නිවසේ සිට වැඩ කරන්න කිව්වට පොඩ්ඩෝ ඉන්න ගෙදරක නිවසේ ඉඳන් වැඩ කරන්නේ මෙහෙමයි

April 11, 2020
8,305
How to work from home these days
කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ දෙනෙක්ට නිවසේ සිටම වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ අතරින් සමහර දෙනෙක් තමන්ගේ වැඩ හොඳින් කළමනාකරණය කර ගන්නවා. නමුත් පොඩි දරුවන් සිටින අම්මලාට ගෙදර ඉඳන් වැඩ කරන එක නම් අභියෝගයක්. ළමයින් ගැන ම පැය 24ම අවධානයෙන් ඉන්නත් වෙනවා. ඒ අතරේ නිමක් නැති ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීම සහ සෑම පැය දෙකකට වරක් සම්මන්ත්‍රණ ඇමතුම් වලට සහභාගී වෙන්න අමාරුයි. මේ වෛරසය පැතිරෙමින් පවතින නිසා නිවෙස්වල තව කොච්චර කාලයක් ඉන්න වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා අම්මලාට දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරමින්ද වැඩ කරන්න සිද්ධ වෙනවා. අද හැඩකාරී අපි ඔයාට නිවසේ ඉඳන් වැඩ කරන විදිහ ගැන කියන්න හිතුවේ.

1. ඔයාගේ නිවසේ තැනක් කාර්යාල වැඩ සඳහා තෝරා ගන්න
ඔයා නිවසේ සිටින සෑම මොහොතකම දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. නමුත් දරුවන්ගේ ශබ්දය නිසා ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙන්න පුළුවන්. නිවසේ තැනක් කාර්යාල වැඩ සඳහා තෝරාගෙන තිබීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසායි. ඒ වගේම තමයි කාර්යාල ලිපිගොනු සහ ලැප්ටොප් දරුවන්ට ගන්න බැරි තැනක තියන්න වෙනවා. ඒ වගේම නිවසේ කාර්යාලය සඳහා තෝරා ගන්නා ස්ථානය හොඳින් ආලෝකමත් තැනක් වෙන්න ඕනේ. ලිපිගොනු සහ වාර්තා ගබඩා කිරීම සඳහා කුඩා මේසයක උඩ හෝ ලාච්චුවකට දමන්න. කඩදාසි, පෑන්, පැන්සල්, ටේප් සහ ස්ටිකර් වැනි දෑ ළඟ තියා ගන්න. ටික වෙලාවක් වෙන් කරගෙන ළමයා ගැන කරදර නොවී වැඩ කරන්න.

 2. දරුවන් නිදන් ඉන්නකොට වැඩ කරන්න
කුඩා දරුවන් සමඟ නිවසට වී වැඩ කරනවා නම් දරුවා නිදා ගන්න පැය ගණන ඔයාගේ වාසියට යොදා ගන්න. දරුවන් දවල්ට පැය දෙක තුනක් නිදා ගන්න පුරුදු කර වන්න. එතකොට ඔයාට ටික කාලයක් එක දිගට වැඩ කරන්න පුළුවන්. සම්පූර්ණ අවධානය යොමු කළ යුතු කාර්යයන් සඳහා මෙම කාලය භාවිතා කරන්න. දරුවන් නිදා ගන්නේ නැත්නම් නිහඬව පොතක් කියවීමට හෝ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. මේ ආකාරයට දරුවන් අලුත් දෙවල් ඉගෙන ගන්නවා.

3. ඔයාගේ කැපවීම පෙන්වන්න
නිවසේ ඉඳන් වැඩ කරනකොට ඔයාගේ රැකියාව සහ බොස් වෙනුවෙන් කැපවී සිටීම වැදගත් වෙනවා. ඔයා සැමවිටම වගේ ඵලදායී හා ඉක්මනින් වැඩ කරන බව ඔවුන්ට දන්වන්න. ඔයාගේ කැපවීම පෙන්වීමට ඔවුන්ගේ ඊමේල් වලට හැකි ඉක්මනින් ප්‍රතිචාර යවන්න. ඔයා කාර්යාල වැඩ කරන අතරතුර සහ වැදගත් ඇමතුම් වලට දරුවන්ට බාධා නොකළ යුතු බව දරුවන්ට පහදා දෙන්න.

4. ඔබේ දරුවන් සමඟ කතා කරන්න
ඔයා වැදගත් ඇමතුමක සිටින බව ඔයාගේ දරුවන්ට කියලා ඒ වෙලාවට නිශ්ශබ්ද වෙන්න කියලා දෙන්න. නමුත් දරුවා එක පාරටම කාමරයට කඩා වැදී  සහෝදරයා හෝ සහෝදරිය කළ දෙයක් ගැන ඇඩුවොත් ඔයාට ඒ වෙලාවේම දරුවාව නළවන්න බැහැනේ. ඔයා කවදා හෝ එවැනි තත්වයකට මුහුණ දුන්නොත් ඉක්මනින් ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ‘hold’ බොත්තම ඔබන්න. පස්සේ දරුවන් සමඟ ඒ ගැන කතා කරන්න. ඔයාගේ වැඩ වලට බාධා නොවී දරුවන් කළ යුතු කාර්යයන් මොනවාද සහ කළ යුතු ක්‍රියාකාරකම් මොනවාදැයි ඔවුන්ට කියන්න.

5. ඔයාගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න
මේ කාලයේදී හැම දෙනාම නිවසේ ඉන්න නිසා ඔබට පවුලේ අය සහ ළමයින් සඳහා යම් කාලයක් ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙයයි. සෑම පැය දෙකකට වරක්ම මිනිත්තු 20 ක් දරුවන්ට කාලය යොමු කරන්න. දරුවන් සමග ඔයා බොහෝ කාලයක් සතුටින් ඉන්න නිසා ඔයා වැඩ කරන අතරතුර බාධා කරන එකක් නැහැ.

6. වැඩ කරන කාලයේදී උපක්‍රම භාවිතා කරන්න
අම්මා කෙනෙක් වශයෙන් ඔයා දරුවන්ගේ කැමතිම දේ ගැන දන්නවා. ඔයා රැකියාවෙ කාර්යබහුල වෙනකොට දරුවන්ගේ කරදරය වළක්වා ගැනීමට නම් දරුවගේ ප්‍රියතම කාටූන් නැරඹීමට ඉඩ දෙන්න. එවැනි උපක්‍රම භාවිතා කිරීම ගැන වරදකාරි හැඟීමක් ඇති කර ගන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,589
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,497
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,010
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,002
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed