ඔබ ප්‍රමාණය ඉක්මවා සිනි ආහාරයට ගන්නා බව දැනගත හැකි සංඥා 7

November 20, 2021
8,374
7 signs that indicate you are eating too much sugar
ඔබට නිතර තෙහෙට්ටුව සහ ශරීරයේ අප්‍රාණික බවක් දැනෙනවාද? නැතිනම් විවිධ සමේ ගැටළු සහ නීරෝගි බරක් පවත්වාගෙන යාමට අපහසුද..? එසේ නම් එම සංඥා මගින් හෙළි වන්නේ ඔබ අධික ලෙස සීනි පරිභෝජනය කරනා බව විය හැකියි. සීනි අතුරුඅස වර්ගවල පමණක් නොව එදිනෙදා අප ආහාරයට ගන්නා බොහෝ ආහාර පානවල විවිධ ස්වරූපයන්ගෙන් අඩංගු වනවා. විශේෂයෙන් සැකසූ ආහාර වල සීනි සංයුතිය ඉතා ඉහළයි. සීනි සම්පූර්ණයෙන්ම ආහාරයට ගැනීමෙන් වැළකීම ඔබට කිරිමට ඇතැම් විට අපහසු වුවත් අධික ලෙස සීනි පරිභෝජනය ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කල හැකියි.

එමනිසා අධික ලෙස සීනි ආහාරයට ගන්නවාදැයි හැඟවෙන සංඥා සහ එයින් වළකින මාර්ග පිළිබඳ දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් වනවා.

ශරීරය අප්‍රාණික බවක් දැනීම සහ දැඩි තෙහෙට්ටුව



ඔබ අධික ලෙස සීනි පරිභෝජනය කරන බවට පැහැදිලිව හඳුනාගත හැකි සලකුණක් වන්නේ නිරතුරු දැනෙන ශරීර අප්‍රාණිකත්වය සහ දැඩි වෙහෙසකාරි බවයි. සීනි මගින් අධික ශක්තියක් ලබාදුන්නත් එය තාවකාලික බැවින් ඉක්මනින් වෙහෙස දැනීම සිදුවනවා.. එමනිසා ඔබගේ දෛනික ආහාර රටාව පිළිබඳව සැලකිලිමත්වීමත් සැකසූ ආහාර, සෝඩා අඩංගු පානයන් සහ රසකැවිලි ආහාරයට ගැනීම සීමා කල යුතුයි.

සිරැරේ බර වැඩිවිම



සීනිවල තන්තු හෝ ප්‍රෝටීන් නොමැති අතර ඔබගෙ කුසට පිරුණු බවක් නොදැනේ.. එමනිසා තව තවත් ආහාර ගැනීමට අවශ්‍ය වනවා. එමනිසා නිතර ආහාර ගැනීමෙන් අධික කැලරි ප්‍රමාණයක් සිරැරට ලැබෙන අතර බර වැඩිවීම සිදුවේ. එමෙන්ම වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම සිරැරේ ඉන්සියුලින් හෝමෝන ශ්‍රාවය වේගවත් කරන අතර කාලයක් යත්ම එම හේතුව නිසා දෙවන වර්ගයේ දියවැඩියාව, ගර්භණී දියවැඩියාව සහ පූර්ව දියවැඩියා රෝග ඇතිවීමේ අවධානමද ඉහළ නංවනවා.


ඇබ්බැහි වීම



ඔබට නිතර නිතර පැණිරස කෑම පිළිබඳ ආශා හිතෙනවාද..? එසේනම් ඔබ සීනිවලට ඇබ්බැහි වී ඇතිබවට සලකුණකි ඒ. ඔබ නිතර නිතර පැණිරස කෑම දිගින් දිගටම එය ලබාගැනීමට පෙළඹවීමක් ඇති කරන්නකි. එමනිසා දැන්ම ඔබගේ සිල්ලර බඩු ලැයිස්තුවෙන් සීනි අඩංගු රසකැවිලි, බිස්කට් වැනි දෑ කප්පාදු කල යුතුයි.

සමේ ගැටළු



අධික ලෙස සීනි පරිභෝජනය කරන පුද්ගලයන් කුරුලෑ, දද, අධික තෙල් සහිත සම වැනි සම ආශ්‍රිත ගැටළු වලින් පීඩා විදිනවා. සිනි පරිභෝජනය අවම කල බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ සමේ තිබූ ගැටළු අඩු වූ බව පවසනවා. එමනිසා මසකට වරක් පමණ සීනි අඩංගු ඔබ ප්‍රියකරන රසකැවිලි ආහාරයට එක්කරගන්න.. අනික් දිනවල සීනි අඩංගු ආහාර සීමා කරන්න.

මානසික සංකූලතා



පැණිරස ආහාර නිසා රුධිරයේ සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහළ ගොස් නැවත ඉතා ඉක්මනින් පහත වැටීම සිදුවනවා. එය ඔබගේ මානසික තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර තාවකාලික මානසික ව්‍යාකූලතා ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි.

නිතර සීතල සහ උණ ගතිය දැනීම



ඔබගේ සීනි භාවිතය එහි උපරිම සීමාව කරා ළගාවී ඇතිබවට ඉදිරිපත්වන තවත් සංඥාවක් වන්නේ නිතර නිතර සීතල සමග ඇතිවන උණ ස්වභාවයයි. අධික සීනි පරිභෝජනය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර එමනිසා ඔබ නිතර රෝගාබාධයන්ට ගොදුරුවීමේ අවධානම ඉහළ යනවා.

සීනි දරාගැනීමේ හැකියාව ඉහළ යාම



අධික පැණිරස ඔබගෙ රස අංකුරයන්ට හානි කරනවා. ඒ හේතුවෙන් ඔබ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය දරා ගැනීම වැඩි කරනවා. එමනිසා නිතර නිතර අධික ලෙස සීනි පරිභෝජ්නයට පෙළඹ වෙනවා. නමුත් ඔබ ක්‍රමාණුකූලව සීනි පරිභෝජනය අඩු කිරීමෙන් කුඩා සීනි ප්‍රමාණයන්ගෙන් සෑහිමට පත්විය හැකියි.

අධික සීනි පරිභෝජනයෙන් වැළකීමට ඔබට කල හැකි දෑ..

සීනි අඩංගු පැණි බීම පානයන් සීමා කිරීම
හැකි සෑමවිටම නිවසේ සකසන ලද ආහාර ගැනීම
ක්ෂණික සහ කෙටි කෑම වර්ග සීමා කිරීම සහ ඒ වෙනුවට නැවුම් පළතුරු, ධාන්‍ය වර්ග සහ ඇට වර්ග ආදේශ කිරීම.
සකස් කරන ලද සීනි සහ අධික කැලරි අඩංගු පළතුරු යුෂ සීමා කිරීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2100 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:16 AM
Script:/article/2100/7-signs-that-indicate-you-are-eating-too-much-sugar.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:17 AM
Script:/article/2100/7-signs-that-indicate-you-are-eating-too-much-sugar.html