ගැටවලට අහු නොවි වෙනිවැල්ගැට වලින් ලස්සන වෙන්න tips 05 ක්

October 25, 2018
25,842
5 beauty tips with venivalgata
ගොඩක් දෙනෙක්ට තමන්ගේ රූපය ලස්සනට පවත්වා ගන්න ඕන වුණාට ඒ පිළිබඳව නිසි අවබෝධයක්, දැනුමක් නැහැ. ඒ නිසා කටකතා එහෙමත් නැති නම් තවත් කෙනෙක් කියන දෙයක් අහලා වෙළෙඳ පොළේ තියෙන එක එක වර්ගයේ ආලේපන වර්ග භාවිත කරනවා. ඉතිං අතේ තියෙන සල්ලි වියදම් කරලා කෘතිම ක්‍රීම් වර්ග කොච්චර ආලේප කරත් වැඩක් වෙන්නේ නෑ. ඒකෙන් ඔයාගේ පෙනුමට සම්පුර්ණ නොවු පැලැස්තර පෙනුමක් තමයි එකතු කරන්නේ. ඔයාගේ පෙනුමට එකතු වන තාවකාලික ලස්සනින් ඔයා සෑහිමකට පත් වුණත් ඇත්තටම ඒ ලස්සන ඔයා ළඟ තියා ගන්න පුළුවන් වෙන්නේ ටික කාලයක් විතරයි. ගොඩක් වේලාවට යුවතියන් ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර කරන්න ටිකක් විතර කම්මැලියි. මොකද ඉක්මන් ප්‍රතිඵල විවිධ කෘතිම ක්‍රීම් වර්ග වලින් ලැබෙනවා කියලා බහුතරය විශ්වාස කරන නිසා. ඉතිං අද හැඩකාරී ඔයාට කියලා දෙනවා කෘතිම ක්‍රීම් වර්ගවලට රැවටෙන්නේ නැතුව වෙනිවැල්ගැට වලින් ලස්සන වෙන්න පුළුවන් විදි කිහිපයක් ගැන. මෙන්න මෙහෙමයි වෙනිවැල්ගැටවලින් ලස්සන වෙන්නේ.

01. වෙනිවැල්ගැට වලින් ස්ක්‍රබ් කරන්න

ඔයාගේ සම පැහැපත් කරන වටිනා ඖෂධයක් තමයි වෙනිවැල්ගැට කියන්නේ. ඔයාට දැන් වෙනිවැල්ගැට වලින් සම ස්ක්‍රබ් කරලා සමේ තියෙන කුණු, දුහුවිලි ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා දන්නවානේ මුහුණේ සම වියළීමෙන් හා කුණු දුහුවිලි රැදීමෙන් ඉක්මනින් සම මැරුණු සමක් බවට පත් වෙනවා. ඉතිං මේ ගැටළුවෙන් අත් මිදෙන්න දැන් ඔයාට වෙනිවැල් ගැට ස්ක්‍රබ් එක උදව් වෙනවා.

වෙනිවැල්ගැට හැන්දකට යෝගට් හැන්දක් සහ දෙහි යුෂ හැන්දක් එකතු කරලා තලපයක් විදිහට සකස් කර ගන්න. මේ විදිහට සකස් කර ගත්ත ස්ක්‍රබ් එක භාවිත කරලා මුහුණ හොඳින් ස්ක්‍රබ් කරන්න. විනාඩි 10 ක් විතර ගියාට පස්සේ මුහුණ මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. සතියකට එක් වරක් විතර මේ ස්ක්‍රබ් එක කිරීම ප්‍රමාණවත්. කිහිප දවසක් යනකොට ඔයාටම මෙහි වෙනස හොඳින් හඳුනා ගන්න හැකි වේවී.

02. වෙනිවැල්ගැට වලින් පැක් එකක්

පැක් එකකින් කරන්නෙත් ඔයාගේ සමට පැහැපත් බවක් එකතු කරන එක. ඉතිං සම පැහැපත් කරගන්න දැන් ඔයාට වයිට්නින් ක්‍රීම් භාවිත කරන්න ඕන වෙන්නේ නෑ. වෙනිවැල් ගැට පැක් එකක් භාවිත කළොත් ඔයාගේ මුහුණට පැහැපත් බවක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

මුලින්ම ඔයාගේ මුහුණට සහ බෙල්ලට අවශ්‍ය පරිදි වෙනිවැල්ගැට කුඩු වෙන් කර ගන්න. පසුව එයට මී පැණි අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරන්න. ඔයාට අවශ්‍ය නම් මෙයට අමු කහ ස්වල්පයකුත් එකතු කළ හැකියි. ඉතිං මේ සංඝටක ත්‍රිත්වයම හොඳින් මිශ්‍ර කරගත යුතුයි. ඊට පස්සේ ඔයා මේ විදිහට පිළියෙළ කරපු වෙනිවැල්ගැට පැක් එක මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20 ක් විතර තියලා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. මෙයින් ඔයාගේ මුහුණේ මළානික පෙනුම අඩු කරලා ඔයාගේ සමට නැවුම් බවක් එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ සම සිනිදු කරනවා. ඉතිං මේ ලැබෙන ප්‍රතිඵල තාවකාලීක නොවන දිගුකාලීන ප්‍රතිඵල නිසා ඔයාට පරිපුර්ණ වු ලස්සනක් ලබාගත හැකියි.

03. කුරුළෑ ලප කැළැල්වලට සදහටම සමු දෙන්න

ගොඩක් කාන්තාවන් වගේම තරුණයින්ද පිඩා විඳින ගැටළුවක් තමයි කුරුළෑ කරදරය. කුරුළෑ කරදරයෙන් පීඩා විඳින ගොඩක් දෙනෙක් විවිධ කෘතිම ක්‍රීම් වර්ග ආලේප කිරීම තුළින් තවත් අපහසුතාවට පත් වුණු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතිං දැන් ඔයාට මේ කරදරයෙන් අත් මිදෙන්න වෙනිවැල්ගැට සහ අමු කහ භාවිත කළ හැකියි. වෙනිවැල් ගැට සහ අමු කහ හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මුහුණේ කුරුළෑ සහ ලප කැළැල් තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 20 ක් විතර ගියාට පස්සේ සෝදා ඉවත් කරන්න. එයින් ඔයාගේ මුහුණේ කුරුළෑ ඇති වීම ටිකෙන් ටික අඩු වෙලා යාවී. ලප කැළැල් ඉක්මනින් අඩු වෙලා පැහැපත් බවෙන් පිරිපුන් සමක් පහසුවෙන්ම ලබා ගන්න හැකි වේවී.

04. දද කුෂ්ට හොරිවලට අත් බෙහෙතක්

සාමාන්‍යයෙන් වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක්ට හැදෙන චර්ම රෝගයක් තමයි දද, කුෂ්ට, හොරි කියන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ඔයාගේ පෙනුමට අවලස්සනක් තමයි එකතු වෙන්නේ. ඉතිං දැන් මෙවැනි තත්ත්වයකින් අත් මිදෙන්න ඔයාට වෙනිවැල්ගැට භාවිත කළ හැකියි. හරිම පුංචි දෙයක් තමයි ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. වෙනිවැල්ගැට, අමු කහ සහ ඇත්තෝර කොළ එකට අඹරා දද, කුෂ්ට තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 30 ක් විතර තියලා සෝදා ඉවත් කරන්න. ටික දවසක් යනකොට ඔයාගේ සමේ තියෙන හොරි, දද, කුෂ්ට ඉවත් වෙලා යාවී.

05. හිස්හොරිවලට වෙනිවැල්ගැට

මුහුණට ඔයාගේ සමට විතරක් නෙමෙයි දැන් හිස්හොරි කරදරයෙන් මිදෙන්නත් ඔයාට වෙනිවැල්ගැට භාවිත කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වෙනිවැල් ගැට අරගෙන එයට දෙහි යුෂ එකතු කරගන්න. ඊට පස්සේ ඔයා ස්නානය කරන්න කලින් හිස් කබලේ මේ විදිහට හදා ගත්ත මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. විනාඩි 20 ක් විතර ගියාට පස්සේ හිස සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1139 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/1139/5-beauty-tips-with-venivalgata.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:19 PM
Script:/article/1139/5-beauty-tips-with-venivalgata.html