අපේ ශරීරයේ හැඩය මොකක් උනත් ඒ හැම හැඩයක්ම අපිට ගෙන දෙන්නේ ලස්සනක්. හැබැයි කාන්තාවන් බහුතරයක් හරියට තමන්ගේ ශරීරයේ හැඩය හදුනාගන්නේ නැහැ. මේ නිසා ඔවුන් ආහාරයට ගන්නේ වැරදි ආහාර වර්ග. නිරෝගිමත් ශරීරයක් හිමිකර ගන්න නම් අපි කන්න ඕනේ කෑම තොර ගන්න ඕනේ අපේ ශරීරයේ හැඩයට අනුවයි.
මොකද අපේ ශරීරයේ හැඩය අනුව එය තව තවත් ලස්සන කරගෙන පවත්වාගෙන යන්න නම් අපි කන්න ඕනේ අපේ ශරීරයේ හැඩයට අවශ්‍ය කරන ආහාර. ඒ නිසා තමයි අද අපි ඔබට කියන්න හිතුවේ ඔබේ ශරීරයේ හැඩය අනුව ඔබ ගන්න ඕනේ ආහාර ගැන.
1. සෘජු කෝණි හැඩයක් ගන්න ශරීර

Sorce : brightside.me
මේ වගේ හැඩයක් තියෙන කාන්තාවන් ගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සිහින් ඉන ප්‍රදේශය සහ පළල් නොවූ උකුල. ඒ වගේම මේ හැඩය තියෙන කාන්තාවන් ලේසියෙන් මහත් වෙන්නෙත් නැහැ. මේ නිසා ඔබ ආහාරයට ගත යුත්තේ ශරීරයට හිතකර මේද අඩංගු වෙන අලිගැට පේර, ආමන්ඩ්, සැමන් වගේ ආහාර වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර වර්ග. හැබැයි ඔබ කෙට්ටු කෙනෙක් කියලා බය නැතුව හිතෙන හිතෙන විදිහට පැණිරස සහ අහිතකර ආහාර නම් ගන්න එපා.
2. ඇපල් ගෙඩියක් වගේ හැඩයක් තියෙන ශරීර

Sorce : brightside.me
ඔබට තියෙන්නේ මේ වගේ හැඩයක් තියෙන ශරීරයක් නම් ඔබේ උදර ප්‍රදේශය මහත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා ඔබ දිනකට වැඩි වාර ගණනක් කුඩා ආහාර ප්‍රමාණයක් ලබා ගන්න එක සුදුසුයි. සාමාන්යෙන් දිනකට 6 වතාවක් පමණ වේලකට කුඩා ප්‍රමාණයක් ආහාර ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. කෙදි සහිත එළවලු පලතුරු, විටමින් C අඩංගු ආහාර, අඩු මේද ප්‍රමාණයක් සහිත කිරි ආහාර ඔබට සුදුසුයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ ක්ෂණික ආහාර පාන් සහ ගෑස් තත්වයන් ඇති කරන ආහාර වලින් නිතරම වැළකිලා ඉන්න.
3. පෙයාර්ස් ගෙඩියක් වගේ හැඩයක් තියෙන ශරීර

Sorce : brightside.me
ඔබේ සිරුරත් මේ වගේ හැඩයක් තියෙන එකක් නම් ඔබේ උකුල් ප්‍රදේශය විශාලයි. මේ නිසා ඔබේ උකුල් ප්‍රදේශය මහත් වීමට තිබෙන ඉඩ කඩත් ඉතා වැඩියි. ඔබ ආහාරයට ගන්න ඕනේ මස්, මාළු, බිත්තර, කිරි ආහාර. ඒ වගේම පැණි කොමඩු, අන්නාසි වගේ පළතුරුත් ඔබේ සිරුරට ඉතාමත් හිතකරයි. GREEN TEA කියන්නෙත් ඔබේ සිරුරට ඉතාමත් හිතකර දෙයක්. ඉහල සෝඩියම් ප්‍රමාණයක් අඩංගු වෙන ආහාර ඔබට සුදුසු නැහැ. ඒ වගේමයි ලුණු භාවිතයත් අඩු කරන්න. පාන්, බත්, නුඩ්ල්ස් වගේ ආහාර වැඩිපුර ආහාරයට ගැනීමත් ඔබට සුදුසු වෙන්නේ නැහැ.
4. hourglass හැඩයක් තියෙන ශරීර

Sorce : brightside.me
බහුතරයක් කාන්තාවන් සිහින දකින ශරීර හැඩයක් තමයි මේ. හැබැයි මේ හැඩය තියෙන කාන්තාවන් මහත් වෙන්න තියෙන ඉඩ කඩ නම් ගොඩක් වැඩියි. ඒ වගේම තමයි මේ හැඩය තියෙන කාන්තාවන්ට ඉහල අවදානමක් තියෙනවා අධික රුධිර පීඩනය ඇතිවීමේ. මේ කාන්තාවන්ටත් සුදුසු වෙන්නේ කුඩා ප්‍රමාණයේ ආහාර වේල් 6 ක් 7 ක් වගේ ප්‍රමාණයක් දිනකට ලබා ගැනීමයි. ඒ වගේම නැවුම් එළවලු පලතුරු නිතරම ආහාරයට ලබාගැනීම වැදගත්.