මිටි අය උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් tips 07 ක්

September 11, 2018
28,254
Tips to show you taller
ෆැෂන්වලට වැඩිපුර ඇබ්බැහි කවුද කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් බහුතරයකගේම පිළිතුර වෙන්නේ ගැහැණු ළමුන් කියන එක. එහෙමත් නැතිනම් කාන්තාවන් කියන පිළිතුරු. ඇත්තටම ඔයාගේ පිළිතුරට හැඩකාරී අපි එකඟයි. මොකද අද විලාසිතා ලොවේ බොහෝ දේවල් බිහි වෙන්නේ, නිර්මාණය වෙන්නේ ගැහැණු පාර්ශ්වය ඉලක්ක කරගෙන. ෆැෂන් කරලා ලස්සනට ඉන්න කොයි කවුරුත් කැමති වුණත් තමන්ට ගැළපෙන විදිහේ ඇඳුම් ආයිත්තම් ඔයා තෝරා ගත්තේ නැති වුණොත් ඔයා බලාපොරෝත්තු වුණු ලස්සන ඔයාට ලබා ගන්න වෙන්නේ නෑ. ඉතිං ලස්සනට අඳින්න පළඳින්න ගැහැණු පිරිමි වගේම වයස් භේදයක් බලපාන්නේ නෑ වගේම උස, මිටි බලපාන්නෙත් නෑ. අද හැඩකාරී ඔයාට කියන්නේ උස, මිටි අයට ගැළපෙන ෆැෂන් ගැන නම් නෙමෙයි. මොකද මීට පෙර ලිපියකින් අපි ඔයා එක්ක ඒ ගැන කතාබහ කළානේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ උස මදි. එහෙමත් නැත්තම් තව චුට්ටක් විතර උසට පෙනුනා නම් හොඳයි කියලා. ඉතිං මේ වගේ වෙලාවක ඔයාගේ සිරුරේ උස වැඩි කර ගන්න නිශ්චිත වු ක්‍රමවේදයක් අද නැති තරම්. ඉතිං මේ වගේ ගැටළුවකදී ඔයාට ගන්න පුළුවන් හොඳම විසදුම තමයි ඔයාගේ උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් විදිහේ ඇඳුමක් අඳින එක. මේ ගැන ඔයා එක්ක කතා කරන්න අද Hadakari අපි තීරණය කළා.

තමන්ට ගැළපෙන බ්ලවුස් එකක් අඳින්න







ඔයාගේ උස පේන විදිහේ ඇඳුමක් අඳින එක තමයි ඔයාගේ උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් සරලම ක්‍රමය. කොලර් තියෙන බ්ලවුස් එකකින් ඔයාගේ උස වැඩි කරලා පෙන්වනවා. සමාන්‍යයෙන් උසින් අඩු කෙනෙක්ගේ බෙල්ල දිගින් අඩුයි. එයට විසඳුමක් විදිහට කොලර් තියෙන බ්ලවුසයක් සහ ජීන්ස් එකක් අඳින්න. ඔයාට ඕන නම් ජීන්ස් එකට බ්ලවුස් එක යට කරලා වුණත් අඳින්න පුළුවන්. සමාන්‍යයෙන් කොලර් රහිත රවුම් කර තියෙන ටී ෂර්ට් එකක් ඇන්දොත් ඔයාගේ ගෙලෙහි කෙටි බව අවම කරලා පෙන්වන්න පුළුවන්.

High waisted jeans (ඉන උස ජීන්ස්)








ඔයාට උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් තවත් අඳුමක් තමයි ඉන උස ජීන්ස්. මේ ජීන්ස් එකෙන් උයාගේ ඉණේ හැඩය වගේම උසත් වැඩි කරලා පෙන්වනවා. මේ වගේ ජීන්ස් එකකට ටිකක් කෙටි බ්ලවුසයක් තමයි වඩාත් හොඳට ගැළපෙන්නේ. ඉතිං ඔයාට පුළුවන් රවුම් කර තියෙන දිගින් අඩු බ්ලවුසයක් තෝරාගත හැකියි.

ගවුමක් අඳිනවා නම් ටිකක් කොටට අඳින්න







ඔයාටත් හිතෙනවා නම් ඔයාගේ උස මදි කියලා ඔයාට උස වැඩි කර ගන්න mini frock එකක් අඳින්න. ඇගේ ෂේප් එකට ගැළපෙන විදිහේ ගවුමක් ඔයාට අඳින්න පුළුවන්. ඔයා සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් ඇඟට විශාලව තියෙන දණහිස ප්‍රමාණයට විතර තියෙන ගවුමක් අඳින්න පුළුවන්. ඉණේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න ඔයාට පුළුවන් ගවුමේ පාටට ගැළපෙන විදිහේ බෙල්ට් එකක් භාවිත කළොත්. මේ විදිහේ ගවුමකිනුත් ඔයාව තරමක් හෝ උසට පේනවා.

කොට ස්කර්ට් (සාය) අඳින්න







ඔයාට ටිකක් උසට පේන්න ඔන නම් කිසිම වේලාවක දිගින් හෝ දණහිසට පහළින් තියෙන ස්කර්ට් එකක් අඳින්න එපා. උස වැඩි කරලා පෙන්වන්න පෙන්සිල්කට් වර්ගයේ ස්කර්ට් එකක් ඔයා තෝරා ගන්න. වැදගත්ම දේ වෙන්නේ ඔයා දණහිස ගාවට හෝ ඊට තරමක් උඩින් තියෙන ස්කර්ට් එකක් තමයි තෝරාගත යුත්තේ. මෙවැනි ස්කර්ට් එකකට කොලර් සහිත බ්ලවුස් එකක් තෝරා ගන්න. ඒ බ්ලවුස් එක ස්කර්ට් එකට යටකරලා අඳින්නත් පුළුවන්. එතකොට බ්ලවුස් එකෙන් වගේම ස්කර්ට් එකෙනුත් යම් උස පෙනුමක් එකතු වෙලා පේනවා.

සිරස් අතට ඉරි තියෙන ඇඳුමක් අඳින්න







උස වැඩි කරලා පෙන්නන්න ඇඳුම් තෝරන රහසක් තමයි ඔයාට හැඩකාරී අපි කියලා දෙන්නේ. තිරස් අතට ඉරි තියෙන රෙදි වර්ගයකින් මහලා තියෙන ඇඳුමක් තෝරා ගත්තොත් ඔයාගේ මහත හා මිටි බව හොඳින් පේන්න පටන් ගන්නවා. ඒත් ඔයාට සිරස් අතට තියෙන බ්ලවුසයක්, ගවුමක්, කුර්තා එකක් එහෙමත් නැතිනම් ටොප් එකක් ඇන්දොත් ඔයාව උසින් පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයා මහත කෙනෙක් නම් මහත අඩුවට තමයි මෙවැනි ඇඳුමකින් පේන්නේ.

කුර්තා සහ ටොප් බ්ලවුස්







උස වැඩියෙන් පේන්න අඳින්න පුළුවන් ඇඳුම් දෙකක් තමයි කුර්තා සහ ටොප් බ්ලවුස් කියන්නේ. මෙවැනි ඇඳුමක් ඔයා අඳිනවා නම් තරමක් ඉණට පහළින් අඳින්න. ජීන්ස් එකකට ඔයාට මේ වගේ අඳුමක් අඳින්න පුළුවන්. අත් කොටට මේ ඇඳුම තෝරා ගත්තොත් ඔයාගේ අත්වල කෙටි බව අඩු කරලා පෙන්විය හැකියි. සිරස් අතට ඉරි තියෙන රෙද්දකින් නිම වු කුර්තා එකක් හරි ටොප් එකක් ඇන්දොත් ඔයාව තවත් උසට පේනේවී.

තරමක් උස පාවහන් පළඳින්න







හැඩකාරී ඔයාගේ උස වැඩි කරලා පෙන්වන්න පුළුවන් ඇඳුම් වර්ග කිහිපයක් ඉහතින් කියලා දුන්නානේ. ඉතිං මේ සෑම ඇඳුමකට ඔයා ටිකක් අඩි උස පාවහන් දෙකක් තෝරා ගන්න. ෆ්ලැට් සෙරෙප්පු කිසි විටෙක පළඳින්න එපා. ඇඳුමෙන් ඔයාව තරමක් උසට පේනවානේ. ඉතිං අඩි උස සපත්තු දෙකකින් තවත් උසට ඔයාව පේන්න පටන් ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1075 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:53:46 PM
Script:/article/1075/tips-to-show-you-taller.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:53:47 PM
Script:/article/1075/tips-to-show-you-taller.html