ඔබගේ කී පෑඩ් එක තත්පර කීපයකින් පිරිසිදු කරන්න

February 21, 2020
3,240
Clean our keypad in seconds
කාර්‍යබහුල දවස අවසානයේදී ඔබගේ ලැප්ටොප් එකේ හෝ පරිගණකයේ යතුරුපුවරුවේ යතුරු අතර දූවිලි අංශු හා අපිරිසිදු දේවල් තියෙන්න පුළුවන්. ආහාර කැබලි පවා වැටිලා තියෙනවා සමහර වෙලාවට. ඔබේ යතුරුපුවරුවට ඉහළින් ආහාර ගැනීම, බීම වර්ග පානය වගේ දේවල් කිරීම නිසයි එහෙම වෙන්නේ. පිරිසිදු කරන්න ගියාමත් මහන්සි වෙන්න වෙන්නේ ඔබටයි. අපි අද ඔබට කියන මෙම උපක්‍රමය මඟින් ඔබේ යතුරු අතර ඇති අපිරිසිදුකම ඉතා සරලව හා ඵලදායී ලෙස ඉවත් කරන්න පුළුවන්.

යතුරු පුවරුව පිරිසිදු කිරීම

ඔබේ මුළු යතුරුපුවරුවම අපද්‍රව්‍ය හා වෙනත් ආහාර කැබලි වලින් ආවරණය වෙලා ඇත්නම් එය ඉතා අපිරිසිදු වනවා පමණක් නොවෙයි එය ඔබගේ යතුරුපුවරුව සඳහා එතරම් හොඳ දෙයකුත් නෙමෙයි. සියල්ලටම වඩා එහි ඇති අපිරිසිදුකම වැඩි වන තරමට ඔබේ පරිගණක යතුරු කාලයත් සමඟ ක්‍රියා කිරීම ද නවතින්න පුළුවන්. ඔබ යතුරු පුවරුව පිරිසිදු කළ යුත්තේ කොහොමද කියලා දන්නවාද? තෙත් රෙදි කියන්නේ බුද්ධිමත් විසඳුමක් නෙමෙයි. මොකද තෙත රෙදි භාවිතා කලාම ඉලෙක්ට්‍රොනික් කොටස් වලට බලපාන්න පුළුවන්. සමහර අය යතුරු පුවරුව යටිකුරු අතටත් තියලා යනවා. ඒත් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. 

ඔබගේ යතුරුපුවරුව පිරිසිදු කිරීමට ඔබට එතරම් සංකීර්ණ දේවල් අවශ්‍ය වෙන්නේ නෑ. සරල විදිහක් අපි ඔබට කියන්නම්.

ඒක කරන්න ඕනේ මෙහෙමයි

පළමුවෙන්ම ඔබේ යතුරුපුවරුව යටිකුරු අතට හරවලා හොඳින් සොලවන්න. අපද්‍රව්‍ය බිමට වැටේවි. ඔබ මේසය පිරිසිදු කර ඇත්නම් ඒක යොදාගන්න. නමුත් කුණු කූඩයට ඉහළින් මේක කරන්න එපා. ඊට පස්සෙ එක පැත්තක ඇලවෙන ගම් තීරුවක් සහිත නෝට් පෑඩ් කොළ කීපයක් ගන්න. එහි ඇති ගම් සහිත ඇලෙන කොටස යතුරුපුවරුවේ යතුරු අතර එහා මෙහා යවන්න. සියලු දූවිලි සහ කුණු කැබලි ඉවත් වෙන තෙක් මෙය කිහිප වතාවක් නැවත නැවත කරන්න. ඇලෙන සුළු අවශේෂ තවත් ඉතුරු වෙලා තියෙනවාද? එහෙනම් කපු පුළුන් කැබැල්ලකින් ඒවා ඉවත් කිරීමට උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1519 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:38:55 PM
Script:/article/1519/clean-our-keypad-in-seconds.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:38:55 PM
Script:/article/1519/clean-our-keypad-in-seconds.html