හානියට පත් කෙස් කළඹක් නැවත ගොඩ ගන්නේ මෙහෙමයි

July 16, 2020
21,893
How to rebuild your damaged hair
කාන්තාවන්ට තියෙන ඒ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව මොකද්ද කියලා ඔබත් දැන ගන්න කැමති ඇති. හිරුගේ අහිතකර පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම, පරිසර දූෂණය, මානසික ආතතිය සහ වෙනත් බොහෝ සාධක හේතුවෙන් ඔයාගේ හිසකෙස් දිනපතා බරපතල ලෙස හානි වීම් වලට ලක් වෙනවා. හිසකෙස් වලට සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු නොකළොත් හිසකෙස් නිතරම ගැලවී ගිහින් කොණ්ඩයේ පරිමාව ඉතාම අඩු වෙනවා. ඒ වගේම හානියට පත් වුණු කෙස්වලට ප්‍රතිකාර කිරීමේදී එක රැයකින් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න බැහැ. මෙම ලිපියෙන් හිසකෙස් රැක ගැනීම සඳහා උපදෙස් කිහිපයක් ගැනයි ඔබට කියන්නේ.

හානියට පත් හිසකෙස් කියන්නේ මොනවාද?
හිසකෙස් වලට නිසි කාලයට ප්‍රතිකාර නොකළොත් හෝ කැපීම නොකළොත් හිසකෙස් වලට හානි විම වැඩියෙන් සිදු වෙනවා. ඒ හරහා කෙස් පැලීම්, කෙස් අකලට සුදු වීම, හිසකෙස් සිහින් වීම හෝ හිසකෙස් වැටීම වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා.

හානියට පත් හිසකෙස් රැකබලා ගැනීමට උපදෙස්

1. හිස්කබලේ තෙල් අලේප කරමින් හොඳින් සම්බාහනය කරන්න. එමගින් ඔයාගේ රුධිර සංසරණය වැඩි දියුණු වෙලා හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වෙනවා. හිසකෙස් වල ඝණකම සහ දිග වැඩි කරවනවා.

2. හිස්කබල සහ හිසකෙස් ශක්තිමත් කිරීම හා පෝෂණය කිරීම සඳහා හිසකෙස් වලට සතියට වරක් වත් හොඳ තෙල් වර්ගයක් අලේප කරන්න. පොල්තෙල් කියන්නේ හිසකෙස් විනිවිද යන සහ ඇතුළතින්ම හිසකෙස් පෝෂණය කරවන හොඳ තෙල් වර්ගයක්. පරිසරයේ උෂ්ණත්වයෙන් හිසකෙස් වලට හානි වීමද ඒකෙන් වළක්වනවා. ඔලිව් තෙල් හිස්කබලේ සහ හිසකෙස් වල තෙතමනය පවත්වා ගන්නවා වගේම ඒවායේ ගුණාත්මකභාවය ද වැඩි දියුණු කරනවා.

3. අධික රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙනුවට ස්වභාවික නිෂ්පාදන භාවිතා කරන්න. හිසකෙස් වලට හානි කරන රසායනික ද්‍රව්‍ය වෙනුවට නිවසේදී ම කරන්න පුළුවන් ස්වාභාවික පිළියම් කොණ්ඩයට තෝරා ගන්න. ඒක දීර්ඝ කාලීනව ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

4. ෂැම්පූවල ඇති රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය අවම කිරීම සඳහා ෂැම්පූ වතුර ටිකක් එක්ක කලවම් කර හිස සේදීමට ගන්න.

5. කන්ඩිෂනර් කියන්නේ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු දෙයක් නිසා කෙස් වලට වුණු හානි අළුත්වැඩියා කරමින් හිසකෙස් පුනර්ජීවනය කරන්න ඒවාට පුළුවන්. 

6. හිසකෙස් මෘදුව වේළා ගන්න. නිතරම හිසකෙස් අයන් කිරීමෙන් කොණ්ඩයට වැඩි හානියක් සිදු කරයි. ඒ වෙනුවට හෙයාර් බ්‍රශ් එකකින් කොණ්ඩය ඉහළ සිට පහළට හොඳින් පීරන්න.

7. හිසකෙස් වලට වුණු හානි අලුත්වැඩියා කිරීම සඳහා අවම වශයෙන් මාසයක්වත් ඕනේ වෙනවා. ඔයාගේ කොණ්ඩය නැවත සෞඛ්‍යසම්පන්න කළාට පස්සේ මාසයක්වත් ගතවන තුරු කොණ්ඩා මෝස්තර දැමීමේදී මෙවලම් භාවිතය ද පුළුවන් තරම් සීමා කරන්න.

8. relaxers සහ perms වැනි රසායනික ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙන්න. ඔයාගේ  ස්වාභාවික කොණ්ඩයේ තිබෙන විලාසිතාවටම නැවත ඉඩ දෙන්න.

9. ඔයාගේ හිසකෙස් ප්‍රධාන වශයෙන් ස්වාභාවික කෙරටින් වලින් සමන්විත නිසා කෙරටින් මත පදනම් වූ නිෂ්පාදන විතරක් භාවිතා කරන්න.

10. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න. යහපත් හිසකෙස් රැකවරණ පුරුදු වගේම සමබල ආහාර වේලක් ද කොණ්ඩයේ ගුණාත්මක බවට බලපානවා. පෝෂක ඌනතාවයන් කළමනාකරණය කිරීම සඳහා පෝෂණ අතිරේක භාවිතා කරන්න. දෛනික ආහාර වේලට ප්‍රෝටීන්, ඛනිජ සහ අත්‍යවශ්‍ය මේද ද එකතු කර ගන්න.

11. ඔයාගේ හිසකෙස් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු එළියට යන විට ස්කාෆ් එකක් හෝ තොප්පි පළඳින්න. ඔයාගේ කොණ්ඩයට සැහැල්ලු හා ගැලපෙන තාප ආරක්ෂණ සීරම් භාවිතා කළ හැක.

12. ඔබේ හිසකෙස් වර්ගයට ගැලපෙන නිෂ්පාදන මිලදී ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1704 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:14 AM
Script:/article/1704/how-to-rebuild-your-damaged-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:15 AM
Script:/article/1704/how-to-rebuild-your-damaged-hair.html