වයස 30න් පසු දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් ඔබ දැනගත යුතුම කරුණු

August 28, 2020
27,860
Things you should know if you are willing to get pregnant after 30
අද කාලයේ බොහෝ කාන්තාවන් හිතන්නේ තමන්ගේ ජීවිතයේ අවුරුදු 30 දශකය තමයි ගැබ් ගැනීමට සුදුසුම කාලය කියලා. ඒ, එම වයසේදී තමන්ගේ රැකියාවන් වල ස්ථාවර වී සිටින නිසාත්, මූල්‍ය ස්ථාවරත්වයක් ඇති නිසාත්, මාතෘත්වයේ අභියෝග වලට මුහුණ දීමට තරම් පළපුරුද්දක් සහ බුද්ධිමත් බවක් ද තිබෙන නිසා වෙනුයි. මූල්‍ය ස්වාධීනත්වය, රැකියා සුරක්‍ෂිතතාවය සහ ප්‍රමාද වූ විවාහයන් වලට ස්තුතිවන්ත වන්නට කාන්තාවන් මේ වයසේදී පෙරට වඩා දරුවන් ලැබීම ගැන ද සලකා බලනවා. කොහොම වුණත් 30 වෙනි වයස් සීමාවට පස්සේ කාලයේදී නම් ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වීමට පටන් ගන්නවා. ඒ, ජෛව විද්‍යාත්මක වෙනස්කම් හේතුවෙන්. ඔබේ ගැබ් ගැනීම ප්‍රමාද කිරීම ගැන ඔබ කල්පනා කරලා තියනවා නම් ඒකේ වාසි සහ අවාසි සලකා බලන්නට ඔබටත් අවශ්‍ය ඇති. ඒ දේවල් සොයා බැලීමෙන් පමණක් එම තීරණය ගන්න. මෙම ලිපියෙන් අපි වයස 30 ගණන්වලදී ගැබ් ගැනීම නිසා ඔබට ඇති වෙන්න පුලුවන් සියලුම ගැටලු වලට පිළිතුරක් ලබා දෙන්න උත්සාහ කරනවා. වැඩි විස්තර දැනගැනීමට කියවන්න...

ඔබේ වයස 30 ගණන්වලදී තියෙන ගැබ් ගැනීමේ අවස්ථා

වයස අවුරුදු 30 (30-34) න් පස්සේ කාන්තාවකට සාර්ථක ගැබ්ගැනීමේ සම්භාවිතාව 86% ක් තරම් ඉහළ අගයක පවතිනවා. නමුත් අවාසිය තමයි ගබ්සා වීමේ අවදානම ද 20% දක්වා ඉහළ අගයක තිබීම. බොහෝ අවස්ථාවන් වලදී අඹු සැමියන්ට ඔවුන්ගේ වයස 30 ගණන්වල මුල් අවධියේදී සරු බව සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් වෛද්‍යවරුන් යෝජනා කරන්නේ එම වයසේදී දරුවෙක් බිහි කරන්න සැලසුම් කරනවා නම් කාන්තාවක් නාරිවේද විශේෂඥයෙක් අනිවාර්‍යෙන්ම හමු වෙන්න ඕනේ කියලායි.

ළදරුවෙක් බිහි කිරීම සඳහා උත්සාහ කරන බොහෝ කාන්තාවන්ට මාසයක් තුළදී පිළිසිඳ ගැනීමට 15-20% ක අවස්ථාවක් ඇති අතර සමහරුන්ට (30% කට පමණ) වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන්න පුලුවන්. ඔබ මාස 6 ක් තිස්සේ ඒ සඳහා උත්සාහ කරලා තියනවා නම් විශේෂඥයෙක් හමුවීම වඩා හොඳයි. බොහෝ අවස්ථාවන් වලදී වයස 30 ගණන්වල කාන්තාවන්ට, විශේෂයෙන් වයස 30 ගණන්වල අගභාගයේ ඉන්න කාන්තාවන්ට Vitro Fertilization (IVF) ප්‍රතිකාරය අවශ්‍ය වෙනවා.

ඔබේ වයස 30 ගණන්වල අග භාගයේදී ගැබ් ගැනීමට ඔබට හැකියාවක් නොතිබුණොත් ඒ ගැන කරදර වෙන්න ඕනේ නෑ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවට ස්තූතිවන්ත වන්නට දැන් ඔබට වයස අවුරුදු 40 පිරෙනකල් ඔබේ ඩිම්බ සංරක්ෂණය කරන්න පුලුවන්. ඒ ක්‍රමයෙන් ඔබේ වයස 40 ගණන්වල මැද භාගයේදී පවා ගැබ් ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඔබේ වයස 30 ගණන්වල දරුවෙක් පිළිසිඳ ගැනීමේ වාසි සහ අවාසි

දරු පවුලක් ආරම්භ කිරීම කල් දැමීමට ඔබ අදහස් කරනවා නම්, ඒ ගැන දැනුවත් වෙලා තීරණයක් ගැනීමට ඔබට උපකාරී වන කරුණු කිහිපයක් මෙන්න :

වාසි
වයස අවුරුදු 30 න් පසුව දරුවෙක් ලැබීමේ වාසි පහත දැක්වෙනවා :

මූල්‍ය ස්ථායිතාව - 
සමහර විට කාන්තාවන් වයස අවුරුදු 30 දී දරුවන් හදන්න තීරණය කරන්න තියන ලොකුම හේතුව මේකයි. බොහෝ කාන්තාවන් 30 ගණන්වලදී ඔවුන්ගේ රැකියාවේ ස්ථාවර වෙලයි ඉන්නේ. ඒ නිසා කාන්තාවන් 30 ගණන්වලදී වයසින් වැඩිලා, ඥානවන්‍තයි, මුදල් ඉතිරි කිරීමට සහ වඩා හොඳ මූල්‍ය තීරණ ගැනීමට හැකියාවක් ද සහිතයි. මිල අධික ළදරු භාන්ඩ, ඩයපර්ස්, ආයම්මලා අරගන්න එක එතකොට ගැටලුවක් වෙන්නේත් නෑ.

සබඳතා ස්ථාවර වීම - 
වයස 30 ගණන්වල පසු වෙනකොට ගොඩක් කාන්තාවන් ස්ථාවර, සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකයි ජීවත් වෙන්නේ. බොහෝ කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ව දැන හඳුනා ගැනීමට සහ තමන්වම සොයා ගැනීමට, හඳුනා ගැනීමට විවාහයෙන් වසර කිහිපයක් යනකල් කාලය ගත කරන්න කැමැත්තක් දක්වනවා. ඔබත් විවාහයක මුල් වසර කිහිපය තුළ ඇති වන දුෂ්කරතා හා ගැලපීම් සමඟ කොයි තරම් ආතතියට පත් වෙයිද කියලා සිතා බලන්න. හසුරුවා ගන්න ඕනෑවට වඩා කරුණු කාරණා තියෙයි.

වඩා පළපුරුද්ද - 
ඔබේ වයස අවුරුදු 23 දී ඔබ මොන වගේ කෙනෙක් ද කියලා නැවත සිතා බලන්න. ඔබ ඔබේ වයස 30 ගණන්වල පසු වෙනකොට ඔබ සංචාරය කරමින්, වැඩ කරමින්, වගකීම් දරමින් ජීවත් වෙමින් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගෙන ඇති. ඒ නිසා ඔබ දැන් ඥානවන්තයි සහ සන්සුන්. ඒ නිසා ඔබේ දරුවාට වැඩි සහයෝගයක් ලබා දෙන්න පුලුවන්.

සහායක කණ්ඩායමක් සිටීම -
ඔබට වයස අවුරුදු 25 දී දරුවෙක් හැදුවා නම් බොහෝ කාන්තාවන් අවුරුදු 30 හෝ ඊට වැඩි වෙනකල් ගැබ් ගැනීමට බලා සිටින නිසා ඔබේ මිතුරන් අතර සිටින එකම මව ඔබ වෙන්න පුලුවන්. ඊළඟට ඔබේ ගැටලු වලට උපදෙස් ලබා ගැනීම සඳහා දුවන්න වෙන්නේ ඔබේ දෙමව්පියන් වෙත හෝ වෙනත් වැඩිහිටි කාන්තාවන් වෙතටයි. නමුත් වයස අවුරුදු 30 දී ඔබ දරුවෙක් හැදුවොත් ඔබේ සහායක කණ්ඩායම බොහෝ දුරට එකම වයසේ හා සමාන මනසක් ඇති මව්වරුන්ගෙන් සමන්විත වෙනවා.

ඔබට තරුණ පෙනුමක් සහ තරුණ හැඟීම් තිබෙයි - 
බොහෝ මව්වරුන් පිළිගන්න දෙයක් තමයි දරුවන් ලැබීම නිසා වයසට යාම වේගවත් වෙන බව. ඒ නිසා 30 ගනන් වලදී බොහෝ දෙනෙක් ළදරුවන් බිහි කිරීමට තීරණය කරනවා.


අවාසි

වයස අවුරුදු 30 න් පස්සේ දරුවෙක් ලැබීමේදී ඔබට ලැබෙන වාසි එහෙම වුණත්, ඔබට මුහුණ දෙන්න සිදු වන දුෂ්කර අවස්ථා කිහිපයක් ද තිබෙනවා. ඒ නිසා මේ කාරණා ද ඔබේ මනසේ තබා ගැනීම වඩා හොඳයි. එතකොට ඔබ එම තත්ත්වයන් සඳහා සූදානම් වෙන්න පුලුවන් වගේම මෙම ගැටලු නිසි ලෙස කළමනාකරණය කර ගන්න ද පුලුවන් වෙනවා. වයස අවුරුදු 30 න් පස්සේ උදා වෙන පොදු ගර්භණී සංකූලතා කිහිපයක් මෙන්න :

පිළිසිඳ ගැනීමට වැඩි කාලයක් ගත වීම : 
වයස අවුරුදු 30 න් පස්සේ සමහර කාන්තාවන්ට පිළිසිඳ ගැනීම දුෂ්කරතා මතු වෙන්න පුලුවන්. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ කාන්තා ශරීරය පරිණත වෙනකොට ඩිම්බකෝෂ වඩාත් අස්ථිර වීමයි. එහිදී ඩිම්බ සංඛ්‍යාව සැලකිය යුතු විදිහට පහත වැටෙන අතර මුදා හරින ඩිම්බ වල ගුණාත්මකභාවය ද අඩු වෙන්න පටන් ගන්නවා. මෙම සියලු සාධක ඔබේ සරු බව හීන වෙන්න හේතු වන අතර ඒක සුව කිරීමට ද වැඩි කාලයක් ගත වෙයි.

ජීවන රටාවේ සෞඛ්‍ය ගැටලු : 
ඔබ වයසින් වැඩෙනකොට තයිරොයිඩ්, දියවැඩියාව, තරබාරුකම සහ අධි රුධිර පීඩනය වගේ බොහෝ වෛද්‍ය ගැටලු ඔබට සහ ඔබේ දරුවාගේ සෞඛ්‍යයට බලපාන්න පුලුවන්. මෙම තත්වයන් නොමේරූ දරු ප්‍රසූතියකදී අවදානම වැඩි කරනවා.

ගර්භණී සංකූලතා වර්ධනය වීම : 
ගර්භණී සමයේදී ඔබට ගර්භණී දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇතිවීමේ වැඩි අවදානමක් තියනවා. ඒ සඳහා ඔබ දැඩි ආහාර සැලැස්මක් අනුගමනය කරන්න ඕනේ. ව්‍යායාමත් කරන්න. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට ඔබේ නාරිවේද විශේෂඥයා හමුවන්න.

සිසේරියන් (C-section) සැත්කම් කිරීමට සිදුවන හේතු: 30 ගණන්වල ගැබ්ගැනීමේ සංකූලතා වලට පහත සඳහන් කරුණු නිසා දරුවා බිහි කරන වෙලාවේදී දුෂ්කර බවක් හෝ වේදනාවක් දැනීම වගේ ගැටළු ඇති වෙන්න පුලුවන්. ඒ මේ නිසායි :
*ගැබ් ගෙල නිසි ලෙස විවෘත නොවීම.
*ළදරුවාගේ චලනයන් නිවැරදි නොවීම.
*හැකිලීම දරුවා පිටතට ගැනීමට තරම් බලවත් නොවීම.

ගබ්සා වීමේ වැඩි අවදානම්: 
වයස අවුරුදු 30 ගණන්වල ගර්භනී කාන්තාවන්ගේ ගබ්සා වීම් හා දරු ප්‍රසූති අවදානම් වැඩියි. ඩිම්බ වල ගුණාත්මකභාවය, වයස සහ ජීව විද්‍යාත්මක සීමා වගේ සාධක කිහිපයක් නිසා ද වයස අවුරුදු 30 න් පසුව ගබ්සා වීම් හට ගන්න හේතු වෙන්න පුලුවන්.

ඔබේ දරුවාගේ සෞඛ්‍යය: 
30 ගණන්වල ගැබ් ගැනීමකින් දරුවාගේ සෞඛ්‍යයට වැඩි අවදානමක් ඇති වෙන්න පුලුවන්. වැඩිහිටි කාන්තාවන්ට උපත ලැබූ ළදරුවන් බොහෝ විට ඩවුන් සින්ඩ්‍රෝමය හෝ කොඳු ඇට පෙළේ දෝෂ වගේ ජානමය ගැටළු ඇතිවීමේ අවදානම දරනවා. ඒ නිසා නාරිවේද විශේෂඥයින් විසින් දරුවා නිරෝගීව සිටින බව තහවුරු කර ගැනීම සඳහා amniocentesis සහ regular ultrasounds වගේ පූර්ව ප්‍රසව පරීක්ෂණ පවත්වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1803 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:03:12 PM
Script:/article/1803/things-you-should-know-if-you-are-willing-to-get-pregnant-after-30.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:03:13 PM
Script:/article/1803/things-you-should-know-if-you-are-willing-to-get-pregnant-after-30.html