Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
ඔයාගේ හැඩ වැඩි කරන කොණ්ඩා මෝස්තර 07 ක්
October 9, 2018
46,482
Share this article
Tweet this article
විලාසිතා කියන්නේ අද උන්මාදයක්. ඒ උන්මාදයට කාන්තාවන් කොච්චර ඇබ්බැහි වෙලාද කීවොතින් විලාසිතා නොකරන කෙනෙක් අද හොයා හොයාගන්න නැති තරම්. අද කාන්තාවන්ගේ විලාසිතා අතර ඇඳුම්, පැළඳුම්, නිය ආලේපන, මේකප් ආදී මේ හැම දේම අතරේ තවත් ජනප්‍රිය විලාසිතාවක් තමයි කෝණ්ඩා විලාසිතා කියන්නේ. හැඩට වැඩට ඉන්න කැමති ඔයා මේකප් එකක් දාලා ලස්සන ඇඳුමක් ඇන්දට වැඩක් නෑ ඒ දෙකටම ගැළපෙන විදිහේ හිසකෙස් විලාසිතාවක් කළේ නැති නම්. ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් එකම විදිහේ කොණ්ඩා විලාසිතාවකට කොටු වෙන්නේ නැතුව එක එක විදිහේ කොණ්ඩා විලාසිතාවක් කරලා බලන්න. ඒක ඔයාට වෙනසක් වගේම ඔයාව දකින අයටත් වෙනසක් වෙයි. අද Hadakari අපි තීරණය කළා ඔයාට කරන්න පුළුවන් කොණ්ඩා මෝස්තර ටිකක් ගැන ඔයා එක්ක කතා කරන්න.
වෙට් ලුක් කොණ්ඩා මෝස්තරය
මේ කොණ්ඩා මෝස්තරය මගින් දිස් වෙන්නේ කොණ්ඩය තෙත් වුණු විලාසයක්. කොණ්ඩේ දිගින් වගේම ප්‍රමාණයෙන් අඩු කාන්තාවන් කියන කතාවක් තමයි කොණ්ඩේ චුට්ටක් නිසා කිසිම කොණ්ඩා විලාසිතාවක් කරන්න බෑ කියන කතාව. ඉතිං තවත් ඔයාට මේ වගේ කතාවක් කියන්න ඕන වෙන්නේ නෑ. ස්ටයිලින් ක්‍රීම් භාවිත කරලා මේ වගේ හිසකෙස් විලාසිතාවක් කරන්න. නළල පළල් කෙනෙක් නම් ඔයාට fringe එකක් එකතු කර ගන්නත් පුළුවන්.
ඩබල් බන්
මේ හිසකෙස් විලාසිතාවෙනුත් ඔයාගේ ලස්සන වැඩි කරගන්න පුළුවන්. සමාන්‍යයෙන් මේ හිස කෙස් විලාසිතාව කරනකොට ඔයාගේ හිස කෙස් කොටස් දෙකකට වෙන් කරලා තමයි කරන්නේ. හිසේ ඉහළ සිට එක් කොටසකුත් පහළ සිට එක කොටසකුත් වශයෙන් බෙදා ගන්න. පසුව යන්තමින් අඹරා ලිහිල් බන් දෙකක් වශයෙන් බැඳගෙන තමයි මේ විලාසිතාව ඔයා කරන්න ඕන වෙන්නේ. බන් එක අවසානයේ කටු ගසා රඳවාගත යුතුයි. තැනින් තැන කෙස් රොදවල් එකතු කරලා මේ හිසකෙස් විලාසිතාවේ සුන්දරත්වය වැඩි කරගත හැකියි.
ඇල්බසෝ බ්‍රෙයිඩ්ස්
මේ හිසකෙස් විලාසිතාව අප්‍රිකානු රටවල්වල ඉතාමත් ජනප්‍රිය කොණ්ඩා මෝස්තරයක්. ඒත් දැන් අපේ රටේ ගොඩක් දෙනෙක් මේ හිස කෙස් විලාසිතාව කරනවා. මේ හිසකෙස් විලාසිතාව ගොඩක්ම පහසුවෙන් කරන්න පුළුවන් කර්ල් වු හිසකෙස් තියෙන යුවතියකට. නළල දෙසින් කොටස් කිහිපයකට අඹරා කොණ්ඩය ගොතා ගන්න. එවිට ගොතපු කැරලි අතර කොටස් හිස්ව තමයි තියෙන්නේ. මේ කැරලි එතරම් දුර ගොතන්නේ නෑ. ගොතා හිස පිටු පසට වෙන්න එකතු කර තරමක් උසට වෙන්න හෙයාර් කිලිප් එකකින් රදවන්න පුළුවන්. දිග් වු දැඩි කර්ල් සහිත කොණ්ඩයකට මේ විලාසිතාව හොඳින් ගැළපෙනවා.
මුදු සුමුදු කැරලි
මේ හිසකෙස් විලාසිතාව ගැළපෙන්නේත් දිගු නොවන හිසකෙස් තියෙන කෙනෙකුට. ඉතාමත් සුන්දර වගේම රොමෑන්ටික් පෙනුමක් ඔයාට එකතු කර ගන්න ඕන නම් මේ හිසකෙස් විලාසිතාවක් කල හැකියි. හිසකෙස්වල මැද ඉදලා පහලට කර්ලින් අයන් එකක් අරගෙන පොඩ්ඩක් විතර අයන් කර ගන්න. ඉන් පස්සේ සිහින් කෙඳි තියෙන පනාවකින් හෝ බ්‍රෂ් එකකින් හොඳින් පීරන්න. හෙයාර් ස්ප්‍රෙ එකක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
මේ හිසකෙස් විලාසිතාවේ විශේෂත්වය වෙන්නේ හිස කෙස් රොදයකින් දෙපසට වෙන්කරලා තියෙන එක. හිස් මුදුනේ සිහින් කෙස් රොද දෙකක් අරගෙන කණ පෙදෙසට වැටෙන්න දැමීමෙන් මේ හිසකෙස් විලාසිතාව තවත් ලස්සන වෙනවා. ඉතිං ඔයාට තියෙන්නෙත් කෙටි හිස කෙස් නම් ඔයත් මේ හිසකෙස් විලාසිතාවෙන් හැඩ වෙන්න උත්සාහ කරලා බලන්න.
ස්ලීක් බැක්
මෙම හිසකෙස් විලාසිතාවක් අද ගොඩක් කාන්තාවන් අතර ජනප්‍රිය වුණු හිසකෙස් විලාසිතාවක්. තරමක් දිගින් යුත් හිසකෙස් තියෙන කෙනෙක්ට ගැළපෙන හිසකෙස් විලාසිතාවක් තමයි මේ ස්ලීක් බැක් කියන හිසකෙස් විලාසිතාව. මේ විලාසිතා කරන්න ඔයාට හෙයාර් මූස් එකක් භාවිතා කළ හැකියි. කොණ්ඩයේ හිසේ පිටුපසට තමයි මෙහිදි හැඩ ගන්වන්නේ. කර්ල් නොවු හිසකෙස් සහිත කොණ්ඩයකට තමයි මේ හිසකෙස් විලාසිතාව හොඳින්ම ගැළපෙන්නේ. ඔයාට පාටියකට යන්න වගේම එදිනෙදා ඔෆිස් යන්නත් සමාන්‍ය ගමනක් බිමනක් යනකොටත් මේ වගේම විලාසිතාවක් කරන්න පුළුවන්.
හාෆ් අප් පෝනි
කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය කොණ්ඩා විලාසිතාවක් තමයි හාෆ් අප් පෝනිය කියන්නේ. ඔයාගේ කන්වලට ඉහළින් තියෙන හිසකෙස් මුලින්ම වෙන් කර ගන්න. ඊට පස්සේ ඉහළට කර පෝනිටේල් එකක් බැඳ ගෙන පහළ කොටස සම්පුර්ණයෙන්ම මුදා හරින්න. තරමක් කෙටි හා මධ්‍ය ප්‍රමාණයෙන් තියෙන කොණ්ඩයකටත් මේ හිසකෙස් විලාසිතාව හොඳින් ගැළපෙනවා.
කොයිල් ටොප් නොට්
මේ හිස කෙස් විලාසිතාවත් දැන් දැන් අපේ රටේ ඉතාමත් ජනප්‍රිය හිසකෙස් විලාසිතාවක්. මේ හිසකෙස් විලාසිතාවේදී කරන්නේ සියලූම කෙස් එකතු කර පෝනීටේල් එකක් දා ගන්න එක. පස්සේ හිසකෙස් අග කොටස් ටික එකතු කරලා දඟර ගසමින් ලිහිල් බන් එකක් විදිහට සකසා හෙයාර් ක්ලිප් එකක් ගහනවා. මේ විදිහට හදා ගන්න බන් එකේ තැනින් තැන කෙස් රොද පිටතට පොඩ්ඩක් විතර අදින්න. එයිනුත් මේ හිසකෙස් විලාසිතාවට අමුතුම ආකාරයේ සුන්දරත්වයක් එකතු කරනවා. ඉතිං ඉස්සරහට එන්නේ උත්සව සමයනේ. ඉතිං ලස්සනට පාටියකට යන්න ඕන නම් මේ කොණ්ඩා මොස්තරවලින් එකක් දෙකක් කරන්න උත්සාහ කරලා බලන්න.
Related Articles
17,652
මේ ඇඳුම් වර්ග 07 තිබුණොත් ඔයාට හැමදාම ලස්සනට අඳින්න පුළුවන්
4,502
ඔයාගේ ප්‍රතිරූපය ඉහළ නංවන විලාසිතා ක්රමෝපායන් මෙන්න
3,284
රොම්පර් විලාසිතාව අඳින්න සරල රීති පහක්
Featured Articles
6,691
ඔබේ දරුවාට ඇති ඔටිසම් අවදානම පිළිබඳ ඔබ දැණුවත්ද? - 2 කොටස
4,986
ඇයගේ කඳුල පිටුපස සැඟවුන ආදරණිය දිරිය කතාවයි මේ ඔබට කියන්නේ
11,259
ගැහැණු ළමයෙක් ඇගේ තනිකඩ ජීවිතය භුක්ති විඳින්න පටන් ගත්තාම වෙන දේවල්
Trending Articles
24,307
ලිංගිකත්වය පිළිබඳව ඔයාගේ දරුවන් සමඟ කතා කල යුත්තේ කුමන වයසේදී ද?
16,407
අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට ගුණ දෙන හොඳම ආහාර
3,483
තරාදිය කුමක් පැවසුවත් ඔබ නිරෝගි බව පැවසෙන සලකුනු 10ක්
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
41,450
40
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Read More
40,837
33
මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා
ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Read More
21,843
30
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Read More
58,175
24
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්
විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Read More
23,600
22
විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව
ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Read More
Latest Articles
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
සහජයෙන් ඔබවෙත ලැබී තිබෙන බුද්ධියෙන් ප්‍රයෝජන ගන්න ක්‍රම 3ක්
ස්වභාවිකවම ශරීරයේ වේදනාව අඩුකර ගැනීමට උපකාරිවන ආහාර 8ක්
විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
වෙරළු වල ගුණ