රොම්පර් විලාසිතාව අඳින්න සරල රීති පහක්

July 8, 2021
5,451
5 rules to wear rompers
කාන්තා අපි වැඩියෙන් කැමති දෙයක් තමයි කාලයෙන් කාලයට එක එක විලාසිතා වර්ග අත්හදා බලන එක.. මේ දවස්වල විලාසිතා ලෝකයේ ජනප්‍රිය විලාසිතාවක් තමයි රොම්පර් (Romper) කියන්නේ.. ඔබත් මෙයට ඉතා කැමති නමුත් යම් යම් හේතු නිසා තවමත් මෙම විලාසිතාව ඔබගේ ඇඳුම් එකතුවේ නැතිවෙන්න පුලුවන්.. රොම්පර් විලාසිතා සම්බන්ධයෙන් හැඩකාරී ඉදිරිපත් කරන පහත රීති 5 මගින් ඔබටත් ඉතා විශ්වාසයෙන් මෙම විලාසිතාව අත්හදා බලන්න පුලුවන්.

ඔබට උචිත හැඩය

ඔබ බොහෝ විට එකම ප්‍රමාණයේ ඇඳුම් අඳිනවා වෙන්න පුළුවන්.. නමුත් ස්වභාවයෙන්ම රොම්පර් විලාසිතාව වෙනස් කතාවක්. ඔබ ප්‍රමාණයෙන් උස වුනත් මිටි වුණත් ක්‍රොච් එක ළඟින් උවමනාවට වඩා හිර හෝ උවමනාවට වඩා දිගින් වැඩි වෙන ලෙස අඳින්න එපා.












සුවපහසු රෙදි

රොම්පර් මැසීම සඳහා හෝ සාප්පුවකින් මිලදී ගැනීමේදී එය මසා ඇති රෙද්ද (Material) පිළිබදව සැලකිලිමත් විය යුතු වෙනවා.. ඝනකම් ගොරෝසු රෙදි වලට වඩා සැහැල්ලු, කඩා හැලෙන සිල්ක්, සැටින්, ලිනන් වැනි රෙදි වඩාත් නවීන සහ වඩාත් හොඳ පෙනුමක් මෙම විලාසිතාව සඳහා ගෙන දෙනවා.. දිගු අත් යොදා මෙය නිර්මාණය සහ තද වර්ණ / ලේස් පටි යොදා ගැනීමෙන් වඩාත් පරිපූරණ බවක් මෙම විලාසිතාවට එක් කරනවා.. ඒ වගේම දිවා සහ රාත්‍රී කාලයන් සඳහා පොදුවේ ඔබට මෙම විලාසිතාව තෝරා ගන්න පුළුවන්.












3. දිගු කරගැනීම

සමහරවිට ඔබ මෙම විලාසිතාව තවමත් තෝරා නොගත්තේ එය කෙටි ඇඳුමක් බවට සිතූ නිසාද.. නමුත් මෙම විලාසිතාව එතරම් කෙටි ඇඳුම් ප්‍රිය නොකරන අයට ඔබගේ සිරැරට ගැලපෙන ලෙස කැමති ප්‍රමාණයේ දිගකින් නිර්මාණය කරගන්න පුලුවන්..
















4. ඒකාකාරී නොවීම

සාමාන්‍යයෙන් විලාසිතා ඔබට එකම ආකාරයකින් කරන්න කියා නැහැ.. එහි ඉදිරිපස වෙනස් කරන්න පුළුවන් නැතිනම් අත් ඉවත්කර tube එකක් මෙන් නිරිමාණය කර ගන්නත් පුළුවන්. නැතිනම් ඡායාරූපයේ දැක්වෙන පරිදි ඉදිරියෙන් කොටස් දෙකක් වනසේ (A faux-wrap front) නිර්මාණය කර ගන්නත් පුළුවන්. එවිට වඩාත් හොඳ පෙනුමක් සහ ආරක්ෂාවක් ඔබට ලැබෙනවා.








5. සරල ආභරණ

රොම්පරයක් ඇන්ද විට ඔබට එය පෙනුම වැඩියි වගේ හිතෙනවා නම් එහෙමත් නැත්නම් එය සරල වැඩියි වගේ හිතෙනවා නම් හෝ ඔබ තෝරගත් රෙදි වර්ගය මුද්‍රිත රෙද්දක් නම් ඔබට පුලුවන් සරළ ආභරණ,කොණ්ඩා විලාසිතා සහ පාවහන් මගින් පෙනුම අඩු හෝ වැඩි කරගන්න..







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2014 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:40:19 PM
Script:/article/2014/5-rules-to-wear-rompers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:40:19 PM
Script:/article/2014/5-rules-to-wear-rompers.html