COVID-19 අතරතුර ඔබේ මේක් අප් එකට මේ වෙනස්කම් 5 කරන්න

July 18, 2020
7,458
Do these changes to your make up while Covid-19
මේ වෙද්දි ෆේස් මාස්ක්, සැනිටයිසර් සහ අත්වැසුම් කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍යම දේවල් වෙලා ඉවරයි. ඒ නිසාම අපි වෙනදාට සාමාන්‍ය විදිහට කරපු ගොඩක් දේවල් වෙනස් කරගන්න වෙලා තියනවා. විශේෂයෙන්ම තරුණියන්ගේ ස්කින් කෙයාර් සහ මේක් අප් කරන ක්‍රම ද වෙනස් කරගන්න වෙලා තියනවා. COVID-19 නිසා ආරක්ෂිත භාවිතයන් එක්කම සුදුසු විදිහට ඒ පුරුදු ද වෙනස් කරගන්න අපි දැන් ඉගෙන ගන්න අවශ්‍යයි.

අපි අපේ ලිප්ස්ටික් ආලේපන දැන් වැඩිපුර භාවිතා කරන්නේ නෑ වගේම, වෙන කවරදාටත් වඩා ඒම නිෂ්පාදන වල සංයුතිය පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එමනිසා ඔබේ මේක් අප් එක වෙනස් කරගන්න සුදුසු ක්‍රම පහක් අපි ඔබට කියාදෙන්න හිතුවා...

1. ෆවුන්ඩේශන් මඟ හරින්න



දැන් අපට මුහුණේ භාගයක්ම ආවරණය වන ෆේස් මාස්ක් එකක් තියන නිසා ෆවුන්ඩේශන් ආලේප කිරීම අතහැර දැමීම හොඳ අදහසක්. මොකද අපේ සමට හුස්ම ගැනීමට ඉඩ තිබිය යුතුයි. මොයිස්චරයිසර් ස​හ ප්‍රයිමර් සමග යොද​න ෆවුන්ඩේශන් තට්ටුව සමට අමත​ර බරක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ මොයිස්චරයිසර් සහ සන්ස්ක්‍රීන් ආලේපන මුහුණේ සමට යෙදීමට අමතක කරන්න එපා. ඕනේ නම් ඔබේ මුහුණේ ඉහළ ස්ථානවලට දීප්තිමත් කන්සීලර් එකක් භාවිතා කරන්නත් පුළුවන්.

2. නිෂ්පාදන තෝරාගැනීමේදී මේ ගැන හිතන්​න



මාස්ක් එකට යටින් දිය නොවන, බොඳ නොවන මේකප් නිෂ්පාදන විතරක් මුහුණට යොදන්න තෝරාගන්න. ඊට පස්සේ ෆේස් පවුඩර් එකක් භාවිතා කරන්න. ඔබට ෆවුන්ඩේශන් එක භාවිතා කරන්න අවශ්‍යම නම්, සැහැල්ලු හා තෙල් ගතිය අඩු නිෂ්පාදනයක් තෝරාගන්​​න. දීර්ඝ වෙලාවක් හොඳින් සම මත රැඳෙන නිෂ්පාදන තෝරා ගන්න වග බලාගන්​න.

3. ඔබේ ඇහිබැමි සකසා ගන්න



මාස්ක් පැළඳීමත් එක්ක දැන් ගොඩක් තරුණියන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අයි මේක් අප් එකටයි. ඒ නිසා ඔබේ ඇහිබැමි වලට වැඩි අවධානයක් යොමු කරන්න. හොඳින් සකසපු ඇහි බැමි වලින් ඔබේ පෙනුම හොඳ අත​ට වෙනස් කරන්න පුළුවන්; ඒවායින් ඇස් වල සහ මුහු​ණේ පෙනුම ඉහළ මට්ටමකට ගෙන යනවා. මොකද ඇහි බැමි වලින් ඔබේ මුහුණ ලස්සනට ෆ්‍රේම් කරනවා. ස්වාභාවිකවම ඝන ඇහි පිල්ලම් ඇති අය සඳහා අවර්​ණ මස්කාරා එකක් භාවිතා කරන්න පුළුවන්. එසේ නොමැති නම් ස්වාභාවික වර්ණයන්ගෙන් යුතු නිෂ්පාදනයක් සමඟ ඇහි බැමි වර්ණ ගන්වා හැඩගස්වන්න.

4. වෛවර්ණ අයිෂැඩෝ වර්ග ගන්න


 
දැන් අපි අයි මේක් අප් කරන්න ඕනේ ආකර්ෂණීය හා දීප්තිමත් වර්ණ එක්කයි. Smoky eyes, glitter හා pastel hues කියන්නේ 2020 දී අයි ෂැඩෝ සඳහා හොඳම වර්ණ විලාසිතා තේරීම්. විවිධාකාර වර්ණ එක්ක අත්හදාබැලීම් කරලා බලන්න. විවිධ වර්ණයේ මස්කාරා හා අයිලයිනර්ස් ඔබට මේ  COVID-19 කාලයේ ආකර්ෂණීය පෙනුමක් දෙයි. වසංගත කාලය ඉවර වුණාට පස්සේ  නැවතත් මූලික වර්ණ භාවිතා කරන්න මතක තියාගන්න. 

5. ලිප් බාම් භාවිතාව​ට අනිවාර්යයෙන් යොමු වෙන්​න



අපි හැමෝටම මේ තත්ත්වයත් සමඟ ටික කාලයක් අපේ ලිප්ස්ටික් ටික මග හැරලා ඉන්න වෙනවා. නමුත් අපේ තොල් වලට ආරක්ෂාව තවමත් අවශ්‍යයි. ෆේස් මාස්ක් පැළඳීම, ෆේස් මාස්ක් තුළ තිබෙන උණුසු​ම සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදී තත්ත්වයන් නිසා ඔබේ තොල් වලට හොඳ සැලකිල්ලක් දක්වන්න වග බලා ගන්න. ඒ නිසා ලිප් බාම් සහ lip masks සමඟ ඔබේ තොල් පෙති සජලීයව හා සිනිඳු ලෙස තබා ගන්න උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1710 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/1710/do-these-changes-to-your-make-up-while-covid-19.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/1710/do-these-changes-to-your-make-up-while-covid-19.html