ඔබේ මුහුණ අවලස්සන කරන blackheads පහසුවෙන්ම ඉවත් කරගන්නේ මෙහෙමයි

April 13, 2017
17,443
Simple Remedies to Get Rid of Blackheads
Blackheads කියන්නේ කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් තියන ප්‍රශ්නයක්. කාන්තාවන් ඉතිං නිතර දෙවේලේ saloon වලට ගිහින් ලොකු ලොකු ගණන් දීලා blackheads ඉවත් කර ගන්නවා. නමුත් ඉතින් මේකට යන වියදම වගේම blackheads ඉවත් කරද්දී ඇතිවෙන වේදනාවත් ටිකක් දරාගන්න අමාරුයි. පිරිමි පාර්ශවය නම් වැඩිය හිතන්නේ නැහැ blackheads ගැන නමුත් ඉතින් ඒ අයටත් මේ නිසා මුහුණට අවලස්සනක් මිසක් ලස්සනක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි ඔබට කියල දෙන්න යන්නේ වැඩි වියදමක් නැතුව අමාරුවකුත් නැතුව ගෙදරදී පහසුවෙන්ම blackheads ඉවත් කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.

1. මුහුණ පිරිසිදු කිරීම සදහා තෙල් අඩංගු නොවන පිරිසිදු කාරකයක් භාවිතා කරන්න

ඔබේ සම හොදින් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. මොකද මුහුණේ අධිකව තෙල් රැදී තිබුනොත් එය blackheads පහසුවෙන්ම ඇතිවීමට හේතුවක්. මේ නිසා තෙල් අඩංගු නොවන cleanser වර්ගයක් භාවිතා කර දවසට දෙපාරක් මුහුණ හෝදන්න. ඉන් පසු තෙල් අඩංගු නොවන moisturizer වර්ගයක් ආලේප කරන්න. මේ නිසා ඔබට පුළුවන් සම වියලි භාවයට පත්වීම වලක්වා ගන්න.

2. ඔබ භාවිත කරන සෑම දෙයක්ම පිරිසිදුව තබාගන්න

බොහෝ විට අපිට මුහුණ හෝදලා පිළිවෙලට ඉන්න මතක තිබුනට අපි පාවිච්චි කරන සමහර දේවල් නම් පිරිසිදු කරගන්න අමතක වෙනවා. විශේෂයෙන් අපි භාවිත කරන කොට්ට සහ කොට්ට උර, තුවාය, විශේෂයෙන් ඔබේ දුරකථනය මේ දේවල් අනිවාර්යෙන්ම පිරිසිදුව තබාගත යුතුයි.

3. සතියකට දෙපාරක් මුහුණ scrub කරන්න

ඔබේ හමට ගැළපෙන scrub වර්ගයක් භාවිතා කර සතියකට දෙපාරක් මුහුණ scrub කරන්න. මේ නිසා ඔබේ මැරුණ සම ඉවත් වී blackheads ඇතිවීම පාලනය වෙනවා. මේ සදහා ඔබට වෙළදපලේ ඇති scrub වර්ගයක් හෝ ස්භාවිකව සකස් කරගත් scrub එකක් භාවිතා කල හැකියි.

4. සති දෙකකට වරක් මුහුණ Steam කරන්න

මෙය blackheads ඉවත් කරගන්න කළහැකි සාර්ථක ප්‍රතිකාරයක්. මුහුණ steam කිරීම මගින් මුහුණේ ඇති අනවශ්‍ය තෙල් ඉවත් වෙනවා වගේම මුහුණ හොදින් පිරිසිදු වෙනවා. ඔබේ සමේ ඇති සිදුරු විවර කරමින් සම ඇතුළතින්ම පිරිසිදු කර ඔබේ සම සිනිදු කරනවා වගේම blackheads ඇතිවීම පාලනය කරනවා.

5. මීපැණි සහ කුරුදු කුඩු

මීපැණි මේස හැදී දෙකකට කුරුදු කුඩු මේස හැදී දෙකක් දමා සාදාගත් මිශ්‍රණය මුහුණේ blackheads ඇති ස්ථානවල අලේප කරන්න. ඉන් පසු පිරිසිදු කපු රෙදි කැබැල්ලක් ඒ මත තබා විනාඩි 8 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු සෙමෙන් රෙදි කැබැල්ල ඉවත් කරන්න. එවිට මුහුණේ ඇති blackheads රෙදි කැබැල්ලත් සමග ගැලවී යයි. මෙයින් ඔබේ සමට කිසිදු හානියක් සිදු නොවේ.

6.බිත්තර සුදුමද

බිත්තර දෙකක සුදුමද හොදින් කවලම් කරගෙන මුහුණෙහි අලේප කර විනාඩි 10 ක් පමණ වේලෙන්නට තබා සාමාන්‍ය උණුසුම් වතුරින් සෝදා හරින්න. මෙය ඔබේ blackheads ඉවත් කරනවා පමණක් නොවෙයි ඔබේ සම පෝෂණය කරමින් පැහැපත් බවක් ලබාදෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 211 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:37 AM
Script:/article/211/simple-remedies-to-get-rid-of-blackheads.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:37 AM
Script:/article/211/simple-remedies-to-get-rid-of-blackheads.html