට ගැළපෙනම ඇඳුම තෝරා ගන්නේ කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ එතකොට ඔයාට පුළුවන් රෝහලට, සායනයට, පාටියකට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවසෙන් එළියට යනකොට ලස්සන ඇඳුමකින් සැරසිලා යන්න.

Elephant Pants & Blouse







ගර්භණී අවධියේදී ඔයාට අඳින්න පුළුවන් ඇඳුම් අතරේ වඩා ලස්සන වගේම පහසු ඇඳුමක් තමයි Elephant Pants එක. මේ ඇඳුම ඔයාගේ කුසට අවහිරයක් නොවන විදිහට අඳින්න පුළුවන්. මොකද මේ ඇඳුම ගොඩක් සැහැල්ලූයි වගේම පහසුයි. විවිධ ආකාරයේන් රෙදි වර්ගවලින් මසා නිමකළ Elephant Pants වර්ග ඕනෑ තරම් අද සාප්පු වල තියෙනවා. ඔයාට පුළුවන් ඔයා කැමති වගේම පහසු රෙදි වර්ගයකින් මසා නිමකළ ඇඳුමක් තොර ගන්න. ඔයා Elepant Pant එකක් අඳිනවා නම් ඒකට ඕනෑම බ්ලවුසයක් යොදාගත හැකියි ඔබේ පහසුව අනුව.

Maternity Frocks









ගොඩක් අම්මලා අඳින ඇඳුමක් තමයි ගවුම කියන්නේ. විශේෂයෙන් ගර්භණී භාවයට පත් වුණාට පස්සේ කාන්තාවන් අඳින ඇඳුම ගැන එතරම් අවධානය යොමු කරන්නේ නෑ. නමුත් අමතක කරන්න එපා ගර්භණී සමයත් ඔයාට ඉතාමත් වැදගත්. ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්න එක ඔයාට ඉතාමත් වැදගත්. ඔයාව දකින කෙනෙක්ටත් ප්‍රියමනාපයි. ඔයාට පුළුවන් Maternity Frock වර්ගයේ ගවුමක් අඳින්න. එයින් ඔයාගේ සිරුරේ හැඩය මනාව ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. දණහිසට අඟලක් දෙකක් විතර උඩින් කොටට මැසු Maternity Frock එකක් ඔයාට ගර්භණී අවධිය තුළ අඳින්න පුළුවන්. ළය, ඉණ හා කුස තද නොවන විදිහේ ගවුමක් තෝරාගෙන ලස්සනට අඳින්න පුළුවන්. මේ වර්ගයේ විවිධාකරායේ ගවුම් ඕනෑ තරම් වෙළෙදපොළේ තියෙනවා. ඉතිං හැමෝම අඳින ඇඳුමට වඩා වෙනස් ගවුමක් ඔයා තෝරා ගන්න.

Maternity Pants and Skirts









ගර්භණී අවධියේ පසුව ඔයාට අඳින්න පුළුවන් තවත් ලස්සන ඇඳුමක් තමයි මේ. ඔයාගේ සිරුරට පහසු වෙන අතර කිසිම අපහසුතාවක් ඇති වෙන්නේ නෑ මේ ඇඳුම මගින්. Stretch හෝ Cotton වලින් මසා නිම කළ ඔයාගේ සිරුරට පහසු රෙදි වර්ගයකින් තෝරා ගන්න.

Under or Over Bump of Denim









ගර්භණී අවධියේ ඉන්න ඔයාට ලස්සනට ඉන්න අඳින්න පුළුවන් තවත් ඇඳුමක් තමයි Bump of Denim කියන්නේ. ගර්භණී අවධියේ මුල් මාස කිහිපය තුළදි ඔයාට පුළුවන් මේ වර්ගයේ ඇඳුමක් අඳින්න. එයින් ඔයාගේ සිරුරේ ෂේප් එක හොදට පෙන විදිහට අඳින්න පුළුවන්. මෙවැනි වර්ගයේ ඇඳුම් ඔයාගේ උදරයට ඉහළින් හා පහළින් අඳින්න පුළුවන්. ඔයාගේ පහසුව ගැන හිතලා ඇඳුම තෝරා ගන්න. ඔයා මේ වර්ගයේ කලිසමක් අඳිනවා නම් සිරුරේ උඩ කොටසට ගැළපෙන විදිහේ බ්ලවුසයක් හෝ ටී ෂර්ට් එකක් අඳින්න පුළුවන්.

Jumpsuite



අම්මා කෙනෙක් වෙන්න හා හා පුරා කියලා බලාගෙන ඉන්න ඔයාට ලස්සනට අඳින්න පුළුවන් තවත් ඇඳුමක් තමයි Jumpsuite කියන්නේ. ඩෙනිම් හෝ වෙනත් cotton රෙදිවලින් මසා නිම කළ මෙවැනි වර්ගයේ ඇඳුමක් ගර්භණී අවධියේ ඉන්න ඔයාට ලස්සනට අඳින්න පුළුවන්. ඔයාගේ කුස ක්‍රමයෙන් වර්ධනය වෙනකොට මේ ඇඳුම උදරය ප්‍රදේශයෙන් adjust කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට යම් අපහසුවක් දැනෙනවා නම් ඒවැනි තත්ත්වයක් මගහරවා ගන්න පුළුවන් ආරක්ෂිත ඇඳුමක් තමයි Jumpsuite කියන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed